Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2

4/5

Havi Restaurant & Bar (Thalahena)

No. 743/57, Thalangama North, Thalangama, Baththaramulla


A nice place to get booze with an antique surround.



බින්දුවයි හත්දාස් හත්සිය හැත්තැ හත නොම්මරයක්?

මොකාද යකෝ මේ. මගෙ ලිස්ට් එක හතරමායිමකවත් ඉඳල නෑනෙ මේ වගේ නොම්මරයක් තියෙන එකෙක්.

“හලෝ..ව්”

“අඩෝ බුද්ධියා…”, සුපුරුදු කටහඬක්?

“මම මේ දසුවා බං! මොකෝ වෙන්නෙ ඉතිං. පෙරේදා බං නැවෙන් බැස්සෙ. තාම මේ, කට්ටියට කෝල් ගහන ගමන්”

“අඩෝ දසුවා… තද තද යකෝ. උඔ ආවා කිව්වමත් සතුටුයි බං. ඉතිං ඉතිං… කියපන්කො”

“මේකයි බං සීන් එක. රටින් ගෙනාපු බඩු ටිකකුත් තියෙනව. ඒත් මම බැලුවෙ අදට, පොඩි පාර්ටියක් දාලා වීක් එන්ඩ් එකේ ලොකු පාර්ටිය දාන්න. නැත්නම් කට්ටියගෙන් විසුමක් වෙන්නෙ නෑනෙ බං.

ඒක නෙවෙයි, මොකෝ කියන්නෙ, උඹ අද හවසට ෆී ද?”

එතනින් එහාට ඉතින් කියන්න ඕන නෑනෙ යාළු. යාළුවෙක් බොමු කිව්වාම, වැඩ තිබ්බත් එකයි අපිට නැතත් එකයි.

සෙනිකව ලැප්ටොප් එක බෑග් ගත කරපු මම බම්බ වලින් බස් එකට නැග්ගෙ යාළුවට බත්තරමුල්ලට එන්න කියල. මොකද එහෙම්මම ඔය කිට්ටුව පාත තියෙන රෙස්ටුරන්ට් එකකට යන්න පුලුවන්නෙ.

රාජගිරිය කොටා රෝඩ් එකේ, නොනිමි ට්‍රැෆික් එක අස්සෙ, එහෙන් මෙහෙන් දාලා ආවත්, අපිට තලාහේනට එන්න විනාඩි 20ක් විතර ගියා. වෙලාවට, හාවි කාර් පාර්ක් එකේ ඒ හැටි වාහන තිබුනෙ නෑ. අනේ වාසනාවන් කියල දඩි බිඩියට, බයිසිකල් දෙකක් මැද්දෙන් කාර් එක රිංගවපු අපි සෙනිකව ඇද්දෙ බාර් එක ඇතුලට.

ටිකක් අඳුරු ප්ලේස් එකක්. හැබැයි අරක්කු වීදුරුවක් තොල ගාන්න නම් කියාපු. අනික, මරු ඇන්ටික් ගතියකුත් තියෙනව. ලී මේස දාලා, ඒසී. කරල හදල තිබ්බට බිත්තියෙ ගහල තියෙන ටීවී. එක නම් නොතිබෙන්නයි තිබුනෙ. මොකද ඒකෙ, එක පේළියට යන්නෙ අර අළුත් ඉන්දියන් කතා ටිකනෙ.

අපි, වට පිටාව පිරික්සන අතරෙ, දන්නෙම නෑ සේවක මිත්‍රයෙක් අපේ මේසෙ ලඟ. කෑම මෙනුවකුයි, බීම මෙනුවකුයිත් අතේ අරගෙන, ලස්සන හිනාවකුත් දාගෙන...

“මොනවද සර් ගේන්නෙ?”

“හ්ම්.. අපිට ගේන්නකො DD, 100යෙ ෂොට් 2කුයි (1ක් රු. 360යි) හාවි සීෆුඩ් රයිස් එකකුයි (රු. 750). ආ.. පෝර්ක් ඉස්ටු එකකුත් (රු. 790) ගේන්න”

“ඒ.., එතකොට හරිද, මම කන්නෙ මොනවද? මම මස් කන්නෙ නෑ යකෝ. ගේන්න මල්ලි චීස් ඔම්ලට් එකකුත් (රු. 550)”

කිව්වට විශ්වාස කරන්න යාළු, මාත් එක්ක ආපු එකා බාගෙට වෙජි කියල, මට අමතක වුනා කියන්නකො.

එහෙන් මෙහෙන් රවුම් කරල ඒ සීන් එක නම් ගොඩ දාගත්තට මොකද, මම කල්පනා කලේ මස් නොකා මේකා කොහොමද බොන්නෙ කියල.

