Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

3/5

Hela Buth Gedara

Delivery only.


Hela Buth Gedara is a cloud kitchen that's specialised in homemade rice & curries.



“ඒ.. අපි කන්න යංකො. බඩගිනියි හලෝ. උදේ හයට කාපු ගමන් ඉන්නෙ”

“ඈ... මේ දැං? මං මේ ලියන්න ගත්ත විතරයි බං. ම්... අපි යන්නම ඕනද ඇත්තටම. මං කියන්නෙ අපිට බැරිද පොඩි ඕඩරයක් වගේ දාලා ගෙනැල්ල කන්න”

“අඩේ... ඒකත් හොඳ අයිඩියා එක නේ. ඉන්නකො බලන්න” විශ්වි ගත්ත ෆෝන් එක අතට. අරගෙන ඇප් එකට ගිහිල්ල... කඩ දෙකතුනක් ම බැලුව. වැඩේ කියන්නෙ කඩවල කෑම තියෙනව, ගේන්න මිනිස්සුනෙ නැත්තෙ. විනාඩි 10-15ක් ම බැලුව රයිඩර්ස්ල බිසී.

තනියම මුමුණ මුමුණ විශ්වි ගොඩවුනා අනිත් ඇප් එකට...

“කිරිකජු වගේ... ඔය තියෙන්නෙ!” ඒ පාර නම් සන්තෝසෙට වචනෙ එළියට ම පැන්න. ඒකෙ රයිඩර්ස්ලත් ඉන්නවලු, අලුත් කඩවලුත් තියෙනවලු.

..කිව්වට පස්සෙ ඉතින් මට පුළුවනයැ නිකම් ඉන්න.

‘ඉන්නකො ඉන්නකො මාත් එන්නං කෑම තෝරන්න’ කියල දැම්ම ඔලුව ඒ පැත්තට.

“හෝ හෝ හෝ.. අර අර අර, කට්ල්ෆිෂ්! (රු. 200) ඒකක් දාන්න”

“හරි හරි. හැබැයි ඒ ප්‍රෝන්ස් එකකුත් (රු. 200) දාමු ඈ...”

“දාමු දාමු. ඒකයි... තව මොනවහරිත් ගන්නවද?”

“ම්... මං කියන්නෙ ගමු නේ. නිකං හැමෝම ගන්න චිකන් එකක් (රු. 200) වගේ..”

දෙපාරට තුන්පාරටම කෑම ටික තෝරගත්තු අපි එහෙම්ම ඕඩරෙත් දැම්ම. දාලා...

“විනාඩි විස්සට එනව කියන්නෙ?”

ලකලෑස්ති වුනා ආයෙ ආපු ගමන් කන්න.

අනේ මන්දා, වෙලාවත් හරියටම හරි වගේ. ඔය විශ්වි ගියේ සිං... ගාලා පල්ලෙහාට කෑම ටික අරන් එන්න කියල. මමත් ඉතින් ටයිම් කරල කෙළින්ම ඇද්ද ලන්ච් රූම් එකට. ඇදල ඔන්න ඉස්ඉස්සෙල්ලාම...

දවසේ වාසනාව කට්ල්ෆිෂ් එකට.

“ෂැහ්... බැලූ බැල්මට නම් හොඳ පාටයි ඈ...”

“ඒක තමයි. බලමු කටක් දෙකක් කාලා” කියල මම ගත්ත අනල පරිප්පුයි, දැල්ලොයි එකට. අරගෙන කෑවා…

ම්... ඇත්තටම සුපිරි පරිප්පු එක. හොඳ හැටි කිරි, තුනපහ රම්පෙ කරපිංච ටික දාලා හදල තියෙනව. තරමක් හිඳෙන්නත් එක්ක. හැබැයි... දැල්ලො එක නම්... හොඳයි. ඒත් ටිකක් මදි වගේ. මොකද ඒකෙ ලූනු, මිරිස් අඩුමකුඩුම ටික නූලට දාලා තෙලට දාලා තිබ්බට, දැල්ලො කෑලි ළාවට ෆ්‍රයි වෙලා වගේ නිසා, රස ටිකක් අඩුවෙලා. 

ඒත් ඒකට! අඹ කරියනෙ... තව සීනි චුට්ටක් වැටුණ නම් පංකාදු පහයි. ඊට එහා අල කරිය. මම සාමාන්‍යයෙන් අල කන්නෙ නෑ. ඒත් ඒක දැක්කාම කන්න හිතුණ. හිතිල හොදි හරියෙන් ටිකක් කෑවා. ෂැහ්, ටොප් එකට ම ඈ... ලෝබ නැතුව කිරි දාලා ඒකයි. ඒ හැරුණාම ඉතින් නියමෙට ම හදාපු බටු මෝජුවකුත් තිබ්බා... ඇඹුල් ටිකක අඩු පාඩුවක් හැරෙන්න ඒකත් බතට නම්... මරු. ඔක්කොටමත් වැඩිය අපි දෙන්නට සන්තෝස හිතුණෙ ඒකෙ බැදපු මිරිස් පපඩම් තිබ්බනෙ.

ඉතින්... කටගැස්මත් එක්ක, බත ඇඹරෙනව යමරෙට.

චිකන් රයිස් ඇන්ඩ් කරි එකෙත් ව්‍යංජන ටික නම් ඒ ටිකමයි. වෙනස චිකන් කෑල්ල විතරයි. හැබැයි... ඒකෙත් ලොකු වෙනසක් නෑ අප්ප. මාළු කෑල්ලක් සයිස් විතර චිකන් කෑල්ල... කොටින්ම කටට දෙකටත් මදි. හැරත් ඒකෙ සැරත් මදි. තුනපහ ටික විතරයි ටිකක් හරි.... හ්ම්...

අන්න ඒකට ඉස්සො එකේ. නියමයි ඈ. පොඩි ඉස්සො වුනාට තුනහතරක්ම තිබ්බ. ඊටත් වැඩිය වටින්නෙ ඉස්සොන්ගෙ රස. කිරි වගේම, තුනපහ අඩුමකුඩුම ටිකත් ලෙසටම දාලා හදල තිබ්බා... සුපිරියටම ෆ්‍රෙෂ් ගතිය තියෙන්න. කියල වැඩක් නෑ ආ... අනික ඒකෙන් තමයි අර චිකන් රයිස් ඇන්ඩ් කරි එකෙන් වැටුණු ගැම්ම උස්සල අරගෙන බත් තුනටම වගකියන්න අපිට හයිය දුන්නෙත්. කොටින්ම කියනව නම් ඒ ගැම්මට මම ගෙදරින් ගෙනාපු බතත් කාලා පස්ස බැලුවෙ ඕං..!

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment