Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

3/5

Hippie Chippie

149 Havelock Road, Colombo 5


Interesting place. Food wasn't mind-blowing but it was good and we'll definitely give the other menu items a try. What really sets it apart is the staff, who really seem to put love into the food.



හිප්පී චිප්පී කියන්නේ හැව්ලොක් පාර අයිනේ පිහිටලා තියෙන ප්‍රධාන වශයෙන්ම ෆිෂ් සහ චිප්ස් පිළිගන්වන පුංචි රෙස්ටෝරන්ට් එකක්. එයාල බත් මාළුත් දෙනවා.

හිප්පී චිප්පී මිත්‍රශීලී වගේම බුද්ධිමත් විදියට පුදුම විදියේ රස වගේම ගුණ කෑම සපයන ෆුඩ් ජොයින්ට් එකක්. ඒක හැව්ලොක් පාරේ තියෙන පුංචිම පුංචි තැනක්. ඒක හරියටම තියෙන්නේ ඩික්මන් එක ළඟ, සොෆ්ට්ලොගික් ෂෝරූම් එක ඉස්සරහ. ඒකට ඇතුල් වෙනකොට පේන්නේ ඉන්ටර්නෙට් කැෆේ එකක් වගේ උණාට ඒක ඇත්තටම සරල කෑම සහ මිත්‍රශීලී සේවකයෝ ඉන්න රෙස්ටෝරන්ට් එකක්.

කෑම

කෑම ගැන තේරුම් ගන්න අපහසු දෙයක් තියෙනවා. සමහරවිට ලුණු සහ MSG ගොඩාක් දැම්මම කෑම රසවෙනවා. හැබැයි හිප්පී චිප්පීලගේ ඒවා දාන්නේ නෑ. අපි මෙයාලගේ ෆිෂ් ඇන්ඩ් චිප්ස් (රුපියල් 690) කෑවා. ඒවා හරිම හොඳයි. වටේ දවටනය කරලා තිබුණේ ඝණකම් ගෙදර හදපු ටාර්ටාර් සෝස් වලින්. අපි චිකන් ෆ්‍රියීඩ් රයිස් එකකුත් කාල බැලුවා. ඒක රුපියල් 290යි. ඒකත් හොඳයි. ඒත් හරියට පදම් වෙලා නැහැ. මිරිස් චුට්ටක්වත් නැහැ.

ෆිෂ් ඇන්ඩ් ච්ප්ස් හොඳයි. ඒත් ටිකක් මිල වැඩියි. ෆ්‍රයිඩ් රයිස් නම් තව වැඩිපුර මිරිස් ටිකක් දාලා තිබුනනම් හොඳයි. එයාලගේ මෙනූ එක බලද්දි බොහොම රසවත් දේවල් තියෙනවා කියලා පේනවා. විශේෂයෙන්ම මුහුදු කෑම වර්ග.

පිහිටි තැන හිප්පී චිප්පී තියෙන්නේ මහ ලොකු තැනක නෙවෙයි. මේක පිහිටලා තියෙන්නේ කලින් කැනබීස් කියල නම තිබුණු පුංචි සාප්පුවක. ඒක හරියටම ඉන්ටර්නෙට් කැෆේ එකක් වගේමයි. ඒක කෑම කන්න එතරම් හිත ඇදගන්නාසුලු තැනක් නෙවෙයි. එයාලගේ ප්‍රධානම ව්‍යාපාරික කටයුතු කෙරෙන්නේ කෑම පැකට් විකිණීමයි, නිවෙස්වලට ගිහින් දෙන එකයි. කෑම මෙතන කනවට වඩා ගෙදර අරන් ගිහින් කනවනම් තමයි හොඳ. මේක හැව්ලොක් පාරේ තියෙන පෙට්ටි කඩයක් විතරයි.

සේවාව

සේවක මඬුල්ල නම් නියමයි. එයාල එතන අයිතිකරුවෝ වගේ තමයි පේන්නේ. එහෙම නැත්නම් අඩුම තරමින් එයාලගේ ආයතනයට තියෙන ආදරෙන් පේන්නේ එයාලා ඒකෙ අයිතිකරුවො වගේයි.

නිගමනය

හොඳ තැනක්. කෑම අති විශිෂ්ටයි කියන්න බැරි වුණත් හොඳ මට්ටමින් තියෙනවා. අපි මෙනූ එකේ තියෙන අනෙක් දේවලුත් රස බලන්නයි හිතාගෙන ඉන්නේ. මෙතන තියෙන විශේෂම දේ තම්යි සේවකයන්ගේ තියෙන උනන්දුව.

TIP

The fish and chips is good.
All Reviews

Interesting place. Food wasn't mind-blowing but it was good and we'll definitely give the other menu items a try. What really sets it apart is the staff, who really seem to put love into the food.

සිංහල හිප්පී චිප්පී කියන්නේ හැව්ලොක් පාර අයිනේ පිහිටලා තියෙන ප්‍රධාන වශයෙන්ම ෆිෂ් සහ චිප්ස් පිළිගන්වන පුංචි රෙස්ටෝරන්ට් එකක්. එයාල බත් මාළුත් දෙනවා. හිප්පී චිප්පී මිත්‍රශීලී වගේම බුද්ධිමත් විදියට පුදුම විදියේ රස වගේම ගුණ කෑම සපයන ෆුඩ් ජොයින්ට් එකක්. ඒක හැව්ලොක් පාරේ තියෙන පුංචිම පුංචි තැනක්. ඒක හරියටම තියෙන්නේ ඩික්මන් එක ළඟ, සොෆ්ට්ලොගික් ෂෝරූම් එක ඉස්සරහ. ඒකට ඇතුල් වෙනකොට පේන්නේ ඉන්ටර්නෙට් කැෆේ එකක් වගේ උණාට ඒක ඇත්තටම සරල කෑම සහ මිත්‍රශීලී සේවකයෝ ඉන්න රෙස්ටෝරන්ට් එකක්.

Address

149 Havelock Road, Colombo 5

Directions

It's on Havelock Road, just past Dickman's Road and before Park Road. It's next to a Cashew Centre.

Contacts

Facebook Website

Report Inaccuracy

This place has closed down

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Seafood

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
5
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 12 Comments