3/5

Hotel De Plaza

Corner of St Anthony's Road and Galle Road, Colombo 3


This is the city’s rising late-night kottu star.


මේ තමයි කොලොම් පුරයේ නැ‍ගී එන රාත්‍රී කොත්තු තාරකාව. මේ පුංචි පහේ දිවා රාත්‍රී කොත්තු කඩය ගැන දැන් එවැනි කඩ ගැන උනන්දු කවුරුත් කතාකරනවා. එය වසර 10කට පෙර Pillawoos වගේය කියලා ඇතැමෙක් කියනවා. පිලාවුස් දැන් ලොකු තැනක්.

පිලාවුස් වගේම ප්ලාසා කියන්නේත්, කොත්තු, චීස් කොත්තු, චීස් රොටි, චිකන් පැලැන්ඩි ආදිය ඔබේ කාරයටම ගෙනැවිත්‍ දෙන ව්‍යාපාරයක්. ගාලු පාරේ එක එක තැන්වල තිබෙන පිලාවුස් කඩවලට වඩා මෙහි වෙනස ඇතුළත අසුන්ගන්න තිබෙන ඉඩ අඩුකම, කැපී පෙනෙන නාමපුවරුවක් නැතිකම, දීප්තිමත් එළි නැතිකම ආදියයි. එතැන අපිරිසිදු නැතිමුත් අපිළිවෙලක් තිබෙනවා. ඒ නිසායි එය වීදි මට්ටමට වැටෙන්නේ. හැබැයි ඉතින් වැදගත්ම දේ කෑමනේ.

ඔවුන්ගේ චීස් බීෆ් කොත්තුව පිලාවුස්ගේ කොත්තු ආධිපත්‍යයට සැබෑ අභියෝගයක්. මම එය කීප වාරයක් කාලා බලා තිබෙන නිසා මට නිසැකවම කියන්න පුළුවන් එය ඉතා හොඳ බව. එය වියළි පැත්තට බර කොත්තුවක්. එතරම් උකු ගතියක් නැහැ. ඇති තරම් චීස් හා හරක් මස් කෑලි. එහි තිබෙන සුවිශේෂම ලක්ෂණය තමයි මේ නිර්ලෝභීකම. රු. 350ක් වන එය එතරම් කෑදර නැති තුන්දෙනෙකුට වුණත් කන්න පුළුවන්. පිලාවුස් කොත්තුවල මස් ප්‍රමාණයට වඩා බෙහෙවින් මස් ප්ලාසා කොත්තුවේ තිබෙනවා. ඒත්, තවමත් බම්බලපිටියේ මැජස්ටික් සිටි ඉදිරිපිට පිලාවුස්හි කොත්තුවට මම වඩා කැමතියි. වෙනසකට හා රෑ බෝවී පිලාවුස් ගමන් මාර්ගයේ යන්න කම්මැලි විටෙක යන්න හොටෙල් ඩි ප්ලාසා කදිම තැනක්.

එතැන දිවා ආහාරත් හොඳයි. පාර්සලය රු. 120යි. බුරියානි රු. 340යි. බුරියානි රහීමාස්හි හෝ රහුමානියාහි ප්‍රමිතයට නම් නැහැ.

TIP

The iced milo is good- ask for a little less sugar than standard.

Address

Corner of St Anthony's Road and Galle Road, Colombo 3

Directions

Down the Galle Road towards Fort, past the Bambalapitiya junction, past Walukarama Road, and the original Pilawoos. Opposite 15th lane/the Sumsung store.

Contacts

Open 24 hours

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Kottu

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3


Latest