Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

1/5

Hotel Lanka & Bakers

3, 4th lane, Mount lavinia

  • Closed right now


Nothing to describe. If you are hungry and there is only this place ..?



එක්කො මගෙ වෙලාවෙ අවුලක්ද කොහෙද මේ දවස් ටිකේ..

ඇයි අප්ප කෑමක් ගත්තොත් කඩයකින්, පජාතයිනෙ. පහුගිය සතියෙ, ඊට කලින් සතියෙ.. ඔක්කොම එකයි. ඇත්තටම පහුගිය සතියෙ දවසක අපිට කන්න දාපු ඕඩරෙත් මෙලෝ රහක් නැතිවුනා කියන්නකො.

ගල්කිස්ස පැත්තෙ කඩයක්. හොඳ රේටින් එකකුත් තිබ්බ. ඊටත් වැඩකරල වැඩකරල මහන්සියෙ, බඩගින්න ඉහවහාගිය තැන ඕඩරේ දැම්මෙත්. හිතන්නකො යාළු එහෙම වෙලාවක දාලා කෑම ටික ආවට පස්සෙ කටේ තියන්න බැරි වුනාම. චැහ්, මරන් කන්න හිතෙන්නෙ කඩේ මනුස්සයව. අනික දාපු ඕඩරෙත් වරද්දලනෙ එවල තියෙන්නෙ. අදාළ ජාතිය නැත්නම් කෝල් එකක් දීලා අහන්න ඕන එක්කො. බොලේ අපි සල්ලි ගෙවන්නෙ අපිට ඕන ඒව කන්න මිසක්, ඒකට ඕන ඒවා කන්න නෙවෙයිනෙ. 

ඔම්ලට් කරි, රයිස් ඇන්ඩ් කරි (රු. 220) එක වෙනුවට නිකම්ම තම්බපු බිත්තරයක් එවල. ඒකත් අවුලක් නෑ බතට හරි හමන් එළවළු ටිකක් දාලා තිබ්බ නම්. ඒකත් නෑ. පරිප්පුයි, මඤ්ඤොක්කයි, බටු තෙල්දැමුමකුයි, කොළ මැල්ලුමකුයි. ආයෙ මිරිස් හොදි පොඩ්ඩක් දාලා තිබ්බ, නිකම් දාලා නෙවෙයි වැරදිලා වැටිල වගේ. ඇත්තටම ඒක කෑවට අපිට ගාණක් දෙන්න ඕන.

පොඩ්ඩක්වත් රස්නෙ නැති සුදු බතත් එක්ක ලාවට කිරි දාලා හින්දල හදපු පරිප්පුවක්! කොහොමද කනකොට. මට නේද.. යකා නැගල හිටියෙ ඒක කන්න ගත්ත වෙලාවෙ ඉඳන්. ඒ අතරට කිරි පොඩ්ඩක්වත් ගෑවිලා නැති මඤ්ඤොක්කා එකකුත්.

තුක් නොදෝකින් කියන්න කොළ මැල්ලුමත් හදල තියෙන්නෙ හරකෙක්ද කොහෙද. තණකොල මගෙ හිතේ ලියල දාලා.. ලාවට මලවල. මං කියන්නෙ එක ලූණු පොඩ්ඩක්, ලුණු ඇඹුල් ටිකක්! අනේ මන්දා, මෙයාලා හොඳයි කඩ නෙවෙයි, පාන්කඩ කරන්න.

ආ.. කියන්න බැරිවුනානෙ, වම්බටු තෙල් දැමුමකුත් තිබ්බනෙ බත් එකේ. සුපිරි ආයෙ. කෙලින්ම සීනි කෑව වගේ. බැදපු වම්බටුයි, විනාකිරි රසකුයි, සීනියි.

ඔක්කොමත් හරි ඒක පැත්තකින් තියල බැරිම තැන යාළුවගෙන් ඉල්ලගත්ත බීෆ් චීස් කොත්තු (රු. 630) ටිකක්.

ඒක? කිරි අප්පේ… හැඳි 4ක් දාලාත් එක බීෆ් කෑල්ලක් නෑ. බැලින්නම් යාළුවටත් හම්බවෙලා තිබුනෙ කෑලි 4, 5යි. අනිත් යාළුවත් කෑල්ලක් 2ක් කාලා තියෙනව. ආයෙ ඉතින් චීස් කෙසේ වෙතත් යෝගට් හරි කිරි හරි නම් දාලා තියෙනව මදි නොකියන්න. ඇත්තටම නිකම් එළකිරි, හොද්දක් වගේ. වැඩේ තියෙන්නෙ එහෙම කිරි දාලා තිබ්බට එළවළු අඩුම කුඩුම ටික නෑ පේනතෙක් මානෙක.

ඒකටම ගැලපෙන බිරියානි (රු. 420) එකත්. තන්දුරි චිකන් කෑල්ලක් තිබ්බ අල්ලෙන් බාගයක් ඇති. බැදපු බිත්තරේ වෙනුවට නිකම් තම්බපු බිත්තරයක්. සලාදෙත් නෑ. හැබැයි මොනව හිතිලද මන්දා බතට දාලා තියෙනව මුද්දරස්පලම් වගයක්. ඒ හැරුනාම ඉතින් බතේ කිසි බිරියානි රසක් එහෙමත් නෑ. හැබැයි තෙල් රසයි පාට පාටයි තියෙනව. ම්ම්.. එච්චරයි ඉතින් ඇත්තටම.

කියන්න තියෙන්නෙත් එච්චරම තමයි. මතක ඇතුව, ගොඩ වෙන්න නම් එපා හොඳේ...

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment