Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

3/5

Hotel De New Pilawoos (Bambalapitiya)

Daisy Villa Avenue, Colombo 4,


One of the top Kottu places in Bambalapitiya.



චීස් කොත්තු කිව්වාම ඕන කෙනෙකුට එක පාරටම මතක් වෙන්නෙ පිලාවූස් එක. අපේ YAMU ඔෆිස් එක කිට්ටුවත් පිලාවූස් එකක් තියෙනවා. වෙලාව දවල් 2කට විතර ඇති. මම අද ගෙදරින් කෑම ගෙනාවෙත් නැති නිසා ඉතින් චීස් කොත්තු පාරක් දාන්නමයි හිත. තනියෙන් යන්නත් කම්මැලි නිසා මම චින්තකටත් කථා කලා පිලා එක පැත්තෙ යන්න.

''මම ගෙදරින් කෑම ගෙනාවනෙ බන් මොකෝ කරන්නෙ ?'' චිනා මගෙන් ඇහුවා.

''උඹට අවුලක් නැත්නම් ගෙනාපු කෑම එක කාට හරි දෙමු ? අපරාදෙනෙ''

''එකෙන්ම. අපි මුලින්ම කෑම එක දීලා ඊට පස්සෙ ගිහින් කමු'' චිනාත් වැඩේට එක පයින්ම කැමතියි.

YAMU ඔෆිස් එකෙන් එළියට බැහැපු අපි දෙන්නට වජිර පාරට හැරෙන කොටම වගේ දුප්පත් අංකල් කෙනෙක් හමු වුනා. අහල බැලුවාම දවල්ට තියා උදේට කාලත් නෑ. ඒ මනුස්සයා අපි දුන්න කෑම එක අතට ගත්තෙ චිනාටයි මටයි විතරක් නෙවෙයි අපේ පවුල් වල අයටත් පින් දිදී.

''පුළුවන් හැම වෙලාවකම නැති බැරි මිනිස්සුන්ට දෙන්න ඕන. යන තැනකට හරි තියෙයිනෙ''

වජිර පාර දිගේ ඇවිල්ල ගාලු පාරට හැරිලා බම්බලපිටිය හන්දිය පැත්තට මීටර් 200ක් වත් යන්න නෑ පිලා එකට ගොඩ වෙන්න.

වාතාවරණය

පිලා එකට ඇවිත් පොඩ්ඩක් වට පිට බලපු මම චින්තකවත් ඇදගෙන භෝජනාගාරෙ අයිනට වෙන්න තිබුන මේසෙකට ගිහින් වාඩි වුනා. වාඩි වෙලා අනිත් පැත්ත බලද්දි මෙන්න සේවකයෙක් ඇවිල්ලා ඉන්නවා අපේ ඕඩරේ ගන්න. මම නම් කල් තියාම හිතාගෙන ඉඳපු කුකුල් මස් චීස් කොත්තුව (රු. 460) ඕඩර් කලා. චින්තකට මං හිතන්නෙ බත් කන්න ඕන වෙලාද කොහෙද විනාඩියක් විතරම කල්පනා කර කර ඉඳලා අන්තිමට ඉල්ලුවේ හරක් මස් බත් එකක් (150). මම නම් හරක් මස් කන්නෙ නෑ.

අාහාර සහ සේවාව

චින්තකගෙ බත් එක තමයි මුලින්ම මේසෙට ආවෙ. නරකම නෑ වගේ. මිරිසට උයපු හරක් මස් ලොකු කෑලි 3ක් තිබුනට අනිත් එළවළු නම් බෙදල තියෙන්නෙ තේ හැන්දෙන්ද කොහෙද. මම හරක් මස් කන්නෙ නැති නිසා චින්තක බත් එක අනන්න කලින්ම කංකුං තෙල් දැමුමෙයි අල, කැරට් එකට දාලා කිරට හදපු ව්‍යංජනයෙයි පරිප්පු එකෙයි රහ බැලුවා. පොඩ්ඩ බෙදල තිබ්බත් ඇත්ත කියන්න ඕන කෑම රසයි. සැර පදමට හිටින්න තෙල් දාලා තිබුන කංකුං එක තමා සුපිරියටම අල්ලල ගියේ. කිරට හදපු අල, කැරට් එකත් හොඳයි. හොඳට කිරි දාලා හදල තිබුනා. පරිප්පු එකත් නියමයි. සම්බා හාලේ බතට පරිප්පු ටිකකුයි කංකුනුයි සෙට් වුනාම මරේ මරු. චින්තක කියපු විදියට මිරිසට හදල තිබුන හරක් මස් එකත් හරිම රසයිලු. සැර ගතියත් පදමට තිබ්බා කිව්වා. බත් කටවල් දෙකක් කාලා බත් එක චින්තකට භාර කලේ ඒ වෙන කොට මගේ කුකුල් මස් චීස් කොත්තුව මේසෙට ඇවිල්ල තිබුන නිසා.

චීස් සුවඳේ බෑ. හැබැයි කොත්තුව සුදු පාට වැඩියි. මොකද මට මතකයි මම මීට කලින් පාරක් පිලා එකෙන් මේ කොත්තුවක්ම කෑවා. ඒකෙ සුදු පාට ගතිය මීට වඩා පොඩ්ඩක් අඩුයි. කුකුල් මසුත් වැඩියි. ඒ විතරක් නෙවෙයි මාළු මිරිස්, කෑලි මිරිස්, තක්කාලිත් ගොඩක් දාලා නියම සැරට තිබුනා.

බලමුකො මේකත් කාලා කියල මම කොත්තුවෙන් හැන්දක් කාලා බැලුවා. මම හිතුවා විදියටම කොත්තුව ඉස්සර තරම් හරි නෑ. අම්බානක චීස් දාලා රොටී කෑලි ඇලෙනවා. සැරක් නම් ඇත්තෙම නෑ. වෙනදට හොදි එකක් දෙනවා අද ඒකත් නෑ.

ඒ වුනාට චීස් ගොඩක් ගෑවුනු බැදපු කුකුල් මස් කෑලි නම් පට්ට රහයි. චිලී පේස්ට් ටිකක්වත් ඉල්ල ගන්න කියලා වට පිට බැලුවට සේවකයා නෑ පැත්ත පලාතක. මොනව කරන්නද ඉතින් කියල හිතින් හිතාගත්තු මම කාගෙන කාගෙන ගියේ බඩගින්න නිසාමයි.

ටික වෙලාවකින් සේවක මෑන්ස් එනව. ''මේ, අපිට ගේන්නකො කෝක් එකකුයි අයිස් මයිලෝ එකකුයි (රු. 160)'' මම පැනපු ගමන් ඇණවුම් කලේ ආයෙ ගියොත් පැයකට එන්නෙ නැතිවෙයි කියලා හිතපු නිසා. අනික භාගෙට කාපු කොත්තුවට හොදි ගේන්න කිව්වොත් හෙට තමයි හොදි ටික ගේන්නෙ වෙන්නෙ. වැඩිය ඕන්නෑ බීම දෙක ගේන්නත් විනාඩි 10ක් විතර ගියා.

කෝක් එක කෝක් රසමයි. අයිස් මයිලෝ එක කිරි රසයි. එහෙම වෙන්න බෑනෙ. මයිලෝ එක මයිලෝ රස වෙන්න එපැයි. ටීවී ඇඩ් වල වගේ වැඩි ආදරේට කිරි වැඩිපුර දාලාද කොහෙද.

අනුමිතිය

ඔන්න ඕකයි අන්තිමට වුනේ. තුන පහ, මිරිස් රස පදමට දාලා හදපු එළවළුයි මසුයි එක්ක බත් කාලා චින්තක බඩ කට දෙකම පුරව ගෙන ඔෆිස් එකට ආවා. රොටී කෑලි ඇලෙන තරමට චීස් දාලා ආසාවකට මිරිස් චුට්ටක් නොගෑවෙන්න හදපු චීස් කොත්තු කාපු මම බඩ විතරක් චුට්ටක් පුරව ගෙන ඔෆිස් එකට අාවා.


TIP

If you're ordering the cheese kottu, ask for extra chicken; drives the price up a bit further, but worth it.

Address

Daisy Villa Avenue, Colombo 4,

Directions

More or less opposite Majestic City. On the corner of Galle road and Daisy Villa avenue

Contacts

Report Inaccuracy

Open 24 hours a day

Cuisine

Sri Lankan Street Food

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Kottu

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3
Similar Places

Have you visited this place?

Write your own review!
See 9 Comments