Artwork for Better Parenting Top Banner 1
Artwork for Better Parenting Top Banner 2

4/5

The Blue Swan

12A, Greenlands Avenue, Colombo 5


Hansa Coffee is a great place for original Hansa coffee and chocolate, and brownies. It's an affordable, cosy coffee lounge.



දැන්දැන් කොළඹ කෝපි කඩ වැහි වැහැලා. අලුතෙන් පටන්ගත්ත කැෆේ කීපයක් ගැන විස්තර පහුගිය දවස්වලත් කිව්වා ඔයාලට මතක ඇති. හැබැයි අලුත් දේවල් කොච්චර ආවත්, ඉස්සර අපි ආසාවෙන් ආව ගිය තැන් ටික අමතක කරන්න බැහැනේ. කාලෙකින් නොගියපු හංස කොෆී එක පැත්තේ යන්න මම හිතුවේ ඒකයි.

තැන

මේක තියෙන්නේ තිඹිරිගස්යායේ ෆයිෆ් පාරේ. අර අපි පහුගිය දවසක කියපු බෙලිසීමෝ එක තියෙන්නේ හරියට ම මේකේ ඉස්සරහ පැත්තේ. අපරාදේ කියන්න බෑ ෂෝක් කැෆේ එක. හරියට නිකන් ගෙදරක් වගේ. බිත්ති පුරා පින්තූර එල්ලලා හැඩ කරලා. කුෂන් පුටු මේස ටිකක් පිළිවෙළට අහුරලා තියෙන නිසා හත් අටදෙනෙක්ට එක සැරේ කෑම ගන්න ඇහැකි.  ළාවට ප්ලේ වෙන මියුසික් එක හැරෙන්න වෙන කිසි සද්දයක් නැහැ. පාඩුවේ තමන්ගේ වැඩක් කරගන්න පුළුවන් විදියේ වාතාවරණයක් තියෙනවා.

කෑම බීම

මෙතැන කෑම බීමවලට පාවිච්චි වෙන කෝපි, චොකලට් දෙවර්ගය ම හැදෙන්නේ හංස කොෆී එකෙන්මයි. ඒ නිසා සාමාන්‍ය කැෆේ එකකට වඩා ලොකු වෙනසක් දැකගන්න පුළුවන්. අපි රස බලපු “චොකලට් ප්‍රෝටීන් ෂේක්” (රු.350) එකෙන් බිව්ව පළමුවෙනි උගුර ම ඇති ඒකට සාක්කි කියන්න. බොහොම තද චොකලට් රසක් තමයි මේකේ තිබුණේ. සීනි දාලා තිබුණේ නියම ගානට. ඒ නිසා චොකලට්වල රස තවත් හොඳින් දැනුණා. උකු ගතිය හොඳට තිබුණු එකත් තවත් හොඳ සලකුණක්. ඕනේ නම් මෙයාලගෙන් හංස චොකලට් බාර් ගන්නත් පුළුවන්. රුපියල් 500ට පාඩුවකුත් නැහැ. මොකද 90%ක් ම කොකෝවානේ.

හංස කොෆී එකේ කෝපිවල රස කියන්න, අපි ඕඩර් කරපු “කැපුචිනෝ” (රු.260) එක ම ඇති. හොඳ රසක් වගේ ම සුවඳක් තියෙන මේ කැපුචිනෝ එකට සීනි තේ හැඳි දෙකක් දාගත්ත නම් ඇති.

කෝපි, චොකලට් බීම හැරුණා ම, හංස කොෆී එකේ තියෙනවා හොඳ සැන්විච් වර්ග කීපයක් ම. ඔය අතරින් අපි තෝරගත්තේ “චීස් ඇන්ඩ් ටෝමැටෝ සැන්විච්” (රු.350) එකකුයි, “ඩාක් චොකලට් සැන්විච්” (රු.300) එකකුයි.

චීස් ඇන්ඩ් ටෝමැටෝ සැන්විච් එක පට්ට. බටර් ගාලා ටෝස්ට් කරපු පාන් පෙති දෙකක් මැද්දට, තක්කාලි, අමු මිරිස් යහමින් පුරවලා තිබුණු මේ සැන්විච් එකේ චීසි ගතිය ඕනේ තරම්. මොකද මොස්රෙල්ලා චීස් දාලා තිබුණනේ මදි නොකියන්න. මේක කාලා කෝපි එකක් බිව්වා කියන්නේ උදේ වරුවට හොඳටෝ ම ඇති.

ඇත්ත ම කිව්වොත් ඩාක් චොකලට් සැන්විච් එක අපි ඕඩර් කළේ හංස කොෆී එකේ චොකලට්වලට රස වැටුණු හින්දමයි. ටෝස්ට් කරපු පාන් පෙති දෙක මැද්දේ තරවපු චොකලට් ටික පාන් පෙති එක්ක ටෝස්ට් වුණා ම එන ළා රෝස්ට් රස තමයි මරු!

අපි තව ගත්තා චීස් කේක් (රු.400) කෑල්ලකුත්. හැබැයි මේක ඇත්තට ම ගැටෝ කේක් එකක් වගේ. උඩින් දාලා තිබුණේ ෆ්‍රෙෂ් ස්ට්‍රොබෙරීස් සහ අඹ. කේක් එක ගොඩක් සොෆ්ට්. ලොකු පැණි රසකුත් නැහැ. කේක් නම් චොකලට් කියලා ඉන්න කෙනෙක්ට නම් මේක හරි යන්නේ නෑ. හැබැයි කේක් කිව්වොත් ඕනේ දෙකට හා කියන කෙනෙක්ට මේක හොඳට ගැලපෙනවා.

සර්විස් එක

අපි මෙතැනට ගොඩ වුණේ කැෆේ එක ඇරලා විනාඩි 30කින් වගේ. හැබැයි මෙනුවේ තියෙන සේරම කෑම ගන්න තිබුණා. කෑම බීම සේරම මේසෙට ආවේ විනාඩි 15ක් වගේ ඇතුළත. කවුන්ටරේ ඉන්න අක්කා ම තමයි මේවා හදන්නෙත්. අපට තේරුණු විදියට මෙතැනට හැමදාම එන්න පුරුදු වෙලා ඉන්න අයත් ඉන්නවා. මොකද හොඳ ස්පීඩ් එකට වයි-ෆයිත් තියෙනවනේ.

අවසාන වශයෙන්

හංස කොෆී කියන්නේ ලංකාවේ තියෙන අනිත් කැෆේවල වගේ ලොකු ගාණක් වියදම් කරලා ෆැන්සි විදියට කන්න පුළුවන් තැනක් නෙවෙයි. හැබැයි ගෙදර හදනවා වගේ රස සැන්විච් එක්ක, හොඳ කෝපි උගුරක් බොන්න මේක නියම තැනක්.


TIP

You can't go wrong picking a chocolatey drink here.
All Reviews

Hansa Coffee has been renamed as The Blue Swan.

We've always been a fan of Hansa's toasties, coffee and chocolate based drinks, and it's nice to see how they've kept their game strong even during a time when new cafes are popping every corner in town. 

Hansa Coffee is a great place for original Hansa coffee and chocolate, and brownies. It's an affordable, cosy coffee lounge.

This little coffeeshop on Fife road is really a breath of fresh air. More accurately, a breath heavy with the scent of freshly brewed coffee. It's really just a hole in the wall but its lack of pretension, excellent local coffee and reasonable prices (Rupees 100-200 for any conceivable sort of coffee) are a slap in the face to Colombo’s larger, overpriced mediocrity-peddling, Starbucks imitation coffee houses.

සිංහල අපි මෙතැනට ගොඩ වුණේ කැෆේ එක ඇරලා විනාඩි 30කින් වගේ. හැබැයි මෙනුවේ තියෙන සේරම කෑම ගන්න තිබුණා.

සිංහල ෆයිෆ් පාරේ පිහිටි මේ පුංචි කෝපිහල ඇත්තෙන්ම නැවුම් හුස්මකි. වඩාත් නිවැරදිව කියනවා නම් වත් කරන ලද ඉස්තරම් නැවුම් කෝපි සුවඳින් බර හුස්මකි. එය බිත්තියේ සිදුරක් වැනි පුංචි ඉඩකි. එහෙත්, බොරු සෝබන නැති එහි කදිම දේශීය කෝපි සාධාරණ මිලට ඇත. (ඕනෑම සිතාගතහැකි කෝපි වර්ගයක මිළ රු‍. 100ත් 200ත් අතර වේ.) එය ඇත්තෙන්ම කොළඹ සුවිසල් හීනමානී ස්ටාර්බක්ස් අනුකරණ කෝපිහල්වලට නියම කම්මුල්පාරකි.

Address

12A, Greenlands Avenue, Colombo 5

Directions

Contacts

E-Mail Facebook Website

Report Inaccuracy

Have you visited this place?

Write your own review!
See 10 Comments