Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

5/5

Hideaway Villas

Panama Road, Arugam Bay


Hideaway is the best restaurant and probably the best hotel in Arugam Bay. It has excellent food and accommodation and thoughtful family management.



හයිඩවේ ආරුගම් බේ වල තියෙන හොඳම අවන්හල වගේම හොඳම හෝටලය විය හැකියි. ඒකෙ ඇති විශිෂ්ට කෑම සහ නවාතැන් තියෙනවා. ඒක පාලනය කරන්නේ කල්පනාකාරී පවුලක් විසින්.

හයිඩවේ ඇත්තෙන්ම කදිමයි. එහි විලා එකක් ගන්න පුළුවන් නම් ඒක වෙන්කරගන්න. හැබැයි සංචාරක සමයේදී නම් මේවා කල්තියාම වෙන්කරගෙන තියෙන්නේ. විලා එකක් වෙන්කරගන්න බැරි උණත් අඩුම තරමින් කෑම වේලක් කන්න හරි එහෙ යන්නම වටිනවා. එයාලා හරි කදිම බත් සහ මාළු සහ ගැලපෙන කෑම වර්ග හදනවා.

අවන්හල

අපි ඉස්සෙල්ලම අවන්හල ගැන කතා කරමු. ගොඩක් අයට ඇත විඳින්න වෙන්නෙත් මෙයාලගේ අවන්හලයි. හයිඩවේ රෑ කෑමටයි/බීමවලටයි වගේම උදේ සහ දවල් කෑමටත් නියමයි. කෑමට යන්න ඉස්සර වෙලා ආසනයක් වෙන්කර ගන්න. දහවල් කාලයේ පලතුරු බීම සහ විස්කෝතු විකුණන තැනක් තියෙනවා පාර අයිනේ. ඒත් හොඳම දේ කන්න බොන්න නම් ඇතුළටම එන්න වෙනවා.

වෙළඳපොලෙන් සහ මුහුදෙන් ගන්න පුළුවන් දේවල් අනුව හයිඩවේ එකේ පුදුම සහගත කෑම කන්න පුළුවන්. ජම්බෝ ප්‍රෝන්ස්, සෂිමි ටූනා, ෂියර් ෆිෂ්, කකුළුවෝ සහ හොඳින් සකස්කළ එළවළු කෑමත් මෙහෙන් ගන්න පුළුවන්. මෙහෙ රාත්‍රී කෑම සාමාන්‍යයෙන් රුපියල් 1250ත් 1600ත් අතර වෙනවා. සී ෆුඩ් දීසියක් උපරිම වශයෙන් රුපියල් 2,250කට විතර මිල වෙන්න පුළුවන්.

අපි ඇහි පෝක් ටූනා එකක්, ඒ කියන්නේ ටූනා සෂිමි සලාදයක් කෑවා. ඒක හරි සරලයි. රසබර අමු ටූනා සලාදයක් ඒක. මේකේ රස තීරණය වෙන්නේ පාරේ එහා පැත්තෙන් ගේන නැවුම් ටූනා මාළු මතයි. ටූනා මාළුවලට සෙසමි ටිකකුයි, දෙහි ටිකකුයි, ලුණු ටිකකුයි දාල ගත්තම නියමයි. සුෂී එක හොඳට හදලානම් ඇස් පියාගෙන කන්න පුළුවන්.

අපි සී ෆුඩ් තැටියක් කෑවා. ඒකෙ ලොකු මස් කෑලියි චීසුයි මැටි භාජනයක දාලා කොස්කස් සහ දෙළුම් එක්ක තිබුණා. අන්තිමේදී අපේ යාළුවන්ගෙන් එක්කෙනෙක් මාළු ස්ටේක් එකක් කෑවා. ඒක කුඩු කළ මාළු උඩ පලතුරු ටොපින් එකක් දාලයි තිබුණේ. හරිම රසයි. ඒවා පිළිගන්වන විධියත් අති විශිෂ්ටයි. ලංකාවේ තියෙන ඕනෙම හොඳම අවන්හලක් එක්ක උණත් තරග කරන්නට මෙයාලට පුළුවන්.

අවංකවම කියනවනම් මගේ ලංකාවේ තියෙන මගේ ප්‍රියතම අවන්හල් දෙක තමයි මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් සහ හයිඩවේ.

අතුරුපසත් හොඳයි. ඉහළින් තියෙන ඡායාරුපයේ තියෙන්නේ ටැමරිල්ලෝ (ගස් තක්කාලි) සෝස් එක්ක අයිස්ක්‍රීම්. මම කිසි දිනක ගස් තක්කාලි ගැන අහල තිබුණේ නෑ. ඒත් ඒකෙ ඇඹුල් රස අයිස්ක්‍රීම් එක්ක නියමට යනවා. මම ඒක ඔබට නිර්දේශ කරනවා.

කෑම සඳහා කලින් සකස්කළ මෙනූ එකක් නැහැ. කෑම තීරණය වෙන්නේ එදා දවසේ ධීවරයෝ අල්ලන්නේ මොන මාලුද කියන එක අනුව. එහෙම නැත්නම් සීසන් එක අනුව. එහෙම තමයි වෙන්නත් ඕනේ. හයිඩවේ දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රසිද්ධයි ශ්‍රී ලාංකික බත් සහ මාළුවලට  සහ සාම්ප්‍රදායික  ඉඳි ආප්ප වගේ දේවල් වලට. උදේ කෑම රුපියල් 450 සිට 800 දක්වා වෙනවා.

බීම

හයිඩවේ එකේ විවෘත වත්තකුත් තියෙනවා. ඒකෙ කොක්ටේල් (දළ වශයෙන් රුපියල් 550) තියෙනවා. හවස 6 සිට 7 දක්වා දෙකට එකක් සන්තෝෂ පැයකුත් ගොඩක් දවස්වලට තියෙනවා.

හෝටලය

හයිඩවේ හෝටලයේ කාමර 14ක් තියෙනවා. (තනි බංගලාවක් ඇමෙරිකානු ඩොලර් 100යි. පවුලේ බංගලාවක් ඩොලර් 125යි. ප්‍රධාන ගොඩනැගිල්ලේ කාමරයක් ඩොලර් 50යි.) මේ ගණන් ආරුගම් බේ ප්‍රදේශයේ තරගකාරී මිල ගණන්. මීට අඩු මිලකට තියෙන්නේ රුපියල් 7,000ට. ඒත් දැන්මම දැනගෙන ඉන්න එක හොඳයි මේ හෝටලය ජූනි සිට සැප්තැම්බර් දක්වා අමුත්තන් විසින් සම්පුර්ණයෙන්ම වෙන්කරගන්නවා. ආරුගම් බේ සංචාරක කාලයේදී සම්පුර්ණයෙන්ම අමුත්ත්තන්ගෙන් පිරෙනවා. හයිඩවේ එකෙන් කාමරයක් කල්තියා වෙන්කර නොගත්තොත් නම් මෙහෙ ඉන්න හම්බ වෙන්නේ නෑ. ඇත්තටම කිව්වොත් මාස ගණනක් කල්තියා කාමර වෙන්කරගන්න වෙයි.

අපි කල්තියා කාමර වෙන්කර ගත්තේ නැති නිසා අපිට කාමර ඇතුළේ ඡායාරූප ගන්න බැරි වුණ එක ගැන සමාවෙන්න. අපි නතර වුණේ වෙරළේ කුටියක. ඒ නිසා කාමර වෙන්කරගන්න කල්තියාම. කාමර ඇතුළේ ඡායාරූප බලන්න අවශ්‍යනම් TripAdvisor වෙබ් අඩවියට යන්න. මම අවුරුදු කීපයකට ඉස්සරවෙලා හයිඩවේ එකේ නතරවුණා. කාමර සරලයි, පිරිසිදුයි වගේම කදිමයි. තනි බංගලා කියන්නේ ඇත්තටම පුංචි ගෙවල්. ඔබට පුළුවන් මුළු දවසම ආලින්දයට වෙලා වත්ත දිහා බලාගෙන ඉන්න.

හයිඩවේ තියෙන්නේ මුහුදට මුහුණ ලා නෙවෙයි. මුහුද බලන්නනම් පාර පැනලා විශාල බේ විස්ටා එකට යන්න වෙයි. අවංකවම කියනවනම් ඒක නරක දෙයක් නෙවෙයි. ආරුගම් බේ වෙරළ තීරය සංචාරක කාලයට පීඩාකාරී වෙන්න පුළුවන්. ඒ හින්දා වත්තකට පසු බසින එක හොඳයි. මුහුදට මුහුණලා තියෙන හෝටල් එච්චරම ලස්සනට තියා ගන්න උත්සාහ කරන්නේ නැත්තේ යන්තම් අටවපු කාමරයකට වුණත් මිනිස්සු සල්ලි ගෙවන නිසා. ඊට වඩා ගොඩක් හොඳ නවාතැන් ගන්න පුළුවන් ගොඩබිම පැත්තෙන්. හැබැයි කල්තියා වෙන්කර ගත්තොත් තමයි.

පිහිටි ස්ථානය

හයිඩවේ තියෙන්නේ වෙරළ තිරයේ මැද හරියේ. මේන් පොයින්ට් එකට ඇවිදගෙන යන්න පුළුවන් දුර. පීනට් ෆාර්ම් එකට සහ පොතුවිල් පොයින්ට් එකට බයිසිකලෙන් යන දුර. මෙතන ඉඳලා විස්කි පොයින්ට් එකටත් ලේසියෙන්ම යන්න පුළුවන්. ගෙකෝ තියෙන්නේ පාරෙන් එහා පැත්තේ. හොඳ කෑම වේලක් එක්ක නරක සේවාවක් ඕනේ නම් ගෙකෝ එකට යන්න පුළුවන්. තවත් අවන්හල් සහ කෝපි කඩත් මෙහෙ තියෙනවා.

හයිඩවේ එකේ තියෙන හොඳේ තමයි ඒක තවමත් සැඟවිලාම තියෙන එක. ඒක තියෙන්නේ වෙරළ තීරයේම නෙවෙයි. හොඳට ඇස කොළන් වැඩුණ තැනක. සංචාරකයන් ගැවසෙන ඝෝෂාකාරී පැත්තෙන් ඇත්වෙලා නිදහසේ ඉන්න පුළුවන්. (සාමාන්‍යයෙන් සංචාරකයෝ ඒ වගේ තැනකට කැමති නැතුව ඇති. ඒත් අපි කැමතියි.)

සේවාව

හයිඩවේ පටන් ගෙන තියෙන්නේ පවුලේ ව්‍යාපාරයක් විදිහට. සීයලා ආච්චිලා තවමත් එහෙ ඉන්නවා. ව්‍යාපාර තරුණ අයට පවරලා. ෂැරන් තමයි වැඩිපුරම ඉදිරිපස මේසයේ ඉන්නේ. දුරකථනයට පිළිතුරු දෙන්නෙත් ඇයමයි. එයා නිතරම වගේ කාර්යබහුලයි වුණත් හරිම සුන්දරයි වගේම හරිම වෘත්තීය විදිහට එයාගේ කාර්යයන් කරනවා. එයාලගේ බෑණාවරුන් වෙන යනික් සහ යෙවින් බාර් එකෙයි පලතුරු බීම හදන තැනයි ඉන්නවා. තරුණ අයට ව්‍යාපාරය භාර වුණාට පස්සේ එයාලා අළුත් කෑම සහ සංගීතය සම්බන්ධයෙන් වෙනස්කම් කරලා තියෙනවා. ඒත් හයිඩවේ එකේ පරණ ගතියත් රැකගෙන තියෙනවා.

නිගමනය

මේ ගුණදොස් විචාරය දිග වැඩිනම් මට සමා වෙන්න. හයිඩවේ කියන්නේ කදිම ගෙස්ට් හවුස් එකක්. අපේ ආරුගම් බේ අත්දැකීම් වලට අනුව නම් වෙරළ තිරයේ තියෙන අනිත් අවන්හල් එක්ක බලනකොට හයිඩවේ තරු හතේ හෝටලයක් වගේ. සංචාරක කාලයේදී මිල ගණන් ගොඩක් වැඩියි වගේම ඔබ ගෙවන මුදලට වටිනාකමක් ලැබෙන්නෙත් නැහැ. කෑම ගැන බැලුවොත් ආරුගම් බේ හොඳයි ඒත් සංචාරක ඉල්ලුමට සපයනවා මිසක් කෑම හැදීමේදී නිර්මාණශීලි වෙන බවක් පෙනෙන්නේ නෑ ගොඩක් අය. හයිඩවේ කියන්නේ වෙනස් තැනක් වගේම සංචාරකයනුත් කැමති වෙන තැනක්. අපි හයිඩවේ නිර්දේශ කරනවා නතර වෙලා ඉන්න. ඒත් කල්තියා වෙන්කර ගන්න බැරි වුණොත් අඩුම තරමින් කෑම වත් කාල බලන්න.

TIP

Have dinner there.

Address

Panama Road, Arugam Bay

Directions

Heading down Main Street, Hideaway is across from the big Bay Vista, down from Tri Star and just before Gecko's. It's on the land side.

Contacts

E-Mail Facebook Website

Report Inaccuracy

Similar Places

See 8 Comments