Artwork for Brew-at-Hatch-Top Banner 2 A
Artwork for The Garden top banner 2 -20 April 2021
Artwork for PMF EID SAWAN OFFERS SBB1 Artwork for Coffee post sidebar 1-Aga coffee

4/5

Holly's Street Food

Ruhunupura


A streetside stall at Kimbulawala Walk Way known for their Hotdogs and excellent Gulab Jamun.



කිඹුලාවල ජොගින් පාත් එක ළඟ හවස් වරුවට පෙළ ගැහෙන කෑම ස්ටෝල්, ෆුඩ් ට්‍රක් ගාණ දවසක් ගාණේ වැඩිවෙන සීන් එකක් තියෙන්නේ. ඉතින් ඔය අතරින් කටට රහට හොට් ඩෝග් එකක් කන්න පුළුවන් තැනක් විදියට තියෙන්නේ Holly's Street Food එක.

කෑම 

බීමට කියලා අමුතු දෙයක් නැතත්, කෑමට නම් කීප ජාතියක් ම මේ කට්ටිය ළඟ තියෙනවා. හොට් ඩෝග්ස්, චිකන්/පෝක් කරි එක්ක රෝස්ට් පාන්, පරාතා, ඒ වගේ ම ගුලාබ් ජමුන්, බ්‍රව්නීස් ඔය අතරින් කීපයක්.

අපි ඔය අතරින් ගත්තේ බේකන් සොසේජ් හොට් ඩෝග් (රු. 350) එකයි, ලිංගුස් හොට් ඩෝග් (රු. 250) එකයි, චිකන් කරි - පරාතා මීල් (රු. 250) එකයි.

හොට් ඩෝග් දෙකේ ම සොසේජස් ජාති දෙක නියම ගානට බැදිලා. අපි මේ දෙකම ගත්තේ එයාලගේ හෝම්මෙඩ් මස්ටඩ් සෝස් එක දාලා. පංකාදු පහයි ඈ ඒ සෝස් එක. හෙන ම උකුයි, පොඩි ඇඹුල ගතියක් එක්ක අබ රහ හොඳට ම දැනෙන්න හදපු එකක්. කීල්ස් එකේ හොට් ඩෝග් බන් එක තමයි මේගොල්ලෝ පාවිච්චි කරලා තිබුණේ. ඒකෙ නම් කියන්න තරම් අරුමයක් නැහැ. ෂේප්.

මේවයේ රස තවත් වැඩිවෙන්නේ මදි පාඩුවක් නොදැනෙන ගානට එකතු කරලා තිබුණු තෙල් දාපු ලූණු කෑලි නිසා.

චිකන් කරි - පරාතා මීල් එකත් සිරා. චිකන් කරිය පට්ට ම ස්පයිසි. අනික ස්පයිසස් සේරම මසට හොඳට අල්ලලා. පරාතා 3ක් ම මේකට ලැබුණත්, ඒවායේ වේලුණු ගතියක් තිබුණු එක තමයි අවුල.

සේරමත් හරි, මෙයාලගේ ගුලාබ් ජමුන් (රු. 80) එකේ රහ බලන්න එපැයි. පිස්සු හැදෙනවා ඒකෙ රහට. මාර ම සොෆ්ට් ටෙක්ස්චර් එකක් තිබුණෙත්. පැණි රසත් ගානට. හොඳ කිරි රසකුත් ආවා.

තැන සහ සර්විස් එක 

ජොගින් පාත් එක අයිනේ පුටු කීපයක් දාලා වාඩිවෙන්න ඉඩකඩ සලසලා තිබුණා. ජොගින් පාත් එක පැත්තෙන් එන හුළඟත් වැදි වැදී ම කෑම කන්න ඇහැකි. අනික වැඩට ඉන්න කෙල්ලෝ කොල්ලෝ ටිකත් හරි ෂෝක්. මාර ම ෆ්‍රෙන්ඩ්ලි.

අවසාන වශයෙන් 

මේ පැත්ත පහු කරගෙන යනවා නම්, හොඳ රහට හදපු හොට් ඩෝග් එකක් කන්න නවතින්න ම ඕනේ තැනක් තමයි මේක. නිකමට හරි ආවොත් අර ගුලාබ් ජමුන් ටිකක් අරගෙන කන්න අමතක කරන්න එපා හොඳද.


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment