Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Heladiv Tea Club (Dutch Hospital)

Dutch Hospital Shopping Precinct, Bank of Ceylon Mawatha, Colombo 1

  • Call 0115753377
  • Open 9AM to 12AM (Mon to Thurs), 9AM to 1AM (Fri), 10AM to 1AM (Sat and Sun)


The Heladiv Tea Club does a relatively affordable range of tasty waffles, sandwiches and teas at the Dutch Hospital. You can also get a decent bottle of wine here for just Rs. 2000.



ලන්දේසි රෝහලේ පිහිටි හෙළදිව් ටී ක්ලබ් (Heladiv Tea Club)  ගැන ගොඩක් හොඳ අහන්න ලැබුණා. අප දන්නා හැටියට ඔවුන් ඉතා හොඳ අතුරුපසත් පිරිනමනවා. ඒ වගේම ඔවුන් හොඳ කොක්ටේලුත් පිරිනමනවා. කදිම වයින් බෝතලයක් රු. 2000යි.

බීම

මෙය තේ සමාජයක් නිසා අපි ගියේ තේ පදනම් කරගත් කොක්ටේල් සොයාගෙන. ඔවුන් එවැනි කොක්ටේල් දෙකක් පිරිනමනවා. එකක් තැප්‍රොබානා අයිස් තේ. (රු. 600ක් වන එහි ජින්, වොඩ්කා, ට්‍රිප්ල් සෙක්,  හෙළදිව් සවර්සිප් තේ, දෙහි හා සෝඩා අඩංගුවෙනවා.)අනෙක ජැමෙයිකන් රම් ටී (රු. 450ක් වන එහි කළු රම්, හෙළදිව් කුරුඳු තේ, නැවුම් දෙහි සහ සෝඩා අඩංගුවෙනවා.)

අපි දෙකම ගත්තා. තැප්‍රොබානා හොඳයි. ඒත් ජැමෙයිකන් රම් ටී අපට නම් බොන්න බැරිවුණා. එය හරියට කුණුවුණ පලතුරක් වගේ. කාර්යමණ්ඩලය හොඳයි. ඔවුන් ඒ සඳහා අපෙන් අය කළේ නැහැ. තේ කොක්ටේල් රස ඇති. හැබැයි මෙහිනම් නොවෙයි. සීත කළ මාගරිටා රස බලන්න. (රු. 600) රු. 240 සිට රු. 290 අතර පුළුල් පරාසයක තේ හා කෝපි වර්ගත් තිබෙනවා. හෙළදිව් අයිස් තේ ඉතා හොඳයි. කිල්ස් වෙතින් හෙළදිව් තේ අඩුමිළට මිළදී ගන්නත් පුළුවන්.

අතුරුපස

අතුරුපසනම් සැබැවින්ම රසයි. අපි රු. 400ක් වූ චොකලට් හෙවන් කෑවා. එය හරියට කේක් වගේ. ඒත් ඒ චොකලට් මූස්වලින් එකට ඇලවූ ඝන බ්‍රවුනි තුනක්. බ්‍රවුනිවල තද, හැපෙනසුළු ගතියත් මූස්වල  සුමුදු ක්‍රීම් ගතියත් එකට එක් කිරීම පුදුමසහගතයි. අපි එය ඔබටත් නිර්දේශ කරනවා. ඔවුන්ගේ සෙසු අතුරුපසත් කදිමයි. ඩෙත් බයි චොකලට් (රු. 350) ස්ට්‍රෝබෙරි මෙරිංගු (රු. 400) කාලා බලන්න.

පිහිටීම

හෙළදිව් තේ සමාජය පිහිටා තිබෙන්නේ ඉතා සුන්දර හා ජනප්‍රිය,  ‍හැමවිටම සෙනග පිරුණු ලන්දේසි රෝහලේ. සතිඅන්තයට විශේෂයෙන්ම එහි වාතාවරණය කදිමයි. නිතර සෙනගින් පිරුණු O! Barට හෙළදිව් තේ සමාජය හොඳ විකල්පයක්. t

මිළ

එතැනින් Tall Horse, Banrock Station සහd Cono Sur වැනි හොඳ වයින් රු. 2000කට මිළදීගන්න පුළුවන්.අතුරුපස වර්ග සියල්ල රු. 400 සහ  450 අතර. මිළ අධික වගේ පෙනනුණාට දෙන ප්‍රමාණය එක්කෙනෙකුට කාලා ඉවර කරන්න බැරිතරම්. ඔවුන් පිරිනමන ආහාර සැන්ව්ච්හා සලාද වර්ග පමණයි. ඒවා රු. 400 සහ 450 අතර.

නිගමනය

මෑතක් වනකම්ම අපිත් දැන සිටියේ නැහැ ඔවුන් මත්පැන් පිරිනමන බව. මිළ එතරම් ඉහළ නැහැ. අතුරුපස හොඳයි. ඉඩකඩ තිබෙනවා. තේ කොක්ටේල්නම් නොබී ඉන්න.

Address

Dutch Hospital Shopping Precinct, Bank of Ceylon Mawatha, Colombo 1

Directions

To get to the Dutch Hospital just head straight to the Kingsbury roundabout and turn right when you see the Kingsbury building. It's opposite World Trade Center. When you walk inside, Heladiv will be in front of you towards the right.

Contacts

Facebook

Report Inaccuracy

Open 9AM to 12AM (Mon to Thurs), 9AM to 1AM (Fri), 10AM to 1AM (Sat and Sun)

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Cakes Sandwiches Waffles Tea Wine

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4

Similar Places

See 14 Comments