Artwork for Top Banner 1 - PMF Late night
Artwork for Top Banner 2 - PMF Late night

3/5

Hawai Restaurant (Koswatta)

32/31A, Dencil Kobbekaduwa Mawata, Kosswatta, Battaramulla.


රියල් කටගැස්මක් එක්ක ෂොට් එකක් දාන්න විතරක් නෙවෙයි ඒ ගැම්මටම බඩ කට පුරව ගන්නත් කියාපු තැනක්. රු. 1500ක් අතේ තිබුණ නම් වැඩිත් එක්ක.



''මචං, පොඩි ෂොට් එකක් දාමුද?'' මම යාළුවෙක්ට කෝල් කරල ඇහුවෙ පහුගිය ඉරිදා හවස.

වෙන දෙයක් නිසා නෙවෙයි. අරක්කුවල ගණන් වැඩි වුනාට පස්සෙ මාස ගාණකින් ෂොට් එකක් දැම්මෙ නැති නිසා. ඒත් කොහෙද ඉතින්, යාළුවගෙන් ආපු උත්තරේ එහෙම පිටින්ම සෘණාත්මකයිනෙ.

''නහුතෙට හිඳිල බන් ඉන්නෙ'' යාළුව කිව්වා.

අන්න ඒ නිසාමයි මම තවත් යාළුවො දෙන්නෙකුත් කතා කරගෙනම හවස් ජාමෙ අල්ලල පොඩි අඩියක් ගහන්න ප්ලෑන් කලේ. එතකොට අපි ඔක්කොම හතරදෙනයි. අවුලක් ගියත් මොනව හරි කරල ෂේප් කරගන්න පුළුවන්නෙ.

ඉස්සර ඉඳන්ම සෙට් වෙන තැන් ටික ඔහෙ තිබුණාවෙ කියල අපි ගියා මීට කලින් නොගිය තැනකට. බත්තරමුල්ල, කොස්සවත්ත කිට්ටුව ඉන්න අය නම් දන්නවත් ඇති. මේ අවන්හලේ නම 'හවායි'. තියෙන්නෙ කොස්වත්ත විදේශ සේවා පාරෙ. හවායි එකේ ලස්සන පේන්නෙ නම් ඇඳිරි වැටුණට පස්සෙ තමයි. පට්ට ලස්ස නියොන් ලයිට් රටා ටිකකින් හැඩ වුනු මේ අවන්හලේ, ඉස්සරහ දෙපැත්තට වෙන්න තියෙන ලොකු මල් පෝච්චි නිසා අමුතු ගතියකුත් නැත්තෙම නෑ. කොහොම වුනත් වාහන අංගනයක් නැති එක නම් ටිකක් අවුල්. ඒ වුනාට අපිට නම් ඒ අවුල බලපෑවෙ නෑ. මොකද අපිට තියෙන්නෙ 'දුප්පතාගෙ හිතවතා' මොටර් සයිකලේනෙ.

අපි හතරදෙනා කොස්වත්තෙ හවායි එකට ගොඩවෙනකොට වෙලාව හවස පහ පහුවෙලා. අපි හිතුවෙ සෙනඟ පිරිලා ඉඳියි කියල. කෝ.. මොන සෙනඟක්ද, බොන්න වාඩි වෙලා හිටියෙ හතර දෙනයි. ලී මේස, පුටුවලින් හැඩ වුනු අවන්හලේ භෝජනාගාරයෙ පැත්තකට වෙන්න පොඩි වේදිකාවකුත් තියෙනව. හරිම ලස්සනට වගේම පිළිවෙලට තියල, නියොන් ලයිට්වලින් එළිය කරපු බාර් එක තමයි ඉස්සරහින් පේන්නෙ.

හතරැස් මේසයකට රොක් වුනු අපි කට්ටිය ''මොනවද බොන්නෙ'' කතාව පටන් ගන්නත් කලින් සේවක මිත්‍රයෙක් එතනට ඇවිත්. මොනව කරන්නද?, එයාට කියල කූල් වතුර වීදුරුවක් ගෙන්න ගන්න අතරෙ VX බෝතලයකුයි (රු. 1950), ඩෙවිල් පෝර්ක් එකකුයි (රු. 620), හවායි ස්පෙෂල් චොප්සි එකකුයි (රු. 690) ගන්න තීරණය කරපු අපි ඇණවුම දාලාම තමයි පුංචි කතා බහකට මුල පිරුවෙ.

කොහොම හරි අරක්කු බෝතලෙයි, චීලි පේස්ට්, සෝස් දීසි දෙකයි මේසෙට එන්න නම් විනාඩි පහක් වත් ගියේ නෑ. එහෙමයි කියල සේවාව සුපිරියිම කියන්න බෑ. මොකද ඒ වෙලාවෙ අවන්හලේ සෙනඟ හිටියෙ නෑනෙ. හැබැයි ඉතින් සේවක මිත්‍රයගෙ සුහදශීලී බව නම් සෑහෙන්න අඩුයි. මූණත් මොකක්ද කරගෙන ඔහේ බඩු ටික ගෙනල්ල තියල යනව. හහ්, ඒකට බලන්න එපැයි 'මචං' වගේ අවන්හල්වල. ඒවයින් මේවයින් වැඩක් නෑ. කොහොම හරි අපි බෝතලේ කඩල ෂොට් ටික දාගෙන ලෑස්ති වෙද්දි ඩෙවිල් පෝර්ක් එකත් මේසෙ උඩ. නියමයි නේ!

