Artwork for Coke with food - top banner 1
Artwork for Trippy Foods Top Banner 2
Artwork for Isso temp sidebar Artwork for SRI LANKA GOOGLE SEARCH SIDEBAR 2

4/5

Hazari's

556/2, Marine Drive, Colombo 3.


Hazari's has managed to maintain their Middle-Eastern standard while moving to their new Marine Drive location.



හසාරීස් කියන්නේ කොළඹ තියෙන හොඳම අරාබි රෙස්ටෝරන්ට්වලින් එකක්. දැන් ඒ අය මැරීන් ඩ්‍රයිව් එකේ අලුත් තැනකට ගිහිල්ල. තැන අලුත් වුණා වගේම කෑමත් අලුත් වුනාද කියල පොඩ්ඩක් බලමු.

තැන

තැන අලුත් කිව්වට මෙතැන ඉස්සර Redberry’s කියල කැෆේ එකක් තිබුණා. (එතැනට නං අපේ ලොකු මනාපයක් තිබුනේ නැහැ.). මෙතන එච්චර ලොකු ඉඩක් නැහැ. ඒ වුනාට අපහසුවක් නැතුව ඉන්න පුළුවන්. අරාබි තැනක් වුණාට අමුතුවෙන් අරාබි ගතියක් තැනට දීල නැහැ. එහෙම ගතියකට තියෙන්නෙ එල්ලලා තියෙන ලස්සන අරාබි ලන්තෑරුම් ටිකක් විතරයි. නැත්තං සාමාන්‍ය මේස පුටු තමයි තියෙන්නෙ. කොනේම නං සෝෆා එකක් තියෙනවා; ටිකදෙනෙකුට වාඩිවෙලා ඉන්න පුළුවන්.

එතනින් එහාපැත්තෙ එළියේ ඉන්න පුළුවන් පොඩි ආලින්දයක් වගේ කෑල්ලක් තියෙනවා. දවල් වරුවක නං යන්න හිතන්න එපා. අනික A/C එකේ පිටවුම තියෙන්නෙත් එතන. ඉතින් ඒකෙ රස්නෙත් එතන තියෙනවා.

සේවය ගැනත් හුඟක් හොඳ කියන්න පුළුවන්. කට්ටිය හොඳට මෙනුව දන්නවා. අපිත් එක්ක බොහොම සුහදව වැඩකළා.

එකම එක අවුලකට කියල තිබුණේ පොඩි මැසි ප්‍රශ්නයක් තිබුණා. පොඩි කියන්නත් බැහැ; ඇණයක් වෙන තරමට මැස්සෝ දෙතුන් දෙනෙක් කැරකි කැරකි හිටියා. ස්ටාෆ් එකනං කිව්වා මේක අදමයි වුනේ කියල. ඒක ඇත්ත නං හොඳයි; මොකද මේ වගේ තැනකින් අපි හොඳ පිරිසිදුකමක් බලාපොරොත්තු වෙන නිසා.

කෑම

අපි හමස් එක තමයි ඉස්සෙල්ලම රහ බැලුවෙ (රු.320). හමස් කියන්නේ කඩල කොටලා හදන මැද පෙරදිග කෑමක්. මේක කන්න සාමාන්‍යයෙන් ඛුබ්ස් කියන අරාබි පාන් එනවා (රු.65). මේකේ එච්චර පෙනුමක් තිබුනේ නැතිවුනාට හොඳට හදල තිබුණා. කඩල කෑලි ඉතිරි නොවෙන්න හොඳට කෙටිල තිබුණා. බටර් වගේ ක්‍රිමි ගතියට ගාණට තිබුණා. ඛුබ්ස් එකත් මෙලෙක්වට රසට හදල තිබුණා.

අනිවාර්යයෙන් අරාබි තැනකට ගියොත් ෂවර්මා එකක් කාලම බලන්න එපැයි. ඉතින් අපි බීෆ් එක ඕඩර් කළා (රු.480). ෂවර්මා එක හොඳයි. ඔතල තිබුණ අරාබි පාන් එක මෙලෙක්; රසයි. පිරවුමේ හොඳ බීෆ් කෑලි දාල තිබුණා. ඒකත් එක්කම ළූණු, පාර්ස්ලි එහෙමත් එකතු කරලා තිබුණා. සෝස් එකත් නරක නැහැ. උණු උණුවෙම ආවේ පෝරණුවේ දාන්න ඔතපු ඇලුමිනියම් ෆොයිල් එක පිටින්ම.

දවල් කෑමට ආපු හින්ද අපි ඛබ්සා රයිස් එකක් ගත්තා චිකන් එක්ක. (රු.920). මේ බත් එක නං ගඩොල් වගේ තැඹිලි පාටයි. මාර ලස්සනයි. හොඳ සුවඳකුත් ආවා. රසත් නරක නැහැ. හැබැයි ටිකක් වේලිලා වගේ තිබුණා. චිකන් ගාතෙත් එහෙමයි. හැබැයි ඉතින් ලොකු ප්‍රශ්නයක් නැහැ. කන්න පුළුවන් මරුවට.

බීම

මසාල චායි තේ (රු.170) එකනං ටොප් වෙන්න තිබුණා තව පොඩ්ඩක් කිරි අඩු වුණා නං. මේක නිකං කිරි තේ එකකට තුනපහ දාල වගේ; අමුතුයි. හැබැයි ලොකු කෝප්පයක් නං ලැබෙනවා.

මින්ට් අයිස් තේ (රු.170) එකනං පංකාදුයි. සාරා කිව්වා වගේ මේක තේ ෆ්ලේවර් කරපු වතුර වගේ නෙමෙයි. නියම තේ රසයි. මින්ට් රසත් නියමෙට එනවා. රස්නේ දවසකට මේ ලොකු වීදුරුව කියාපු භාණ්ඩේ.

අවසානයට

සමස්ථයක් හැටියට ගත්තම හසාරීස් කියන්නේ ගිහිල්ල බලන්න ඕනේ තැනක්. කෑම රසයි. අනික නියම අරාබි රස ගන්න පුළුවන් මෙතනින්. ඇවිල්ල හොඳට කාල, එහා පැත්තෙ තියෙන ඉන්දියන් සාගරේත් සිරිය පොඩ්ඩක් නරඹලා, නිවෙස් බලා විසිර යන්න.


TIP

Try the iced and mint teas. They're refreshing and good.
All Reviews

Hazari's has managed to maintain their standard while moving to their new Marine Drive location.

With some new Middle Eastern restaurants opening up in Colombo we thought we'd revisit Hazari's. While their desserts still need work, the mains are meaty, ample in portion and spicy.

Hazari's is one of the nicest Arabic restaurants in town. We were wrong in our first review to call it just OK. They serve different and thoughtful Middle Eastern food with good service and delivery.

Hazari's has managed to maintain their Middle-Eastern standard while moving to their new Marine Drive location.

සිංහල මෙතනින් නියම අරාබි රස ගන්න පුළුවන්. ඇවිල්ල හොඳට කාල, එහා පැත්තෙ තියෙන ඉන්දියන් සාගරේත් සිරිය පොඩ්ඩක් නරඹලා යන්න.

සිංහල ලාභ, ඉක්මණ් ඒත් සුවිශේෂ නොවන අරාබි කෑම

தமிழ் "ஹஸரீஸ்" புதிதாய் ஆரம்பிக்கப்பட்டுள்ள அராபிய உணவகம். இது திம்பிரிகஸ்யாய வீதியில் பைவ் வீதிக்கு அருகில் அமைந்துள்ளது.

Address

556/2, Marine Drive, Colombo 3.

Directions

Former Redberry's location.

Contacts

Facebook

Report Inaccuracy

This place has closed down

Cuisine

Middle Eastern

Price Range

Between Rs. 1000 - Rs. 1500

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
3
Similar Places

User Reviews
A
1

5/5

0

Amman Lantra

The best ever Shawarma ever tasted in Colombo😍

A
5

2/5

0

ajlalwani

It used to be really good when it was on thimbri

A
1

5/5

0

Amman Lantra

The best ever Shawarma ever tasted in Colombo😍

A
5

2/5

0

ajlalwani

It used to be really good when it was on thimbri

L
1

1/5

0

Luna.P

Absolutely horrible service ! I made my first visit to Hazari's today. I'd made a reservation 40 minutes prior to arrival. When I got here, they have not reserved a table nor taken down the details for the reservation. They just rushed us into a basement, which from the looks of it is hardly ever used. The tables are covered with a thin layer of dust and the entire room smells of dust. The waiter only made his way downstairs to take our order after 20 minutes.
Extremely disappointed with the service. Hazaris please learn to serve your customers a little better, it wouldn't kill you.

See 22 Comments