Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

3/5

Hotel De New Pilawoos (Bambalapitiya)

Daisy Villa Avenue, Colombo 4,


One of the top Kottu places in Bambalapitiya.



වැස්සට ඔෆිස් එකට කොටුවෙලා ඉඳලා ගෙදර යන්න බලද්දි හතත් පහුවෙලා. වැස්සත් එක්ක කොත්තු බඩගින්නකුත් ආපු නිසා ඔෆිස් එකේ ඉතුරුවෙලා හිටපු බුද්ධිකයි සරිතුයි ඇදගෙන ගියා බම්බලපිටියෙ පිලාවුස් එකට.

තැන

පිලාවුස් කීවම ඉතිං දැන් වැහි වැහැලනේ. බම්බලපිටියේ අපේ ඔෆිස් එකේ ඉඳන් ඇවිදින දුරින් පිලාවුස් දෙකක් තියෙනවා. අයිෂා කියන විදියට නම් මේ එකක්වත් කොල්ලුපිටියේ තියෙන ඔරිජිනල් පිලාවුස් එකේ බ්‍රාන්ච් නොවුණත් ඒ තියෙන කෑමබීම වර්ග අඩුවැඩි වශයෙන් මේවයෙත් තියෙනවා.

ඉතිං ආපහු සැරයක් හරියට ම කීවොත් අපි ගියේ බම්බලපිටියේ එම් සී එකේ ඉඳන් මීටර් සීයක් විතර දෙහිවල පැත්තට එද්දි තියෙන ‘ග්‍රෑන්ඩ් පිලා - හොටෙල් ඩි නිව් පිලාවූස්’ එකට.

කෑම

පිලාවූස් ගිහිල්ලත් කොත්තු කෑවෙ නැත්නම් වැඩක් නෑනෙ. ඉතිං අපි ගත්තා බීෆ් පාලන්දි කොත්තුවක්. පාලන්දි කොත්තුව හදන්නෙ මුදවපු කිරි දාලනේ. ඒක අනිත් ස්පයිස් එක්ක එකතුවෙලා එද්දි ද මන්දා පොඩි කිරිහොදි රහකුත් එනවා. බීෆ් කෑලි මෙහෙම කර නොකර තිබුණ නම් මම කැමතියි. ඒ වුණාට මේ කොත්තුව අවුලක් නෑ, ලූණු, තක්කාලි, මාළුමිරිස් එහෙමත් හොඳට දාලනේ තියෙන්නෙ.

චිකන් ෆ්‍රයිඩ් රයිස් එකේ ලොකු අවුලක් නැති වුණත් බත් එක පොඩි පරණ රහක් එනවා කියලා සරිත් කීවා.

සාමාන්‍යයෙන් පිලාවූස් එක ප්‍රසිද්ධ කොත්තු, ෆ්‍රයිඩ් රයිස්වලට වුණාට අපි හිතුවා මේ පාර සබ්මැරින් එකකුත් කාලා බලන්න. මෙකට චීස් පෙත්තක් එහෙම දාල තිබුණත් එච්චර ම ගතියක් නෑ. ෆ්‍රයිඩ් චිකන් තමයි මේකට දාලා තියෙන්නෙ. බන් එකෙත් එච්චර අලුත් පාටක් නෑ.

ස්පෂෙල් අයිස් මයිලෝ එක නම් ඉතිං වෙනද වගේ ම රහට තිබුණා. අතරින් පතර හැපෙන සීනි කැටත් එක්ක, පිටි එකට කලවම් කරපු මයිලෝවලට අමතර ව තව මයිලෝ කන්දක් විතර මේක උඩිනුත් දාලා තියනවනේ.

ආ, අපි තව ලයිම් ස්ප්‍රයිට් එකකුත් ගන්න හිතාගෙන හිටියත් පස්සෙ ඒ අදහස අතෑරල දැම්මා. පස්සෙ කියන්නම් ඇයි කියලා.

සර්විස් එක

අපට හම්බුවුණේ නම් මරු වේටර් කෙනෙක්. අපි “පාලන්දි කොත්තුවක්” ඉල්ලපුවම මිනිහා අපි දිහා කන්න බලාගෙන කල්පනා කරනවා. යන්තම් එතනින් ගිය වෙන වේටර් කෙනෙක් මිනිහට කීව එහෙම ජාතියක් තියනවා කියලා. සබ්මැරීන් කියල ජාතියකුත් මිනිහා අහල තියෙන බවක් පෙනුණෙ නැති වුණාට සබ්මැරීන් හොයන්න වරායට නොගිහින් කවුන්ටරේට කියන්න තරම් කල්පනාවක් මිනිහට තිබුණා. “ස්පෙෂල්” අයිස් මයිලෝ කියන එකත් අපේ වේටර් අයියට තේරුණේ නැති බව අපට තේරුණත් එයා ඒක ප්‍රශ්නයක් කරගන්නෙ නැතුව ගිහින් කවුන්ටරේට කීව. ඊළගට ලෙමන් ස්ප්‍රයිට් එක. “ලෙමන් ස්ප්‍රයිට්” කියපු ගමන් මිනිහා අහනවා “සීනි නැති එකද” කියලා. “නෑ නෑ ඔය මෙනු එකේ ලියල තියෙන්නෙ” කියල පෙන්නුවට පස්සෙත් සෑහෙන වෙලාවක් කල්පනා කරලා ගිහින් ප්‍රිජ් එක ඇරලා ස්ප්‍රයිට් බෝතලයක් අරන් අහනවා “මේක නේද” කියලා. තවත් ඕක තේරුම්කරන්න ගියොත් මිනිහා ඒ බෝතලේ තියලා අර සුදු පාට බෝතලේ එන සීනි නැති ස්ප්‍රයිට් එක ගෙනෙයි කියල බයට ම මම ඔළුව වැනුවා.

අවසාන වශයෙන්

පිලාවූස් එක ඉතිං කවදත් ප්‍රසිද්ධ කොත්තු, අයිස් මයිලෝ වගේ ඒවටනේ. මේකෙත් කොත්තුවයි මයිලෝ එකයි නම් අවුලක් නෑ. කොත්තු නම් සෑහෙන රේන්ජ් එකක් තියනව නේ. මෙතන මසාලා කොත්තුව එහෙමත් රසයි. හැබැයි අනිත් කෑම ජාති නම් එච්චර ම ගතියක් නෑ. සාමාන්‍යයෙන් මෙතන ඉන්න ගොඩක් වේටර්ලා අර අපට හම්බ වුණු වේටර් අයිය වගේ නෑ. හැබැයි ඉතිං ඔයාලටත් වැරදිලාවත් මිනිහව සෙට් වුණොත්, ඒකෙත් ගතියක් නැත්තෙමත් නෑ. ;)


TIP

If you're ordering the cheese kottu, ask for extra chicken; drives the price up a bit further, but worth it.

Address

Daisy Villa Avenue, Colombo 4,

Directions

More or less opposite Majestic City. On the corner of Galle road and Daisy Villa avenue

Contacts

Report Inaccuracy

Open 24 hours a day

Cuisine

Sri Lankan Street Food

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Kottu

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 9 Comments