Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

3/5

Hotel Minhaj

203, Galle Rd, Mount Lavinia


Just beef.. everything is delicious!



ඕඩර් දාලා දාලම දැන් ළඟපාත අළුත් කඩත් නෑ කෑම ටිකක් කන්න.

බලමූ.. ඇප් එකේ පහළට ගිහිල්ල, අඩුම තරමෙ බත් ටිකක්වත් රස බලන්න! කියල,

යනව යනවා.. යාළු එපා වෙනකම්. මගෙ හිතේ කඩ 20, 30කට එහා පැත්තෙ. ඒ අතරට හොඳ කඩත් අහු නොවුණම නෙවෙයි. ඒත් ඒවයෙ, එවෙලෙ අවේලබල් වෙලා තිබ්බ කෑම එච්චර සෙට් වුණේ නෑ. ඉතින් මෙනු බලබල තමයි පල්ලෙහාට ගියේ. ගිහිල්ල ගිහිල්ල ඔන්න කොහොමහරි මෙතනට ලයින් වුණා.

‘මින්හාජ්’..

අහල පුරුදු නමක් ඈ. කමක් නෑ, ඒත් කාලා නෑනෙ. ඔන්න ඔහෙ දානව ඕඩරයක් කියල ගැලපුව ඉස්ඉස්සෙල්ලාම ‘පික්ස් ෆො යූ’ එකෙන් ස්පෙෂල් මික්ස් රයිස් (රු. 500) එකක්. ඊට පස්සෙ පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ල, දැම්ම බීෆ් බිරියානි (රු. 440) එකයි, චිකන් මුර්තබා රොටියයි (රු. 350), රෝස්ට් චිකන් පලාන්දි (රු. 500) කොත්තුවයි. ඒ විතරක් නෙවෙයි, පළවෙනි වතාවට.. ආස හිතිලම දැම්ම කියන්නකො අයිස් මයිලෝ 2කුත් (1ක් රු. 120).

දාලා ඉතින්..

ඕන නෑනෙ, නේ?

කොහොමහරි පැය බාගෙට වගේ ඔන්න ඕඩරේ බැස්ස ගෙවල් ළඟටම. බයික් එක අරයිව්ඩ් කියල වැටුන විතරයි කට්ටිය දුවල ගියේ. ඇයි ඉතින් උදේ 11ට විතර කෑවට පස්සෙනෙ. ගිහිල්ල හිටං කෑම ටික ගෙනැල්ල, පිඟන් දීසිවලට දාලා, මේසෙට ඇරියා…

අනික් පැත්තටම මම වතුර වීදුරුවයි, පිඟානකුයි අරගෙන ගියේ. ඒ යනකොට..

තැන් තැන්වල බත් ඇට ටිකක් ඉහිරිලා තිබ්බ. බිරියානි පිඟානෙ මැද්දෙ මොනවද ඉතුරු වෙලා තිබ්බ. කිට්ටු කරල බැලින්නම් පූසෙක්ට කන්න වගේ තියෙනව කියන්නකො බත්කටවල් 4, 5කුයි බීෆ් චුට්ටකුයි.

මට නේද යාළු..

දෙන්නම් බොලට කියල මම ඒකත් බෙදාගෙන සනිසනික දාගත්ත අනිත් හැම එකෙන්මත්, එක පාර පිඟානට මදි නොකියන්න. විශේෂයෙන්ම කොත්තුවෙ තිබ්බ රෝස්ට් චිකන්, රයිස් එකේ මස් මාළු ටික, මුර්තබා පලුවක් විතරම..

දාගෙන බැස්ස වැඩේට.

වැඩේ කියන්නෙ යාළු, බැහැල කුළුඳුලේම කියල රස බැලුවෙ බිරියානිය. ආයෙ, කටයි දෙකයි, රස නහර පිනායයි..!

