Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Healthy Living

Delivery, Pick up location at Shrubbery Gardens.


When Healthy Living started off in 2013 they were known mostly for their healthy buth packets. Since then they've expanded their menu, so we went ahead tried pretty much everything.



හෙල්දි ලිවිං කියන්නේ ප්‍රධාන වශයෙන්ම කාර්යාලවලට සෞඛ්‍යසම්පන්න බත් පැකට් ලබා දෙන තැනක්.  අපි චිකන් බත් පැකට් එකක් කාලා බැලුවා. ඒක එක්කෙනෙකුට ඇති ප්‍රමාණයේ හොඳට උයපු බත් එකක්. ඒක “සෞඛ්‍යසම්පන්න රහ” නැතුව සෞඛ්‍යසම්පන්න බත් පැකට් එකක්. එහෙම උයපු එක අපි ගොඩක් අගය කරනවා.

කෑම

ඒක බත් පැකට් එකක්. ඉතින් අපි ඒකෙ හොඳ නරක බලමු. හෙල්දි ලිවිං විවිධ පරාසයක බත් මාළු සපයනවා. එයාලා කෑම වර්ග දිනපතා වෙනස් කරනවා. ඔබට කුකුල්මස්, මාළු හෝ එළවළු බත් ගන්න පුළුවන්.

අපි කුකුල්මස් (රු. 250) බත් පැකට් එකක් ඇණවුම් කළා. ඒක ආවේ චිකන් බ්‍රෙස්ට් එකෙන් කපපු කෑලියි. බණ්ඩක්කායි, ගොටුකොලයි, පිපිඤ්ඤා කරි එකකුයි එක්ක. වැදගත්ම දේ බෙදන බත් ප්‍රමාණයයි. සාමාන්‍යය බත් පැකට් එකකින් ලැබෙන බත් එකකින් හතරෙන් පංගුවයි මෙහෙදී ලැබෙන්නේ. අපි වෙනත් තැන්වලින් ගන්න බොහෝ බත් පැකට්වලින් භාගයක් විතරම කන්න ඉස්සර වෙලා ඉවත දානවා. අපි පිටකොටුවේ බඩු උසුලන්නෝ වගේ වැඩ කරනවානම් ලොකු බත් ප්‍රමාණයක් කෑවට කෑමක් නැහැ. ඒත් මේසයක් ඉස්සරහ වැඩකරන කෙනෙකුට ඒ වගේ බත් ප්‍රමාණයක් කෑවොත් විගසින් නිදිමතත් දීර්ඝ කාලීනව ස්ථුලතාවයත් අනාගත සෞඛ්‍ය ප්‍රශ්නත් එන්න පුළුවන්.

හෙල්දි ලිවිං අයට අනුව, සාමාන්‍ය බත් පැකට් එකක කැලරි 1,400ක් විතර තියෙනවා. එයාලගේ එකක තියෙන්නේ 600ක් විතරයි.

ඒත් අපිටනම් ප්‍රධානම දේ තමයි රස. බත් එකේ රස නැත්තං සෞඛ්‍ය හේතු නිසා ඒක කන්න තරම් අපි (තවම) ස්ථුල නැහැ. හෙල්දි ලිවිං එකේ දවල් කෑම හොඳයි. ඇත්තටම අපි කාල තියෙන ගොඩක් බත් පැකට් වලට වඩා ඒවා හොඳයි. එයාලා චිකන් බ්‍රෙස්ට් සහ ටූනා මාළු උයනවා. ඒ නිසා මස් තියෙන පැත්තේ කටු නැහැ. එළවළු නැවුම් ඒවා. එළවළු හොඳට පදම් කරලා තියෙන්නේ. බත් අඩු නිසා එළවළු ඇති වෙන්න දෙනවා.

අපි වෙනත් තැන්වලින් සෞඛ්‍යසම්පන්න දිවා අහාර අරගෙන තියෙනවා. ඒත් ඒවගේ රස නැහැ. ඒත් මෙයාලගේ කෑම ඇත්තටම රසයි.

සේවාව/පිහිටි තැන

හෙල්දි ලිවිං කියන්නේ නියමිත ප්‍රදේශයක් තුළ කෑම ගෙනවිත් බාරදෙන සේවයක්. එයාලා කිව්වේ නම් ගාලුපාරේ සහ ඩුප්ලිකේෂන් පාරේ විතරයි සේවය සපයන්නේ කියලා. එයාලා අපෙන් සමාවත් ඉල්ලලා කිව්වා කොළඹ 5ට කෑම ගෙන්න බැහැ කියලා. ඒත් අපිට පුළුවන් වුණා එතනට ගිහින් ටේක් අවේ විදිහට අපේ ඇණවුම ගන්න.

ඔබට ඇණවුම් කරන්න ඕනේ නම් උදේ 9.00ට ඉස්සර වේලා ඇමතුමක් දෙන්න ඕනේ. (අපි කතා කළේ උදේ 9.40ට. ඒත් එයාලා ඇණවුම භාර ගත්තා.) ගොඩක් ගනුදෙනුකරුවෝ තමන්ගේ කාර්යාලය හරහා ඇණවුම් ලබාදෙන බවකුයි පෙනෙන්නේ.

නිගමනය

හෙල්දි ලිවිං වගේ තැනක් ගොඩක් කාලයක් තිස්සේ ඕනේ කරලා තිබුණා. හොඳ ශ්‍රී ලාංකික බත් මාළු හොයාගන්න අමාරුයි. ඇත්තම කියනවනම් අපි ගොඩක් දෙනෙකුට බත් ඇර වෙන දේවල් වලින් වැඩක් නෑ. සාමාන්‍ය බත් පැකට් එච්චර සෞඛ්‍යසම්පන්න නැහැ. ඒවගේ බත්, මස් සහ එළවළු සමබර ව්දිහට නෙවෙයි දාලා තියෙන්නේ.

හෙල්දි ලිවිං සාමාන්‍යයෙන් ඇති වෙන තරමේ පංගුවක් එක්ක රසවත්, බත් මාළු කන්න පුළුවන්. හෙල්දි ලිවිං බත් පැකට්වල පරිණාමයක්. අපි ඒක සාදරයෙන් පිළිගන්නවා.

TIP

Order before 9 AM for lunch and before 4 PM for dinner

Address

Delivery, Pick up location at Shrubbery Gardens.

Directions

They have a pick up tuk tuk located on Shrubbery Gardens.

Contacts

Facebook

Report Inaccuracy

This place has closed down

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Salad Rice And Curry Healthy

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4

Similar Places

User Reviews
J
1

4/5

0

Janaka360

Healthyම තමයි. කියන්න තරම් රසක් නෑ, හැබැයි ඒ ගාන 250/= වැඩියි වගේ ඒකට හේතුව සෞඛ්‍යයාරක්ෂිත නිසාද දන්නේ නෑ … ඒවා හැමදාම කෑවොත් ලෙඩ වෙන එකක් නෑ ඒක ෂුවර් :D

K
1

5/5

0

KumardeSilva

Yeah I too order from Healthy Living. Especially after recent heart surgery, I have to be VERY careful with what I eat. I know that the food here is HEALTHY which says it all. Kumar de Silva


J
1

4/5

0

Janaka360

Healthyම තමයි. කියන්න තරම් රසක් නෑ, හැබැයි ඒ ගාන 250/= වැඩියි වගේ ඒකට හේතුව සෞඛ්‍යයාරක්ෂිත නිසාද දන්නේ නෑ … ඒවා හැමදාම කෑවොත් ලෙඩ වෙන එකක් නෑ ඒක ෂුවර් :D

K
1

5/5

0

KumardeSilva

Yeah I too order from Healthy Living. Especially after recent heart surgery, I have to be VERY careful with what I eat. I know that the food here is HEALTHY which says it all. Kumar de Silva


See 18 Comments