Artwork for Sampath Top - June

4/5

Hot Ginger

116, Thalawathugoda road, Pitakotte


Great place to have a delicious Sri Lankan rice & curry or a western type dinner.



“ඒ වහිනව U!@#$%^”

“ඔව් ඉතින් වහිනව තමයි. වහිනවයි කියල නොකා ඉන්නද තෝ කියන්නෙ? මං මේ දවාලෙ ඉඳන්, බඩගින්නෙ”

“නෑ යකෝ. මම අහන්නෙ කොහොමෙයි යන්නෙ කියල, රෙද්ද”

“ආ… ඉඳින්කො ඉඳින්කො. මම පික්මියක් දාගෙන එන්නං”

පහුගිය බදාදද කොහෙද මගෙ මතකෙ හැටියට,

අතට පොඩි සම්තින්ග් එකක් පාත් වුණ නිසා මම කල්පනා කළා හන්දැ වරුව අල්ලල මොනව හරි කන්න යන්න කියල. ඒත් ඉතින් තනියම යන්න කම්මැලියිනෙ. ඒ නිසා පොඩි කෝල් එකක් ගැහුව ළඟම ඉඳපු යාලුවෙක්ට. ඒකත්, කරුමෙ කියන්නෙ යන්න ඔන්න මෙන්න තියල ඇදන් වැටුණ කියන්නකො ධාරාණිපාත මෙව්ව එකක්. හප්පොච්චියෝ… සියලු ප්ලෑන් වතුරෙ.

ටිකකින් පායයිනෙ කියල බල බල හිටිය හිටියා…

ම්.. හ්… කිසිම නෑ!

“මෙහෙම හිටියොත් රෑට තියා හෙට උදේටවත් කන්න වෙන්නෙ නෑ”

කියල කල්පනා වෙලා තමයි මම පික්මියක්වත් දාගෙන යාලුවත් එක්ක යන්න ලෑස්ති වුණේ.

අනේ වාසනාවන් කියල ඔන්න වැස්ස වෙලාව වෙලත් පික්මියක් සෙට් වුණා. ආයෙ බල බල ඉන්න දෙයක් නෑනෙ. ෂෝටයි බාටයි දාගත්ත මම, සෙනික වීල් එකට ගොඩවුණා. ගොඩ වෙලා කෙළින්ම ඇද්දෙ යාලුවගේ දිහාවට. එහෙට ගිහින් ඒකාවත් දාගෙන පිටත් වුණා පිටකෝට්ටෙ පැත්තට යන්න. මොකද පෙර සිටම මගෙ මීටරේ තිබ්බ කඩයක් තිබ්බ ‘හොට් ජින්ජර්’ කියල, පිටකෝට්ටෙට පොඩ්ඩක් තලවතුගොඩ පැත්තට වෙන්න.

යද්දි, දෙයියනේ කියල කඩේ ඇරල. එච්චරයිනෙ වෙන්න ඕන.

පොද වැස්සෙම දුවගෙන ගියපු මායි යාළුවයි යාලුවයි කෙළින්ම නතර වුණේ රෙස්ටුරන්ට් එක ඇතුළෙ.

“හ්ම්ම්… උඩට යමං. පෙන්නුම් කරන විදියට එතන තමයි වැඩේ යන්නෙ. ඔය වේටර්ලත් ඉන්නෙ”

හොඳට විපරම් කරල බලපු යාළුව, එයාගෙ අදහස එළියට දැම්ම. බැලූ බැල්මට යාළුව හරි වගේ… ‘ඇතුල්වීම’ ළඟම තිබ්බ පඩිපෙළෙන් උඩ තට්ටුවට නැගපු අපි හිමින් සැරේ අයිනක් අල්ලල වාඩි වුණේ රෙස්ටුරන්ට් එකේ හැඩ බලන්නත් එක්කම කියල. හැබැයි ඊට කලින් සේවක මිත්‍රයෙක් ඇවිල්ල අපිට මෙනුවක් එහෙම දීලා මේසෙත් හදල දීලා ගියේ.

මට ඉතින් ඔය ලොකු ලොකු සීන් නෑනෙ. ගත්ත ගමන් මම ඉ(රු. 900)ල්ලුවෙ හොට් ජින්ජර් ස්පෙෂල් මික්ස් චොප්සියක් (රු. 550).යාලුවත් බලල කරල මික්ස් ග්‍රිල් එකක්  ගත්ත. බීමට ජූස් ගන්න කියල බැලුවෙ. හැබැයි රෑ වෙලා නිසා ඒව තිබ්බෙ නෑ. ඉතින් අපි කාලා ඉවර වෙලා ටී එකක් ගහනව කියල හිතාගෙන කෑම ඕඩරේ දැම්ම.

ඊට පස්සෙ ඉතින් දන්නැද්ද, කතා බහත් එක්ක වටපිටාවත් පොඩ්ඩක් බැලුන. ෂප්පේ… මේකෙ ලස්සන. තනි වීදුරුවෙන් බිත්ති දාලා නිසා පාරෙ ඉඳන්ම වුණත් බලන්න පුළුවන් වැඩේ යනව විදිය. ඒ විතරක් නෙවෙයි ලස්සන ලස්සන පොටෝ එල්ලල, සුපිරි මේස ටිකක් එහෙම දාලා…

හැබැයි… මෙයාලගෙ පුටු!

පුටු නම් ගන්න දෙයක් නෑ. අන්තිම සවුත්තුයි. විශේෂයෙන්ම කියන්න ඕන, ඒකෙ වාඩිවෙලා ඉන්න බෑ. ඇයි අප්පේ… පුටුව ලිස්සනවනෙ, අනික වාඩි වෙන්න තියෙන ඉඩත් හරිම පොඩියි. හදිස්සියෙවත් මහත කෙනෙක් ආවොත් එහෙම සොරි තමයි.

හිතේ වේදනාවෙන් වුණත් කරන්න දෙයක් නෑ මල්ලි මේසෙට ආපු කෑම ටික කන්න වෙනවනෙ. පුංචි කතා බහේ උපරිම විනාඩි 10ක් යන්න ඇති. උණු උණුවෙ, සුවඳ ගහන කෑම ටික මේසෙ උඩ. කිව්වට විශ්වාස කරන්න යාළු ඒක නම් දැක්කමා කටට කෙළ උනන ගානයි. වැඩි හරියක්ම මික්ස් ග්‍රිල් එක එහෙම... පිස්සු හැදෙනව.

යාළුවගෙ මොකෝ මගේ මොකෝ කියල ඉස් ඉස්සෙල්ලාම, මමත් පටන් ගත්ත මික්ස් ග්‍රිල් එකට වැඩේ දෙන්න.

පංකාදු පහයි ඈ…! දැල්ලො එක එහෙම තියෙනව ආයෙ ලෙසටම. අඟුරු රස්නෙට පදමට තැම්බිලා, කරවෙලා… ඒ වගේම තමයි මාළු පෙතිත්. මගෙ හිතේ තෝර මාළු වෙන්න ඕන. සෝස් මොනවදෝ දාලා රස පදමට ග්‍රිල් කරලා. ආ… චිකන් පෙත්තත් මරු. හැබැයි ඒකෙ ලුණු, ඇඹුල් රස මදි. හරියට පදම් කරල නැද්ද කොහෙද. සොසේජස් ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඒව කොහොමත් එකම රසනෙ. හැබැයි ඉතින් ඔය අතරට සෝස් ටිකක් ගෑවිච්ච ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කෑල්ලක් එහෙම හැපෙද්දි, බලන්න එපැයි රස!

කොහොම හරි මික්ස් ග්‍රිල් එකෙන් දැල්ලො කෑල්ලක් මගේ පිඟානට දා ගන්න ගමන්ම මම චොප්සි ටිකකුත් දාගත්ත. මොකද ඒක නිවුණොත් අපරාදෙනෙ. වැඩේ කියන්නෙ, මෙනුවෙ තිබ්බට චොප්සියෙ, රයිස් තියෙනව කියල මේසෙට ආපු එකේ රයිස් නෑ කියන්නකො. ඒ මදිවට හොදි ගතියත් අම්බානක. මගෙ හිතේ සෝස් ස්ටොක් එක වැඩියිද කොහෙද. නැත්නම් මෙච්චර දාන්න ඕන නෑනෙ නේ…

එහෙම වුණාට ඉතින් චොප්සියෙ තිබ්බ ඉස්සො, දැල්ලො ටික නම් ෆුල් ෆ්‍රෙෂ්. බෝංචි, කැරට්, ගෝව ටිකත් එමමයි. හැබැයි මාළු, චිකන් කෑලි නම් පදම් වෙලා මදි. නිකම් තැම්බිලා විතරයි. අඩුම තරමෙ පොඩි ලුණු ගම්මිරිස් රසක්වත් තිබ්බ නම්…

ඔය අතරට මම ගෙදර ගෙනියන්න ගත්ත මික්ස් කොත්තුව (රු. 500) ගැනත් කියන්න ඕන.

ඇත්තටම ඒ කොත්තුව නම් සුපිරි. චිකන්, මාළු, ඉස්සො, දැල්ලො තමයි ඒකට දාලා තිබුණෙ. ගොඩක් හොදි නොදා, සැර ගතියත් පදමට එන්න ගහල තිබ්බ නිසා තලු මර මර කන්න පුළුවන්. අනික කොත්තුවට ආපු මිරිස් හොද්දත් තරමක් හොඳයි. ඒක දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන්සයිස් එකට තියෙනවත් නිසා තවත් මරු.

ආයෙ ඉතින් අන්තිමට බීපු ස්ට්‍රෝන්ග් ටී එක (රු. 80) ගැන තමයි...

අනේ… ඇත්තටම ‘හොට් ජින්ජර්’

මීට පස්සෙ කිරි හදද්දි පොඩ්ඩක් ලෝබ නැතුව පිටි හැඳි ටිකක් දාන්න. මොකද අපිට කෙසේ වෙතත් කඩේ නමට හරි නෑනෙ, හී….!


TIP

Try Rice & curry or Mix grill.

Artwork for Sampath Content Sep generic
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment