Artwork for U Pay - PickMe Dec  2018 -06.12.2018

5/5

Hill Top Restaurant

405/4, Udumulla, Mulleriyawa


An awesome place to get booze while having delicious Chinese and Thai food.



“කොහෙද බං ඉන්නෙ. දැන් වෙලාව බලපංකො. වෙලට නම් යන්න කතා කරන්න එපා, මේ හැන්දෑ වෙලාවෙ.. නයා ඉන්නව හොඳේ!”

5ට එනව කියපු එකා 6ටත් නැති කොටයි මම කෝල් එකක් ගහල බැලුවෙ. ඕං එතකොට කියන්නකො පිටත් වුණේ. පොඩි වැස්සක් වැටුණලු. මොනව කරන්නද ඉතින් බර්ත්ඩේ පාර්ටි නිසා ඉවසලා ඉන්නව මිසක්, නැත්නම් මෙලහකටත් බෝතලේ කඩල.

“ඒ අරූ දැන් බං එන්නෙ. බන්ට් වැඩේ අල්ල දාලා වෙන කොහෙට හරි අදිමු”

කල් ඇතිව මම මගේ අනිත් යාළුවගෙ ගෙදරට ගිහින් ඉඳපු නිසා, සාකච්ඡා මට්ටමෙන් හරි වැඩේ ගොඩ දාගන්න චාන්ස් එකක් තිබ්බ.

“කොහේ යන්න කියලද බං?”

“ඒක තමයි මාත් කල්පනා කළේ. එක්කො අපේ පැත්තට අදින්න වෙනව. ඒත් පොල්වත්තෙ හාවි එක තමයි ඉතින්. නැත්නම්…”

“ඒහ්… *&^% අර අලුතෙන් දාපු හිඹුටානෙ ප්ලේස් එක. මම උඹට එදා කිව්වෙ?”

“අප්පටසිරි ඔව්නෙ. ලෙස ලෙස. එතනට ගැලපෙමු. පොටෝස්වල හැටියට නම් සුප්ප ප්ලේස් එක වෙන්න ඕන”

වැඩේ කියන්නෙ ඉතින් අපි කල්තියා අවසන් විනිශ්චයට එළඹුණට යාළුව ආවෙ පැය බාගයක් විතර පරක්කු වෙලානෙ. කොහොම හරි ආපු සනිකව, ඒකවත් ඇදගෙන වීල් එකකට දාගත්ත අපි දෙන්න ට්‍රැෆික් එකේම ආවා හිඹුටානට.

ඔය, කියපු ප්ල්සේ එක තියෙන්නෙ හරියටම හිඹුටාන ෂෙඩ් එකට ලඟ. වෙලාව කියන්නෙ අපි එතනට ගොඩ බහිද්දි එක, 10ක් නෑ කියන්නකො රෙස්ටුරන්ට් එකේ බොන්න වාඩි වෙලා. සමහර විට අලුත් නිසාද දන්නෑ. ඒත් ඉතින් අපිට මොකෝ… අදාළ නෑනේ!

පුරුදු කාරයො වගේ කෙළින්ම ගිහින් බැල්කනියෙන් වාඩි වුණ නිසා වෙන්න ඕන සේවක මිත්‍රයත් පුල් සැලකිල්ලෙන් තමා අපි දිහා බැලුවෙ. කොටින්ම කියනව නම් අපි වාඩි වෙද්දිම එයත් එතන.

“මොනවද සර් ගේන්නෙ?”

“ගල්… බෝතලයක් ගේන්නකො. සැන්ඩි, සෝඩා හොඳේ!

“සර් බයිට් එකට”

“බයිට් එකට ගේන්න… ඔයාලගෙ ස්පෙෂල් චොප්සියක් (රු. 1100). හැබැයි සීෆුඩ් එකක් හොඳේ. මොකද මේ... අපේ එක්කෙනෙක් ඉන්නව පොඩ්ඩක් ආබාධිත. ඒකයි!”

සේවක මිත්‍රය හැරුණෙ ඕඩරේ දාන්න යන්න කියල. කොහෙද, ලසා පැන්නනෙ ඉස්සරහට.

“මේ… අයියෙ පෝර්ක් මොනවද තියෙන්නෙ, ස්පෙෂල්”

“සෝයි පෝර්ක් එකක් වගේ, සර්. ඒක තමයි නැගලම යන්නෙ?”

“අන්න හරි. එහෙනම් ගේන්නකො එයින් එකකුත්. මූ කෑවෙ නෑ කියල අපි නොකා ඉන්නයැ, රෙද්ද”

ඕඩරේ දාලා ඉතින් දුමක් එහෙම යවන ගමන් අපේ ඊළඟ වැඩේ වුණේ ලසාගෙ බර්ත්ඩේ බයිට් එක පටන් ගන්න එක. දන්නැද්ද ඉතින්, එව්ව ටිකක් රිදෙන්න දෙනවනෙ. ඒත් වෙලාවට බයිට් එක ඇරඹුමේම, බෝතලේ මේසෙට ආව. ඒ මදිවට බයිට් එන්නත් කල්යන පාටක් තිබ්බෙ. ඔන්න ඔහෙ ඕන දෙයක් වෙච්චාවෙ කියල කට්ටිය දැම්ම අමුවෙන්ම චියර්ස් පාරක්.

හප්පේ… උගුර කට පිච්චිලා ගියේ!

“අයියේ… ඉක්මනටෝ...”

අහ්! කියද්දිම එනව කියන්කො. පෝර්ක් එකද කොහෙදෝ අතේ.

අර කිව්වත් වගේ, උණු උණු සෝයි පෝර්ක් එක දුම් ද දා මේසෙ උඩ කියන්නකො.

“ඒ අපි කනෝ… උඹ බලන් ඉඳාන් ඔඳේ!”

අපේ, ලිමිටඩ් මාංශභක්ෂකයට පොඩි කෝචොක් එකක් දාපු මම පිඟන් වලට බෙදා ගැනිල්ල පැත්තක තියල, ගත්ත පෝර්ක් කෑලි දෙකක් ගෑරුප්පුවට. අරගෙන දෙකට තුනට නවල දැම්ම කට ඇතුළට.

යාළු!

පිස්සු හැදෙනව ඈ… ආයෙ දිව්‍ය භෝජන රස පරාදයි. සෝයා සෝස් රසයි පෙති කපල බැදපු පෝර්ක් පෙතිවල රසයි, කොච්චි පේස්ට් එකේ සැර ගතියයි එකතු වුණාම පංකාදු පහයි. කිව්වට විශ්වාස කරන්න, ඒ පෝර්ක්වල බැදිච්ච ගතිය තව පොඩ්ඩක් හරි වැඩි වුණා නම් කෙළින්ම බේකන්ම තමයි. පුදුම රසක් තිබුණෙ. අනික අමු මිරිස්, කෑලි මිරිස්, ගම්මිරිස් වලින් හොඳ හැටි සැර වෙලා නිසා බයිට් එකටත් කියාපු. ඒ මදිවට නිවිති කොළත් දාලනෙ. ලසා නොකෑවට මම නම් නිවිති කෑවා හොඳ හැටි. ඊටත්, මේ කාරණේ අනිවාර්යයෙන් කියන්න ඕන.

රු. 700ට මේසෙට එන ලැවනියා ස්පෙෂල් සෝයි පෝර්ක් එකේ තියෙන පෝර්ක් පෙති ගානයි රසයි එක්ක බැලුවාම නම් අවංකයෙන්ම ලාබයි හොඳේ! මගෙ හිතේ පෝර්ක් පෙති 20කට එහා පැත්තෙ?

ඔය අතරට චොප්සියත් මේසෙට ඇවිල්ල තිබ්බෙ. ඒත් මේ පෝර්ක් එකක් නිසා ඒක රස ගැන කියන්න අමතක වුණානෙ. හැබැයි ඉතින් ඒකත් ජීවිතේට අමතක නොවෙන චොප්සියක් තමයි. මොකද ඒකෙ තිබ්බ දේවල් හරියට හඳුන ගන්නත් සෑහෙන්න වෙලාවක් ගියා. මතකෙ හැටියට එළවළු ජාතිම 5, 6ක් විතර. කැරට්, ලීක්ස්, ගෝවා, බෝංචි, කෝර්න්, පිපිඤ්ඤා... එතකොට සීෆුඩ්! පොතු ඇරල තම්බපු ඉස්සො, දිගට කපල තම්බල සෝස් වලින් රස කරපු දැල්ලො, ලොකු කොටු කපල ගම්මිරිස් වලින් සැර කරපු තෝර මාළු, හප්පේ… කෑලි 20කට 25කට එහා පැත්තෙ. කොටින්ම කියනව නම් හැන්දට ගන්න ගන්න කටක් ගානෙ මොකක් හරි සීෆුඩ් කෑල්ලක් අහුවෙන ගානයි. අනික අපි බෝතලේ ඉවර වෙනකම්ම කාලත් අඩියෙ තිබ්බ බත් ටික මතුවෙලා නෑ කියන්නකො.

හිතා ගන්න යාළු මෙයාලගෙ කෑම පිඟන්වල සයිස් එක, 3දෙනෙක් බෝතලයක් ගහල බඩ, පැලෙන්න කාලා… ඒත් බයිට් ඉතුරුයිනෙ. විලි ලැජ්ජාවයි අප්පා. වෙලාවට බීලා හිටියෙ. ලසා මේසෙ උඩට පත බෑවිලා, හරා තනියෙන් කියවනව, මටත් පුටුවෙන් නැගිට ගන්න බැරි ගානයි. කරන්න දෙයක් නැතිම තැන!
“මේ…. ලොකු අයියෙ? මේ ටික පාර්සල් කරල අපේ බිලත් එක්ක ගේන්නකො”

කෑම විසි කරන්න හිත දෙන්නෙම නැති නිසා සතෙක්ට හරි දෙනව කියලයි ඔතා ගත්තෙ.

ඊට පස්සෙ ඉතින් අමාරුවෙන් නැගිට්ට. නැගිටල බිල ගෙවන්නයි කියල කැෂියර් එකට කිට්ටු කළේ. ඒත්...

“පේන විදියද මන්ද, හරිම කළුවරයිනෙ”

“අයියෙ සල්ලි?”

“ආ මට දෙන්න මහත්තය. රෙස්ට් එක වහල තියෙන්නෙ”

“හෑ…”


TIP

Try Mix Chopsuey or Soy Pork.

Artwork for Frimi Shoutout banner
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment