Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for NYE 2020 at the Paradise Beach Mount - sidebar Artwork for Coffee post sidebar 1

3/5

Hela Bojun (Pannipitiya)

Highlevel road, Pannipitiya


Not the original Hela Bojun! So think twice.



මේකත් ටික දවසකට ඉහත සිදුවෙච්ච සිද්ධියක්. ඇත්තටම මායි මගේ යාළුවෙකුයි අලුත් වැඩ වගයක් පටන්ගන්න එකකට ෆුල් බිසි වෙලා හිටියෙ කොටින්ම කියනව නම් නිදිවරාගෙන, හරිහමන් කෑමකුත් නැතුව දවස් දෙකක් තුනක් එක දිගට වැඩ. කොහොමහරි ඔය කියන දවසෙත් අපි උදේට කාලා හිටියෙ නෑ. දවල්ටත් නිකම් පාන්, පරාටා වගයක් කාලා ෆුල් මස්තබාල්දු වෙලා හිටියෙ. හැබැයි ඉතින් ඒ කැපවීමෙ පාඩුවක් වුණෙත් නෑ. මොකද එදා හැන්දැ වෙන්න කලින් අපිට වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වුණානෙ.

“හම්මෝ... දැන් තමයි බං හිතට පොඩි සැනසීමක් ආවෙ.

මෙහ්! මං කියන්නද. හොඳට නාලා කරල ගිහින් මොනවහරි ටිකක් කන්න අරගෙන එමු. අම්බානක බඩගිනියි බං”

“එකෙන්ම එකෙන්ම. මාත් මේ කියන්න කියල හිටියෙ ඒ වගේ දෙයක් තමයි. ඒනං… උබ වොෂ් එකක් දාගනින්කො. මම ගිහින් හෙළබොජුන් එකෙන් කෑම මොනවහරි අරගෙන එන්නම්”

කියල හැරෙන තැපෑලෙන් ඔන්න බැස්ස පාරට. බැහැලා හෙමින් සැරේ ගිහිල්ල දැම්ම ඕඩරේ පෝර්ක් කරියයි (රු. 400), බැදපු මාළුවයි (රු. 150), රයිස් ඇන්ඩ් කරියයි (රු. 250). දාලා අරගෙනත් ඇවිල්ල කෙලින්ම ගැලපුවෙ මේසෙට. වැඩේ කියන්නෙ ගලපල අනික් පැත්තටනෙ...

“කොල්ල ඒනං දෙයක් හිතල මතල වැඩක් කරල තියෙනව!”

“එහෙනං එහෙනං. මම දන්නෝනෙ උබේ චොයිස්”

ලොකු වීදුරු දෙකකට පිරුණු සීතල බීරවලින් ඔන්න ටං... ගාලා ‘චිරාස්’ පාරක්!

ඊට පස්සෙ ඉස්ඉස්සෙල්ලාම කියල මේසෙට දිග ඇරුණෙ බැදපු මාළුව.

“තුක් නොදෝකිං. බලාංකො මේකෙ හැටි. අඩේ ඇලෙනවත් එක්ක බං. මේ.. මං කියන්නං. මේක ආයෙ තෙලට දාලා ගමු. ‘මරන පාලුවෙක්ද’ කොහෙද බං. ඊටත් බැදිලත් නෑ හරියට.”

කිව්වට විශ්වාස කරන්න යාළු ඇරඹුමම පජාතයි. කොටින්ම කියතොත්, ඒක කෑවනං බාග වෙලාවට දෙන්නම රෝහල් ගතකරන්න වුනත් ඉඩ තිබ්බ. ඇයි අප්පේ…

අවංකයෙන්ම ආයෙ.. ‘මෙතනින් බැදපු මාළු නම් ගන්න එපා’ හොඳද.

කොහොමහරි මාලුව තෙලට දාලා අරගෙන වැඩේ යන අතරට අපි පෝර්ක් කරියයි, රෝස්ට් පානුයිත් මේසෙට ලංකර ගත්ත. අරගෙන ඉතින් ඔන්න පලවෙනි කෑල්ල දෙක බඩට.