'රජ මුසුව', අලියා සෝඩාවලින් අරක්කු වීදුරු ටික සැන්ඩි කරගත්තු අපි චීයර්ස් පාරක් දාලා වැඩේ පටන් ගත්තා. ඒ ගැම්මටම වගේ තමයි ගෑරුප්පුවෙ ඇමිණුනු ලොකු පෝර්ක් කෑල්ලකුත් කටට වැටුණෙ. ''ෂහ් ටොප්නෙ'' බයිට් නම් අන්න බයිට්. සුපිරි පෝර්ක් එක. පොඩි අවුලකට කියල තිබුණෙ තෙල් කෑලි පොඩ්ඩක් වැඩිපුර තිබුණු එක තමයි. කටගැස්මකට කියාපු සැර. එතකොට සෝස්වලින් එන පැණි රසත් ගාණට. කොහොමත් ඩෙවිල්වල තෙල් ටිකක් තියෙනවනෙ. මම වැඩිපුරම ආස වුනේ පෝර්ක් කෑලිවල තිබුණු භාගෙට බැදුණු ගතියට. හොඳ හයියට හැපෙනවත් එක්ක. අනික ඩෙවිල් එකට දාලා තිබුණු මාළු මිරිස්, ළූණූ, කැරට්, තක්කාලිවලින් එන සුවඳත් නියමයි. කාගෙන කාගෙන යන්න හිතුණත් බෑනෙ ඉතින්. තව යාළුවො තුන් දෙනෙකුත් ඉන්නවනෙ.

පොඩි ෂොට් එකක් දෙකක් දාගෙන යන අතරෙ මේසෙට ආපු හවායි ස්පෙෂල් චොප්සිය නම් අපි හීනෙකින්වත් හිතපු නැති තරමට ලොකුයි. සල්ලි නැති නිසා අපි ඕඩර් කලේ ස්මෝල් එකක්. පස්සෙ හිතුණා වෙලාවට ලාර්ජ් එකක් ඕඩර් කලේ නැත්තෙ කියල. මොකද බඩගිනි වෙලාවක නම් ඒ චොප්සිය දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන් සයිස්. හවායි ස්පෙෂල් චොප්සිය ඇවිල්ල පෝර්ක්, චිකන්, මාළු, ඉස්සො, දැල්ලො වගේම සොසේජස්වලත් කලවමක්. ඒ විතරක් නෙවෙයි ඇති පදමට ගෝවා, කැරට්, මාළු මිරිස්, ළූණු එහෙමත් දාලා තියෙනව. යටින්ම තියෙන බත් තට්ටුව නම් ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නෙ අරක්කු බෝතලේ හිස්වෙද්දෙ එන පුංචි බඩගින්නට තමයි. විශේෂයෙන් කියන්න ඕන මෙයාලගෙ චොප්සියෙ රස ඇවිල්ල එක පාරක් කෑවත් මතක හිටින විදියෙ සුපිරි රසක්. සැර පදම හදල තියෙන්නෙ ගම්මිරිස්වලින් නිසා චොප්සියටම ගැලපෙනව. සෝස්වලින් එන ලා පැණි රස ගතියයි ශ්‍රී ලංකන් චයිනීස් කෑමවලට ආවේණික වුනු සුවඳයි, රසයිත් අඩු නැතුව තියෙන නිසා හිතේ සතුටින් කන්නත් පුළුවවන්.

බෝතලේ අන්තිම අඩිය ගෙවෙද්දි අපේ කිට්ටුව තිබුණු වේදිකාව වන් මෑන් ෂෝ එකකින් සංගීතවත් වුනේ අපි හතර දෙනාට කියා ගන්න බැරි සතුටක් හිතට දීලා. බොරු කියන්න ඕන නෑනෙ එක යාළුවෙක්ට හැරෙන්න අපි තුන් දෙනාටම බඹර පදමට වැදිල තියෙද්දි සංගීත රසය පැය භාගයක් විතර විඳපු අපි කොස්වත්තෙ හවායි එකෙන් එළියට බැසේසෙ ආයෙ කවද්ද සෙට් වෙන්නෙ කියන අදහස හිතේ ඇතුව නම් නෙවෙයි. මොකද දැන් ඉස්සර වගේ බෑනෙ, අපේ යාළුවො ගොඩ දෙනෙක් පවුල් වෙලානෙ!


TIP

Try Hawai special foods.

Address

32/31A, Dencil Kobbekaduwa Mawata, Kosswatta, Battaramulla.

Directions

200m away from Koswatta Petrol Shade on Videsha Sewa road.

Contacts

E-Mail

Report Inaccuracy
User Reviews
Avatar for Kaveen Rodrigo
7

4/5

0

Kaveen Rodrigo

For the price, it's worth it.
Also, you get a small mixture bowl with a bottle, icing on the cake!

Avatar for Kaveen Rodrigo
7

4/5

0

Kaveen Rodrigo

For the price, it's worth it.
Also, you get a small mixture bowl with a bottle, icing on the cake!

See 3 Comments