මුල් ලිපිය ඉන්දි.
හසාරි’ස් තිඹිරිගස්යායේ තියෙන අරාබි අවන්හලක්. එයාලා විවිධ මැදපෙරදිග කෑම වර්ග ගණනාවක්ම පිළිගන්වනවා.
අපි හසාරි’ස් ගැන හිතපු විදිහ වැරදියි. ඒක හොඳ අවන්හලක්. අපේ පළමු ලිපියෙන් කිව්වේ හසාරි’ස් විශේෂ බවක් නැහැ එත් තරමක් හොඳයි කියලයි. ඒත් එහෙදි කෑම කෑවට පස්සේ අපි කියන්නේ ඒක ගොඩක් හොඳයි කියලයි. අපි ඒකට තරුවකුත් වැඩියෙන් එකතු කරනවා.
කෑම
අපි කෑම වර්ග ගණනාවක්ම රස බැලුවා. අවන්හලේදීත් කෑවා. ටේක් අවේ විදිහට ගෙදර අරන් ගිහිල්ලත් කෑවා. චිකන් ඔන් ෆයර් මීල් (රු. 1,890, දෙතුන් දෙනෙකුට ඇති) සහ ග්‍රිල්ඩ් චිකන් ප්ලැටර් සමග කුබුස්, වම්බටු සහ සලාද (රු. 720) ඉතාම හොඳ මට්ටමේ තිබුණා.
චිකන් ඔන් ෆයර් මීල් එක ගිනි දැල්ලෙන් බැදපු චිකන් එකක්. හොඳට පදම් කරලා තිබුණා. හරිම ෂෝක්. ඒක එන්නේ හමුස්, ගාලික් ඩිප් සහ තක්කාලි ආහාරයකුත් එක්ක. ඔබට හරිම රස කුබුස් කන්න පුළුවන්. ඒවා හරිම හොඳයි.
ග්‍රිල්ඩ් චිකන් ප්ලැටර් තවත් සරල ආහාර වේලක්. උඩින් තිබුණ එකේ පුංචි සංස්කරණයක් වගේ. චිකන් හරිම රසයි වගේම පැති දීසි ප්‍රධාන කෑම එකේ රසය තවත් වැඩි කරනවා.
අපි ඔතපු කෑම එකකුත් කෑවා. ඒක ගොඩක් ලස්සන වුණාට තිබුණේ සාමාන්‍ය රසයක්.
අපි දැකපු එක දෙයක් තමයි කෑම පංගු පුංචි බව. අපි හිතන්නේ ඒක සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් හොඳ දෙයක් කියලා. ඒත් ඔබට පැති දීසි කිහිපයක් ඇණවුම් කරන්න වේවි.
පිහිටීම
හසාරි’ස් තියෙන්නේ තිඹිරිගස්යායේ ෆයිෆ් පාරේ කොනක තියෙන ජනප්‍රිය තැනක. වීඩියෝ ඉන්ටර්නැෂනල් (DVD කුලියට දෙන තැනක්) අල්ලපු වැටේ තියෙනවා. වීදිය පහළ Wow.lk (කලින් anything.lk), ජපන් අවන්හලක් වන කාමී මාකි සහ හංස කොෆී ඇත්තේ මේ වීදියේ.
මෙතන පුංචි වුණත් වැඩ ගොඩක් කෙරෙනවා. වාහන තුන හතරකට නවත්තන්න ඉඩ තියෙනවා. මෙයාල දැන් ඩිලිවරිත් කරනවා. අපි ඇණවුම් කරපු කෑම හරි ඉක්මනින් ආව වගේම එයාලා අපෙන් පාර අහමින් කරදර කළෙත් නැහැ.
සේවාව
සේවාව කදිමයි. මෙනූ එකේ තියෙන්නේ මොනවද කියලා එයාලා හරියටම දන්නවා වගේම කාපු ගමන් ඉඳුල් පිඟානුත් ඉක්මනට අයින් කරනවා. ඩිලිවරි වලට ඇණවුම් කරන එකත් කරදරයක් නැතුවම කරන්න පුළුවන්.
නිගමනය
හසාරි’ස් නගරයේ තියෙන හොඳම අරාබි අවන්හලක්. පළමුවෙනි ලිපියෙන් අපි ඒක නිකංම හොඳයි කියපු එක වැරදියි. එයාලා හොඳ වෙනස් මැද පෙරදිග කෑම වර්ග හදනවා වගේම හොඳ සේවාවකුත් සපයනවා.
හසාරිස් ගැන පළමු ලිපිය පහතින්.
හසාරිස් (Hazari's) අලුතින් පුළුල් කරන ලද තිඹිරිගස්යාය පාරේ ෆයිෆ් පාර අසල අලුතින් අරින ලද අරාබි බොජුන්හලක්. කෑම ගැන බ්ලොග් ලියන
කෑමදාස මෙතන වරණනා කර තිබුණු නිසා අපි ද එතැන එතන රස පිරික්සන්න ගියා. නිගමනය කෙටියෙන් කියනවා නම්, එතැන මිළ අඩුයි. සේවයත් ඉක්මණ්. එහෙත් ආහාර සුවිශේෂ රසවත්කමක් නැහැ.
රසය
කෑම හොඳයි. ඒත්, පුදුම හිතෙන තරම් හොඳ නැහැ. එය විශේෂයෙන් අරාබි බොජුන්හලකට වඩා අරාබි ආහාරවල ලාංකික මාදිලියක්. මෙය නරක අදහසක් නොවෙයි. උණු බටර් දැමූ දැල්ලන් විශේෂ චීන කෑමක් නොවුණත්, එය කදිමයිනේ. අන්න ඒ වගේ. එහෙත්, මෙහි කිසිදු අහරක් අති විශිෂ්ට වුණේ නැහැ.
අපි පටන් ගත්තේ ඔවුන්ගේ කපුරු රස අයිස් දැමූ තේ පරාසයෙන්. එය අප ප්‍රබෝධවත් කරනවා. එසේම ඒවා රු. 250ක් වැනි සාක්කුවටත් හානි නොකරන මිළක් සහිතයි.
ඊළඟට අපි ඇණවුම් කළේ කුකුළු මස් හා චීස් ෆටයෙර් (Fatayer). එය හොට් ඩෝග් වැනි කෑමක්. පාන් ඝනයි. ඒත්, විශේෂ විශිෂ්ටකමක් නැහැ. එහි ඇසුරුම් නම් කුළුබඩු අඩුවෙන් දැමූ ලංකාවේ සාමාන්‍ය දේ. (ඕනෑ නම් දා ගන්න මේසය මත මිරිස්)
ඊළඟට අපි කාලා බැලුවේ සැන්විච් වැනි චිකන් ඇරැබෙස්ක් (Arabesque). එය රු. 270ක්. එය ඉක්මණින් වෙන් වන එක හොඳයි. එතුළ තිබුණු අච්චාරු පොඩ්ඩ මරු. එහෙත් ඒ හැර එහි ලියන්න දෙයක් නැහැ.
අපේ ඊළඟ කෑම රු. 280ක් වූ චීස් මැනකිෂ්. එය හරියට චීස් ටෝස්ට් වගේ.
තැන
අන්තිමේදී කොහොම, කොහොම හරි පළල් වුණ තිඹිරිගස්යාය පාරේ හසාරිස් පිහිටා තිබෙන්නේ ෆයිෆ් පාර පසු වුණ හැටියේමයි. ඒ හරිය වැදගත් ප්‍රදේශයක්. කාර් හතරකට වාහන නැවතුමේ ඉඩ තිබෙනවා. අවට පොදු පාකිං ඕනැ තරම්. මම හිතන්නේ හසාරිස් හිමිකරුත් මේ පාරේ ඉදිරියෙන් තමයි ජීවත් වන්නේ.
ඇතුළත ටිකක් ආලෝකවත්. ඒත්, සරළයි. කවුන්ටරයෙන් කෑම ඇණවුම් කරන්නැයි දැන්වීමක් කැපී පෙනෙන අන්දමින් ප්‍රදර්ශනය වෙනවා. කාර්ය මණ්ඩලයේ සිව්දෙනෙක් අවට සිටගෙන සිටිද්දී එහෙම කියන එක ටිකක් ගොන් පාට්. නැගිටින්නේ නැතිව ඇණවුම් කරන්න තිබෙනවා නම් කවුරුද අකැමැති? ඔවුන් ඔබට පිඟනුත්, කඩදාසි පිඟනුත්, පිටත ගෙන යා හැකි ප්ලාස්ටික් කෝප්පත් දෙනවා. මේ සියල්ල හොඳයි.
හොඳම දෙය තමයි, මෙතැන ඇණවුම් පිරිනැමීමේ වේගවත්කම, අඩු තරමේ දැනට හෝ. අපේ පාන වර්ග සැණෙකින් මේසයට ආවා. ආහාර ඊට මඳක් පිටුපසින්.
අලාභය
හසාරිස්ගේ හොඳම ලක්ෂණය ඔවුන් හොඳ ආහාර සාධාරණ මිළට පිරිනැමීමයි. ඔබ පාන වර්ග ගත්තා නම් එක් අයෙකුගේ දඩය රු. 500ක් විතර. නරක නැහැ නේද, කොහෙත්ම? ඒ අතින් බැලුවාම එතැන ඇත්තෙන්ම උත්සාහ කර බැලිය යුතු තැනක්. එතැන ඇරැබෙස්ක් එකක් පිලාවුස්හි චීස් රොටියක මිළෙන් අඩයි. මේ මා කෑ හොඳම අරාබි ආහාර යයි කොහෙත්ම කියන්න බැහැ. එහෙත්, ඒවා සෑහෙන්න හොඳයි. සෑහෙන්න වේගවත්. ඒ වගේම, මිළෙනුත් සාධාරණයි.
sonali_isme
Rated 5/5