“මම හිතුවෙම මේකත් අවුල් වෙයි කියල. යාන්තම් ෂේප්. හැබැයි ඒකෙත් බාගෙට බාගයක් තෙල් බං”

“අනේද කියන්නෙ. ඇයි බං ඒම. ඉස්සර මෙතන එහෙම නෑනෙ?”

“දන්නෑ බං ඉතින්. ඉස්සර වෙන කොල්ලෙක් කලේ හැබැයි”

“ඒමද?

ඒත්.. බලාංකො තව පොඩ්ඩක් හොද්ද තියෙන්න, සියඹල ගොරක, සුදුලූණූ රම්පෙ කරපිංච ටික පදමට දාලා ගන්න පුලුවන්නෙ. මේකෙ ඒ මුකුත් නෑ. නිකං තුනපහ විතරයි”

“හිහ්.. ගෙනාවනං කමු ඉතිං. අනේ මංදා කේන්ති යන්නෙ අඩුම තරමෙ ගාණට හරියන්න මේකා මිරිස්වත් දාලා නැතිකොටනෙ, ෂික්”

පෝර්ක්, රෝස්ට්පාන් වැඩෙත් එන්න එන්නම කොටඋඩ යනකොට ලාවට හරි ගොඩ ඒමක් තිබ්බෙ රයිස් ඇන්ඩ් කරි එකෙන්. ඊටත් ඒක නෙළුම් කොළේ නිසා අපි හරි ආසාවෙන් තමයි දිගඇරියෙ.

“ම්හ්.. ඒක නං සුවඳයි ඈ. බත නිවිල තිබ්බෙ නැත්නම් තව හොඳට තියෙන්න තිබ්බ”

යාළුවගෙ වචනෙ බැස්සත් හරි මට නේද පුදුම සන්තෝසයක් ආවෙ. ඇයි දෙයියනේ එක කෑමක් හරි, හරියට තියෙනවනෙ. හැරත්, අර කිව්වත් වගේ කටක් දෙකක් කද්දි මට තේරුනා.. ඇත්තටම බත හරිම රසයි. ඒ වගේම තමයි උණුවෙන් තිබ්බ නං.. 

කිව්වට විශ්වාස කරන්න යාළු, අඹ මාලුවත් ටොප් එකටම. ලා ඇඹුල් ගතියත් එක්ක පැණි රසයි, සැරයි, තුනපහ රසයිත් පදමටම. ඒ විතරක් නෙවෙයි බැදපු වම්බටු සම්බෝලෙ. හරි අඩුයිනෙ කඩවල්වල තියෙනව. ඒකට මෙයාලගෙ එකේ, පංකාදු පහට හදල. අමුමිරිස්, තක්කාලි, ලූණු අඩු නැතිව. ලුණු, දෙහි රසත් නූලටම. ෂැහ්, ටොප් ආ.. අනිත් එක තමයි නිවිති කොළ! මැල්ලුම හදල කියන්නකො ලුණු, ඇඹුල් පදම නොම්මර එකට තියෙන්න. හරිම රසයි. අපි ගොඩක් වෙලාවට පරිප්පු වලට දාලා කන්න අකමැතියිනෙ. අන්න ඒකට හොඳම විසඳුම. ම්ම්.. ආයෙ ඉතින් පරිප්පු එක. අනේ.. ඒක නම් ඇත්තටම, හරි නෑ ආ.. මිරිසුත් නෑ, කිරිත් නෑ.. රස්නෙ විතරයි.

ඔය විදියට යද්දි ඇත්තටම කල්පනා වෙලා තිබුනෙ, තව මුකුත් ගත්තෙ නැත්තෙ වෙලාවට කියල. නැත්නම් කන්න නෙවේ වෙන්නෙ!


TIP

Try pork

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment