51, Perahera Mawatha, Colombo 03
Closed right now
A small resto near Baira Lake, next to MonkeyBean cafe, serving up a wide range of rice & curry dishes on lotus leaves.
ගමේ ක්‍රමේට රයිස් ඇන්ඩ් කරි කන්න පුළුවන් තැනක් ගැන ආපු ආරංචියක් හින්දා අපි ගියා හෙරලි රෙස්ටුරන්ට් එකට. හෙරලි රෙස්ටුරන්ට් එක තියෙන්නෙ කොල්ලුපිටිය ගංගාරාම කිට්ටුව පෙරහැර මාවතේ.
පාර අයිනෙ පුංචියට තියන හෙරලි එක ඇතුළට ගියාමයි පෙනුණේ ඉන්න සෙනඟ ගොඩ. ලන්ච් ටයිම් එකට අහළ පහළ තියන ඔෆිස්වල වැඩ කරන අය කෑමට මෙතෙන්ට ඇවිත්. පුංචි ඉඩක් වුණත් තදබද නොවෙන්න ලස්සනට ඇරෙන්ජ් කරලා පිරිසිදුවට නඩත්තු කරන බව පෙනුණා. පොඩි ලී මේස වටේට ලී බංකු තියලා. මේස උඩ පන් ටේබල් මැට්ස් තියලා. සිවිලිමට අල්ලලා තිබුණේ පැදුරු. අත හෝදන සින්ක් එකට උඩින් පිළිවෙළට වෙනම රාක්කෙක අඩුක් කරලා තිබ්බ වතුර බොන කෝප්ප සහ ගුරුලේත්තු ඔක්කොම මැටිවලින් හදපුවා. කෑම සර්ව් කළෙත් මැටි පිඟන්වලට නෙළුම් කොළයක් එලලා. මේ වගේ පුංචි පුංචි වෙනස් දේවල්වලින් මේ බත් කඩේට අමුතු ලස්සනක් ඇවිත්.
හෙරලි රෙස්ටුරන්ට් එකේ ගහලම තියෙන්නෙ 'හට්ටි පිටින් කන්න' කියල. කිව්වත් වගේ ලොකු මැටි හට්ටිවල දාපු බත් සහ කරි මහ ගොඩක් පේළියට තියල තිබුණා. සුදු බත්, රතු බත් හෝ කහ පාට ගී රයිස් එක්ක මාළු, චිකන්, පෝක් තුනෙන් එකක් සහ කරීස් හතරක් බෙදාගන්න අපිට අවස්ථාව තියනවා. ඊට අමතරව අවශ්‍ය නං වෙනම ගන්න හාල්මැස්සෝ, බිත්තර බුල්ස්අයි සහ බැදපු ලින්නෝ තියල තියනවා.
අපි මුලින්ම ගත්තා චිකන් රයිස් ඇන්ඩ් කරි එකක්. (රු. 280) පරිප්පු, පොල් සම්බෝල, වම්බටු, පොළොස් එක්ක පපඩම්. පොළොස් කෑලි ටික සුමුදුවට හැපෙන්න ගාණට තැම්බිලා නිසා දුරු තුනපහ එක්ක එකතු වුණාම නියම ගැමි පොළොස් ඇඹුලක රහ ඇවිල්ලා. පරිප්පුයි පොල් සම්බෝලයි ගැන කියන්න තරම් විශේෂයක් නෑ, වරදකුත් නෑ. චිකන් හොද්දෙ සැරයි, තෙල් දාපු වම්බටුවල රහයි මිශ්‍ර වෙලා බත් එක සම්පූර්ණ වුණා.
අපි ගී රයිස් එකක් ගත්තා ෆිෂ් එක්ක. (රු. 350) අඹ, නෙළුම් අල, ගෝවා, පිපිඤ්ඤා සම්බෝල තමයි කරීස්. ඊටපස්සෙ බැදපු තඩි ලින්නෙකුත් දාගත්ත (රු. 150) දෙකට බෙදාගෙන කන්න හිතාගෙන. කතා දෙකක් නෑ මේ කෑම පංගුවටයි අපේ වැඩි කැමැත්ත. ගාණට පැණි රහයි ඇඹුල් රහයි මිරිස් රහයි තුනම එකට කැලතුණ අඹ මාළුවට තමයි වැඩිම ලකුණු. තෙල් දාපු ගෝවයි, කිරි රස පිපිඤ්ඤා සම්බෝලෙයි පංකාදුයි. නෙළුම් අල ටික ෆ්‍රෙෂ් කියල හපනකොටම තේරුණා.
සර්විස් එක සාමාන්‍ය සුහදශීලී විදිහට සිද්ධ වුණා. සෙනඟ ටිකක් වැඩි වුණාම නං කට්ටියට ටිකක් පෝලිමේ ඉන්නත් වුණා. ඒත් එයාල පුළුවන් තරම් කඩිසරව කෑම සර්ව් කරන්න උත්සාහ කළා.
හෙරලි එකේ කෑමවලින් එන අපේ රටේ රයිස් ඇන්ඩ් කරිවල නියම ගැමි රහ, රෙස්ටුරන්ට් එකේ පෙනුමෙ ඉඳලම තියන ගැමි වයිබ් එක නිසා තවත් වැඩි වෙනවා. ඒ වගේම පොලිතින් ප්ලාස්ටික් භාවිතය සෑහෙන අඩු හින්දත් මෙතන තවත් අපෙ හිතට ඇල්ලුවා. ඕගොල්ලොත් ගිහින් බලන්නකො අද හෙටම.
Calm & cool place to have a great Sri Lankan,…
Great place to have a delicious Sri Lankan buffet…
Delete Comment