කියල වැඩක් නෑ යාළු ඒක. ඒ කිව්වෙ සුපිරි, ඔතෙන්ටික් බිරියානි එකක් නෙවෙයි. හැබැයි ගාණෙ හැටියට පංකාදු භාණ්ඩෙ. සම්බ හාලෙ බතට තුනපහ, බිරියානි මික්ස් පදමට දාලා, එනසාල්, රම්පෙ කරපිංච එක්ක, මීකිරි ලූණු සම්බෝලයයි, තම්බපු බිත්තරයයි.. ඔක්කොමත් හරි ඒ බීෆ් කරියනෙ. ෂැහ්, පංකාදු පහයි ඈ. ඒකට නම් මිරිස් තුනපහ අඩුම කුඩුම ටික දාලා තියෙනව ලෝබ නැතුව. කොටින්ම කියතොත් හොදි පොඩ්ඩ කලවම් වෙච්ච ටිකම ඇති බත් ටික ඉවර කරන්න. ඊටත් බීෆ් කෑලිවලටත් සැර, රස හොඳ හැටි අල්ලලනෙ.

ඒ ගැම්මම රයිස් එකටත්! ඇරපු අතක් නෑ කුක් නම් සුපිරි ශ්‍රීලංකන් චයිනීස් බාස් කෙනෙක්. රයිස් එක දාලා තියෙනව රෝස්ට් චිකන්, රෝස්ට් බීෆ් සවලෙන් දාලා වගේ. හැබැයි මම ටාගට් කරලම ඉස්සො, දැල්ලො, මාළු දාගත්තෙ. ඒත් තිබිල තියෙන්නෙ ඒ පේන්න තිබ්බ ටික විතරයි. අන්න එතන පොඩි බොරුවක් කරල තියෙනව. කොහොම වුණත් බත් ඇටත් ලාවට ෆ්‍රයි වෙන්න, ලීක්ස්, කැරට්, තක්කාලි, රම්පෙ කරපිංච ටිකත් පදමට සෙට් වෙන්න, දාලා නිසා…

අන්න ඒකට මුර්තබා එක. චැහ්, තුක් කියල හිතුන අනිත් 2 කාලා ඒක කද්දි. අනේ යාළු නිකම් ගෝදම්බ රොටියක් මැද්දට චිකන් තෙල්දාලා, දාලා. ඒකත් තෙල් කියන්නෙ තනි ආකරයක් වගේ. අතට ගනිද්දි ඇඟට බේරෙන ගානයි. ඒකත් කමක් නෑ තෙල් දැමුමෙ රසවත් තිබ්බ නම්. එහෙමත් නෑනෙ. ඊට වැඩිය හොඳට ඇත්තටම අපි ගෙවල්වල ලූණු විතරකුත් තෙල් දානව. මිරිසුත් හරි හැටි නෑ, මසුත් නිකම් කරියට හදපු චිකන්ද කොහෙද?

වැඩක් නැහ්!

එහෙම කියල, රොටි ආසාව පුරව ගන්න කොත්තුවට අත තිබ්බ. ඒක ඊට එහා. යකාගෙ පලාන්දි ඒකෙ. පලාන්දි කියා, මෙලෝ මළදානයක් නෑ. නිකම් රෝස්ට් චිකන් කොත්තුවක් විතරයි. අඩුම තරමෙ මිරිස්, තුනපහ.. මසාලා ටිකක්වත්?

හැබැයි ඉතින් රෝස්ට් චිකන් නම් තිබ්බ එපා වෙන්න. කොටින්ම කියතොත් ගන්න ගන්න කෑල්ලට එකක් වෙන්න. එළවළු අඩුම කුඩුමත් ලෝබ නැතුව දාලා. ඒත් ඉතින් මොකටද.. පලාන්දි කොත්තුවෙ පලාන්දි රස නැතුව. 

දුකයි දුකයි දුකයි..

මයිලෝ එක ගැනත් දුකයි.

බොන්න බොන්න බොන්න එපා..

ඒකෙ මයිලෝ නෑ නෑ නෑ..

ඕනම නම් කඩෙන් පැකට් දෙකක් අරගෙන යන්න හොඳේ. එයාලා කිරි දෙනව, අපි මයිලෝ දාගන්නව. එතකොට රසයිනේ..!


TIP

Try beef biriyani

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment