Artwork for Sampath - Top
Artwork for Kingsbury Top - Weekend

3/5

Hotel De Plaza

Corner of St Anthony's Road and Galle Road, Colombo 3


This is the city’s rising late-night kottu star.


එග්සෑම් පේපර් එක ඉවරවෙලා අපි කට්ටිය එළියට බැස්සේ අඩියට දෙකට. හරියට “හපෝ තවත් නම් මේ වදේ ඕනේ නෑ” කියන්න වගේ. ලබන සුමානේ තියෙන පේපර් එක ගැන ඊට කලින් දවසේ හිතන්න බැරියැ.

ඉතින් මේ සුමානෙට විභාග ඉවරවීමේ සන්තෝසේ සමරන්නත් එක්ක අපි හිතුවා ප්ලාසා එකට ගිහින් කොත්තුවක් කන්න.

වාතාවරණය

හොටෙල් දි ප්ලාසා එක තියෙන්නේ කොල්ලුපිටියේ ගාලුපාර අද්දර. ඉස්සර වගේ නෙවෙයි, කඩේ ඉස්සරහ පැත්ත එහෙම දැන් පිළිවෙළකට හදලා. ඇතුළෙත් වෙනදට වඩා පිරිසිදු ගතියක් තියෙනවා.

කෑම බීම

ඇතුළට ගිය අපි වාඩි වෙලා වටපිට බැලුවා. දුර තියා ම අපිව දැක්ක සේවක මිත්‍රයෙක් අපේ මේසේ ළඟට ආවේ සුහදශීලී හිනාවකුත් එක්කමයි.

“මල්ලි කොත්තු තියෙනවා, රයිසුත් තියෙනවා. හයෙන් පස්සේ හිටියොත් චීස් පරාටා එහෙමත් ගන්න පුළුවන්”

චැහ්! අපේ නරක වෙලාවට අපි ඇවිල්ලා තියෙන්නේ ටිකක් කලින් නේ. හය වෙන්න තව පැය දෙකහමාරක් වගේ තියෙනවා. ඔන්න ඔහේ කමක් නෑ කියලා අපි ලාජ් සයිස් පලන්දි කොත්තුවක් (රු.700) ගත්තා. බීම විදියට ඕඩර් කළේ අයිස්ඩ් මයිලෝ (රු.250) එකකුයි, ෆලූඩා (රු.180) එකකුයි.

අම්මසිරි මේ පලන්දි කොත්තුව! පිස්සු හැදෙන රසක්නේ තියෙන්නේ! කොහොමත් කොළඹ පැත්තේ හොඳම පලන්දි කොත්තුව ගහන්නේ ප්ලාසා එකේ තමයි. ඉස්සර මීකිරි දාලා ගැහුවට මොකද දැන් මේකේ තියෙන්නේ චීස්. හැන්දට ගත්ත ම අර හොඳට හදපු පැස්ටා එකක වගේ උණු චීස් බේරෙනවා. රෝසට් කරපු කුකුළෙක් ම දාලාද කොහෙද, ඒ තරමට චිකන්. නියමයි ඈ!

වැඩේ කියන්නේ මේක කන්න දෙන්නෙක් මදි. තුන්දෙනෙක්වත් ඕනේ. මොකද ම්කේ තියෙන චිකන්, චීස් තොගේ හැටියට කාලක් විතර කාගෙන යද්දී බඩ පිරිලා. ලාජ් පෝෂන් එකනේ. දෙන්නෙක්ට කන්න නම් පලන්දි කොත්තුවේ ස්මෝල් සයිස් එක ගත්තත් ඇති.

“කොහොමද යකෝ මුන් මේක හදන්නේ?”

අයිස්ඩ් මයිලෝ එකෙන් උගුරක් බිව්ව යාළුවා මෙහෙම කිව්වේ උගේ කටට අමෘතේ වැටුණා වගේ. කතාව ඇත්ත. ගෙදර කොච්චර මයිලෝ හැදුවත් මේ තරම් රසට හදාගන්න බැහැනේ. හීනියට එන මෝල්ට් රසක් එක්ක, තද චොකලට් රසක් මේකේ තිබුණා. නියමෙට කූල් කරලා නිසා රස්නේ දවසකට මෙහෙව් බීමක් බොද්දී අමෘතේ පරාදයි. අනික බඩත් පිරෙනවනෙ.

ෆලූඩා එකත් අපට නියමෙට අල්ලලා ගියා. උඩින් ම තිබුණු තඩි අයිස්ක්‍රීම් හැන්ද දියවෙවී කිරිවලටයි, රෝස්වලටයි එකතු වෙද්දී පට්ට ම රසයි. පැණි රසත් නියම පදමට තිබුණා.

සර්විස් එක

ප්ලාසා හෝටලේ සර්විස් එක සුපිරි. කොච්චර සෙනඟ හිටියත් කෑම පටපට ගාලා මේසෙට එනවා. අපට මුණගැහුණු සේවක මිත්‍රයත් හරිම හිතවත්.

අවසාන වශයෙන්

කොල්ලුපිටියෙන් රස කොත්තුවක් හොයනවනම් ආයේ කතා දෙකක් නෑ, ප්ලාසා තමයි හෝටලේ.

TIP

The iced milo is good- ask for a little less sugar than standard.

Artwork for Sampath Content Sep generic

Address

Corner of St Anthony's Road and Galle Road, Colombo 3

Directions

Down the Galle Road towards Fort, past the Bambalapitiya junction, past Walukarama Road, and the original Pilawoos. Opposite 15th lane/the Sumsung store.

Contacts

Report Issue

Open 24 hours

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Kottu

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3
Similar Places

User Reviews
Avatar for CK

5/5

CK

Best place to have the best cheese kottu!!

I

4/5

imajeed

We parked 200 meters ahead because there was a queue. Good food, 20 minutes later. One of us, not me, had to put a walk to get it out but it was worth it. Chicken Cheese Dolphin, Masala, dope. Get extra

Avatar for CK

5/5

CK

Best place to have the best cheese kottu!!

I

4/5

imajeed

We parked 200 meters ahead because there was a queue. Good food, 20 minutes later. One of us, not me, had to put a walk to get it out but it was worth it. Chicken Cheese Dolphin, Masala, dope. Get extra

See 33 Comments