Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

4/5

Harpo's Pizza

30, De Seram Road, Mount Lavinia


The newest addition to Harpo' s Pizza is now opened at the suburbs of Mount Lavinia.



ඉටෑලියන් ම කන්න ඕනලු. ඒකත් අනම්මනම් නෙවෙයි, පීසයි පැස්ටයි ම ඕනලු. මට නේද…

ඇයි හත්දෙයියනේ, මනුස්සයෙක් වුණාම දෙන දෙයක් කන්න පුරුදුවෙන්න එපැයි. ඊටත් ඉඳල හිටල හරි පොඩ්ඩක් එළියට එක්කගෙන ගිහින් හැපනින්ග් එකක් දාන්න හැදුවාම, මෙතන මරාගෙන කන්න හදනවනෙ.

කවුද ඉතින්…

අපේ යාළුවො සෙට් එක තමයි!

“ඒ… බුද්ධියා”

“හා… ගනින් ගනින් ඕන මගුලක් මෙතන ලව් කරන්න එන්නෙ නැතුව. කොහොමත් ඉතින් මම ගෙවන්න එපැයි තොපිටත් එක්ක.”

“හම්මේ.. මගෙ රන් කඳ. ඒනම් මට සලාමි චොරිසෝ බාගයයි (රු. 1250), ටොරිනෝ බාගයයි (රු. 1050) ලාර්ජ් පීසා එකක් හොඳේ.

උඹයි මායි බෙදාගෙන කමු ඒක. හී...” එකෙක් කියනව.

“ඒ මම පැස්ටා පාරක් දාන්නද බං. මේ… ග්‍රැන්චියෝ අගොස්ටා (රු. 1350) කියල තියෙන එකෙන්. ඒකෙ ක්‍රැබ් ලොබ්ස්ටර් දෙකම තියෙනව.”

“පැස්ටා..

පාරක්…

පාරක් බැරි නම් දෙපාරක් දාගනින්. ඉක්මනට ඕඩරේ දාපං. අර මනුස්සය බලාගෙන ඉන්නව ඕඩරේ ගන්න.” අනිත් එකා.

“හා හා.. කේන්ති ගන්න එපා ඉතින්.

මල්ලි අපිට ගේන්නකො මේ පීසා එකයි, පැස්ට එකයි…” යාළුව මෙනුව පෙන්නල නම්බර්ස්වලින් ම කිව්ව. ඒ අතරට මාත් මොනවහරි කන්න එපැයිනෙ කියල දැම්ම ෆොමැගි (රු. 1075), ෆෝ චීස් (රු. 1325) හාෆ් හාෆ් පීසා එකක්.

දාලා..

බොන්න හෝම් මේඩ් ජින්ර් බියර් (රු. 350) එකකුත් ඕඩර් කරලා... බර ෆෝන් කෝල් එකකට සෙට්වුණා කියන්නකො.

දන්නැද්ද ඉතින් අපිට කෝල් ආවාම, හතර වටේ ඇවිදිනවනෙ. වැඩේ කියන්නෙ එහෙම ඇවිදල ඇවිදල මම ගේට්ටුව ළඟටත් ගිහින්. වැඩේ තියෙන්නෙ එහෙම ගිහින් ආපහු එද්දිනෙ, අපේ පෝරිසාදයො දෙන්න දෙසාබාන්න පටන් අරගෙන හිටු කියල. කෑදරකම කියන්නෙ උණු උණුවෙ කන්න ගිහින් එකෙක් කටත් පුච්චගෙන.

“හොඳ වැඩේ බොලට. නිකමට කතාකළාද කියාන්කො මට.”

“කතාකරන්න! කතාකරන්න තෝ ඉන්න එපැයි. අන්න අහරෙ ගේට්ටුවෙනුත් එළියට ගිහිල්ල... ආ දැන් ඒවා අවුලක් නෑ වාඩිවෙයන්කො කන්න”

සත්තයි, එච්චරයි යාළු මතක. ඉස් ඉස්සෙල්ලාම කියල අතට ගත්තෙ සලාමි චොරිසෝ පෙත්තක්. සැහ්! ඒකෙ රහ. උණු උණුවෙන් නිසා තවත් මරු. හැබැයි එකක් කියන්න ඕන. ඇත්තටම පීසා එකෙන් බලාපොරොත්තු වුණ රහ ම නම් ඒකෙ තිබ්බෙ නෑ. හොඳ හැටි තක්කාලි, මොසරැල්ල දාලා තිබ්බට මෂ්රෑම් එහෙම සෑහෙන්න මදි. ඊටත්... සලාමි පෝර්ක්! ඉටෑලියන් සලාමි කියල තිබ්බට ඒකෙත් රසේ මොකක්දෝ අඩුවක් තිබ්බ.

අන්න ඒකට, ටොරිනෝ… හම්මෝ, ඒක නම් සුප්ප.ටබැස්කෝ ටිකකුත් දාලා ගත්තාම පංකාදු පහයි. ඇයි ඉතින් බීෆ් හැම්, කීමා, චිකන් එක්ක පෙපරෝනි, ටොමැටෝත් පදමට දාලා මොසරැල්ල චීසුත් බේරන ගානටනෙ. හිතන්නකො රස්නෙට මෙළෙක් වෙච්ච චීස් එක්ක රස වෑහෙන රෝස්ට් හැම්, ෆ්‍රයිඩ් චිකන්, පදම් කරපු කිමා තලු මර මර රස බලද්දි...

වැඩිය ඕන නෑ, අපේ එකා එපා කියල මැරෙන්න හදද්දි මම ඒකෙන් ම කෑවා පෙති දෙකක්, දෙකහමාරක්. ඒ තරම් රසයි ඕං!

ඊට පස්සෙ තමයි නිකමට වගේ අනිත් යාළුවගෙ පැස්ටා එකට හොට දැම්මෙ. ඒකෙත් වෙන දෙයක් නිසා නෙවෙයි, හොඳ සීෆුඩ් සුවඳක් ආපු නිසා.

කිව්වට... කටක් දෙකක් කෑවමනෙ, පිස්සු හැදෙන්නෙ. ක්‍රැබ්, ලොබ්සටර් දාලා තියෙනව හොඳ ෆ්‍රෙෂ් බඩුවලින්. අනික ලොකු පැස්ටා ඇතුළට ඒවා පුරවල, චීස් එක්ක තක්කාලිත් හොඳ හැටි උඩින් දාලා.. සුප්ප පැස්ටා එක ඈ. ඒ විතරක් නම් බැරියැ, ඒකෙ සයිස් එකේ හැටියට දෙන්නෙක්ට වුණත් ඇති ගානයි.

කොහොම කොහොම හරි චීසුයි මසුයි කාලා පිම්බිලා ඉඳපු මම පොඩි ගැම්මක් ගත්තෙ මෙයාලගෙ ජින්ජර් බියර් එකෙන් උගුරක් බීලා. ඇත්තටම, ටොප් ජින්ජර් බියර් එක. ඉඟුරු එහෙම දාලා තියෙනව මදි නොකියන්න. මගෙ හිතේ රස කාරක පොඩ්ඩක් එහෙමත් නොදැම්ම වෙන්න බෑ. ඒත් කූල් එකත් එක්ක… ඒක නම් පට්ට!

විනාඩි පහක දහයක බ්‍රේක් එකකට පස්සෙ මම අතට ගත්ත ඉතුරුවලා තිබ්බ ෆෝචීස් එකෙන් කෑල්ලක්. ඒ වෙද්දි ඒකෙ ලොකු රස්නයක් තිබ්බෙත් නෑ. ඉතින් සෝස් ටිකකුත් දාගෙන එහෙම තමයි රස බලන්න පටන් ගත්තෙ.

හප්පේ.. ඒක! කට ඇලෙන ගාණට චීස්. මොසරැල්ල, රිකොට්ට, බ්ලූ, පාමෙසාන් ඇති හැටියට. ඔක්කොම මෙළෙක් වෙලා.. කට වටේම! වැඩේ කියන්නෙ ෆෝ චීස් එකට හැම් පෙති ටිකකුත් දාලනෙ. ම්ම්… ඒත් හැම්වලින් නම් එච්චරම ලොකු රසක් සෙට් වුණේ නෑ. හැබැයි ඉතින් ෆෝ චීස් නිසා… වැරැද්දක් කියන්නත් බෑ, හ්ම්…

ඒ පෙත්තෙන් ඉතින් බාගයක් කාගෙන යද්දිම, මම ඩවුන්.

“අඩෙහ් මට නම් තව බෑ බං. බොලට ඕන නම් කාපන් නැත්නම් ගෙනියන්න හරි ගනිං.”එච්චරයි කිව්වෙ. කියල එහෙම්මම එළිමහන් භෝජනාගාරයෙ කැලෑ රොදට කිට්ටු වෙන්න තිබ්බ දිග බංකුවෙ පෝ..ඩ්ඩක්! දන්නැද්ද, කාලා වැඩියිනේ...


TIP

Try Torino!

Address

30, De Seram Road, Mount Lavinia

Directions

As you pass Mount Lavinia junction, it is just there on the land side.

Contacts

Website Facebook

Report Inaccuracy

This place has closed down

Cuisine

Italian

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Pasta Pizza

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
4
Similar Places

User Reviews
A
1

3/5

0

Anoymous

If it is so good according to you, then why would they close down the place? 🤣🤣🤣

N
1

5/5

0

NayaniEeshadhi

greater than pizza hut… it takes 45 minutes to deliver…

Avatar for damieanyamu
3

4/5

2

damieanyamu

But in my opinion, Giovanni's is still the best pizzeria in Colombo. #quality #quantity #cost wise.

A
1

3/5

0

Anoymous

If it is so good according to you, then why would they close down the place? 🤣🤣🤣

N
1

5/5

0

NayaniEeshadhi

greater than pizza hut… it takes 45 minutes to deliver…

Avatar for damieanyamu
3

4/5

2

damieanyamu

But in my opinion, Giovanni's is still the best pizzeria in Colombo. #quality #quantity #cost wise.

See 3 Comments