Artwork for Coke with food - top banner 1
Artwork for Trippy Foods Top Banner 2
Artwork for Isso temp sidebar Artwork for Yamu Promo Slider

4/5

Havi Restaurant & Bar (Thalahena)

No. 743/57, Thalangama North, Thalangama, Baththaramulla


A nice place to get booze with an antique surround.



පොඩි වැඩකට මුලු වරුවක්ම විනාස කරගන්න අය දැකල තියද?

නැත්නම් බලාගන්න මේ අපි වගේ අය, ඈ..

ඇත්තටම කරන්න තිබ්බෙ ඊලඟ මාසෙ එන ටුවර් ටික, යාළුවො දෙන්නත් එක්ක සෙට්වෙලා ෆයිනලයිස් කරගන්න එක. ඒත් කොහෙද, ලොකු සීන්නෙ. ඉතින් රෙස්ටුර්න්ට් එකකට සෙට්වෙලා, මීටින් අරගෙන..

“මචං වි හැව්ටු ෆයිනලයිස් දිස්තින් රයිට් නව්. කෝස් යු නෝ…”

බයිලනෙ?

නිකම් ඔන්ලයින් ඇවිල්ල කරගන්න තිබ්බ දේනෙ?

වැඩේ කියන්නෙ ඒකත් අවුලක් නෑ, හෝටලේ සේවක මිත්‍රය ලඟට ආවාමනෙ..

අර ඔක්කොම පැත්තක. එකෙක් ලිකර් තෝරනව, අනිකා කෑම තෝරනව.

“ම්.. අපිට ගේන්න ස්පෙෂල් රයිස් එකකුයි (රු. 950), හොට්බටර් කට්ල්ෆිෂ් එකකුයි (රු. 1100), පෝර්ක් කරියකුයි (රු. 790). බොන්න.. බියර් (රු. 460) ඈ”

“හරි සර්” සේවක මල්ලිත් ෆුල් බොක්කෙන්.

කොටින්ම කියතොත් ඕඩරේ දාලා ඉවරනෙ, ආයෙත් කතාවට බහින්න පුලුවන්නෙ කියල ගත්ත ලියකියවිලි ටික අතට. ඒ අරගෙන..

“ලසා මේකයි බං. දැං මැනාර් සයිඩ් එකේ…” කියද්දිම බීර ටිකයි, පිඟන් කෝප්ප අඩුම කුඩුම ටිකයිත් මේසෙට. ඒ මදිවට ගෙනාපු ගමන් කැඩුව කියන්නකො බෝතල් ටිකත් ‘ටක්.. ෂ්...’ ගාලා.

අනේ මන්දා මේ හාවි වගේ තැන්වලට ආවාම ඕකයි කේස් එක. සර්විස් එක දෙනවනෙ පැලෙන්න. ඉතින් ඉල්ලන ඉල්ලන දේ, තප්පරේට, නූලට, අපි ලඟටම! හිතන්නකො බීර ටික කඩල තියල ගිහිල්ල අනික් පැත්තට හොට්බටර් කට්ල්ෆිෂ් එකත් ගෙනාවා කිව්වාම. ඒ ගෙනැල්ල මේසෙන් තියල කියනව,

“සර් පෝර්ක් එකයි රයිස් එකයි විනාඩි 2න් ගේන්නම්. තාම දානවා..”

එපා කියන්නද?

“හරි මල්ලි හරි. හැබැයි හදිස්සියක් නෑ. හෙමිහිට ගේන්න” අසරණ වෙච්ච තැන මම මූණම බලල කිව්ව.

හැරත් ඉතින් වැඩක් තියෙයි, සේවක මිත්‍රයව බැලන්ස් කරල අනික් පැත්ත හැරෙද්දි අපේ උන්දල දෙන්න වැඩේ පටන් අරගෙනනෙ.

“චියර්ස් බං ඈ ඒනං. හොඳටම කරමු ටුවර් ටික!”

“චියර්ස් චියර්ස්.

කොරයි ටුවර් අද”

කොහොමහරි බලකරල පළවෙනි වීදුරුව හිස්වෙන්න කලින් වැඩේ ඉවර කරගත්ත. ඒකෙත් අන්තිම හරිය වෙද්දි, එවෙල යන සීන් එකේ හිටියෙ දෙන්න.

ඊට පස්සෙ නම් ඉතින්.. කියන්න ඕන නෑනෙ. හිත නිදහස් වුන එකේ ඔන්න ඔහෙ ඕන දෙයක් කියල මාත් ගසලම දැම්ම. ඒ ගහල, බියර් බාගයක් වෙන තැන තමයි පළවෙනි බයිට් කට කෑවෙත්.

හොට් බටර් දැල්ලො!

“හෑ.. කුකා මාරු වෙලා වගේ. ඉස්සර මෙච්චරම නෑනෙ”

“මාත් මේ කියන්න හැදුව විතරයි බං. බලාංකො කෑලිවල සයිස් එක. ඊටත් තොගේ.. කැරට් ලීක්ස් ලූණු කොළ එක්ක රම්පෙ කරපිංච, කෑලි මිරිස් ගම්මිරිස් ටිකත් නූලටමනෙ. ලුණු චුට්ටක් එහෙමත් දාලා බයිට් එකටම හරියන්න.. අඩේ දෙහි කෑල්ලකුත් තිබ්බ නම් මල් හතයි ඈ..”

“ඒක නේන්නං බං. බලාංකො මේකෙ ක්‍රිස්පි ගතියත්. ටොප් එකටම තියෙනවනෙ”

“ඒක වගේ නෙවෙයි මල්ලිලා මේක. කාලා බලන්නකො පෝර්ක් කෑල්ලක්” ලසා දැම්ම විසබීජෙ! එච්චරයි ඉතින්. කෑල්ලක් කෑවා, දෙකක් කෑවා.. ඊට පස්සෙ රයිස් එකත් එක්ක බඩගින්නට, එක දිගට හොඳේ. කටවල් 5, 6ක්ම කාලයි ඔලුව ඉස්සුවෙ.

“ෂැහ්! නල්ලම් ආ.. මොකෝ කියන්නෙ උබ ඒ ගැන”

“මට විනාඩියක් දියං..” කනව.

නතර නොවී කනව. ‘හරා’ කනව, කනව, කනව. මට ඒ ඇති ඉතින් හිතාගන්න.

සත්තයි, පෝර්ක් එක පංකාදු පහයි. මිරිස් තුනපහ වගේම, සුදුළූණු රම්පෙ කරපිංච අඩුම කුඩුම ටිකත් නූලට දාලා, හොද්ද තරමක් ඝනකමට තියෙන්න හින්දල.. ඒ විතරක් නම් බැරියැ, පෝර්ක් කෑලි වලටත් අල්ලලනෙ රස පදම හොඳ හැටියටම.

ඉතින්.. මික්ස් රයිස් එකත් එක්ක ගැලපුනා කියන්නෙ ඒක.. වාශ්පයි ඈ. අර වැඩේ තියෙන්නෙ මික්ස් රයිස් එකත් උපරිමයෙන්මනෙ. කීරි සම්බහාලෙ බතට, කැරට් ලීක්ස් එක්ක කැරලි වෙන්න බිත්තරත් දාලා, බැදපු ඉස්සො, දැල්ලො, මාළු, චිකන්, පෝර්ක්.. පොඩි පොඩි කෑලි එක තොගයයි. ඊටත්, ඊට උඩින් ලුණු ගම්මිරිස් හොඳ හැටි දාපු බුල්සායි එකකුත්.

කිරි අප්පේ.. කෑවා නෙවෙයි යාළු එදා නම්..

අර බීලා බීලා ඉඳපු නිසා මිසක් නැත්නම් ඉස්මුරුත්තාවට ‘කොස්වත්තෙ’ ඇඩ්මිට් වෙන්න වෙන්නෙ, ඕ.. සෙල්ලම් නෙවේ. අනික බීර ටිකත් වෙනද වගේ නෙවෙයි, වැදුන නිකම් හරහට යන්න. එළියට බැස්සත් හරි තව පොඩ්ඩෙන්.. තාර කාගෙන යන්නෙ, හ්ම්..!


TIP

Try Pork and Havi Specials.

Have you visited this place?

Write your own review!
Leave a comment