කොහොම හරි නැව් කතා, පිටරට විස්තර, අතරින් අපේ චැට් දිගට දිගට ඇදෙද්දි, ඉස්සෙල්ලම මේසෙට ආවෙ DD ෂොට් 2ක. ඒ එක්කම වගේ රයිස් එකත් ආවා. හැබැයි පෝර්ක් ඉස්ටු එකයි, චීස් ඔම්ලට් එකයි නම් ආවෙ ටිකක් පරක්කු වෙලා, විනාඩි 10ක් විතර.

කියන්න සන්තෝසයි යාළු, පරක්කු වෙලා මේසෙට ආවත් පෝර්ක් එකේ රස නම් පංකාදු පහයි. බෝතල් ගැහිල්ල කෙසේ වෙතත් කෑම මේසෙකට අරින්න නම් කියාපු. මිරිස් තුනපහ, ගම්මිරිස් ලුණු ඇඹුල් ටික නියම පදමට දාලා, නෙවෙයි කැරට්, ගෝවා, බෝංචි, මාළු මිරිස් මදි නොකියන්න දාලා... වැඩේ කියන්නෙ ඒ අතරට පෝර්ක් කෑලිත් 10ක්, 12ක්මනෙ. ඒකෙත්, තෙල් කෑලි නැති ගාණයි නිසා රස කර කර කන්න පුලුවන්. විශේෂයෙන්ම කියන්න ඕන, පෝර්ක් ඉස්ටු එකේ හොද්දත් පට්ට රසයි. පාන් ගෙඩියක්, ගේමක් නැතුව කන්න පුලුවන් තරම්.

ඉස්ටුවෙ වටිනකම දෙගුණ තෙගුණ වෙන්නෙ මික්ස් රයිස් එකත් එක්ක රස පදමට ගැලපෙද්දි. හැන්දට ගන්න, කටක් කටක් ගාණෙ බැදපු මාළු කෑල්ලක්, ඉස්සෙක්, දැල්ලෙක්, නැතිම නම් බිත්තර කෑල්ලක් හරි තියෙන හාවි මික්ස් රයිස් එකේ රසට, ඉස්ටු හොදි ටිකක් එකතු වුනාම… කියල වැඩක් නෑ මල්ලි. මතක් වෙද්දිත් කටට කෙල උනන ගාණයි. ඒ මදිවට, රයිස් එකේ උඩින්ම තියෙන හාෆ් බොයිල් බුල්සායි එකයි හතර අතේ විසිවෙලා තියෙන කැරට්, ලීක්ස් අඩුම කුඩුම ටිකයි නිසා සුවඳ, රස ඩබල් වෙනව.

ඒත් එකක් කියන්න ඕන, හාවි රයිස් එක ගන්න ගොඩ දෙනෙක් අන්තිමට සෑහෙන්න දුක්වෙනව. මොකද ඒක කාලා ඉවර කරන්න බෑනෙ ලේසියකට. අඩුම තරමෙ 3දෙනෙක්වත් ඉන්න ඕන.

ඒකට බලන්න එපැයි, චීස් ටොමැටෝ ඔම්ලට් එක. චීස් රස ඒ.. හැටියටම නැති වුනාට අමු මිරිස්, ගම්මිරිස් වලින් එන සැර ගතිය නිසා බයිට් එකට නියමෙට ගැලපෙනව. අනික බාගයක් ගහන්න, දෙන්නෙක්ට ඇති වෙන්න තියෙනවත් එක්කනෙ. රස පදමට ගැලපෙන්න කැරට්, ලීක්ස්, ළූණු එහෙමත් හොඳ හැටි එකතු කරල නිසා තලු මර මර රස බලන්න පුලුවන්.

කොහොම හරි, පංකාදු පහේ බයිට් ටික නිසා, DD, ඩබල් D, ත්‍රිබල් D වෙනකම් යාළුවටයි මටයිත් හාන්කවිසියක් නෑ. අන්තිම සිග. පත්තු වෙද්දි තමයි කල්පනා වුනේ, “හත් දෙයියනේ, දැන් යන්නෙ කොහොමද කියල” ඒ මදිවට, අපේ මේසට අල්ලපු මේසෙ ඉඳපු ගල් ඔස්තාර් කෙනෙකුත්, අනවසරයෙන් අපේ වේදිකාවට ගොඩ වෙලා එකසිය ගාණට ‘ජීවිතය පිළිබඳ’ ටෝක් දෙනව.

අනේ!, පැයක් විතර බලන් ඉඳල, බලන් ඉඳල බැරිම තැන යාළු,

අපි දෙන්න,

දෙපාරකට,

මාරු වුනා

කියන්නකො...


TIP

Try Pork and Havi Specials.

Artwork for Frimi Shoutout banner 2- non merchants only
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment