Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

3/5

Rolex Hotel

360, Galle Road, Wellawatte, Colombo 6


Rolex Hotel is a Jaffna bath kade in Wellawatte which also seems to have a branch in Jaffna.



හොටෙල් රොලෙක්ස් කියන්නේ වැල්ලවත්තේ තිබෙන යාපනය දෙමළ බත් කඩයක්. එහි ශාඛාවක් යාපනයේත් තිබෙනවාලු. යාපනයේ හෝටලය විශේෂ එකක්. එහෙත්, වැල්ලවත්තේ එකනම් සාමාන්‍ය දිවා ආහාර කඩයක්. එසේම, වැල්ලවත්ත රොලෙක්ස් එතරම් උනන්දුව ඇති කරන තැනකුත් නොවෙයි. ඒත්, අපට දැනගන්න ලැබුණා එහි සවසට ඉතා හොඳ කකුළුවන් ඇති බව. ඒත්, ඔවුන්ගේ බත් හා ව්‍යංජනනම් මිළෙන් වැඩිය. ඒ වගේම, ව්‍යංජන මදි.

අප එහි මුලින්ම අසුන්ගත්විට අපට පිරිනැමුණේ බුරියානි. බුරියානි යාපනයේ ප්‍රධාන ආහාරයක් නොවෙයි. ඒත්, බුරියානි වැල්ලවත්තේ ජනප්‍රියයිනේ.

බුරියානිය රු. 280යි. මිළෙන් අඩුයි. එත්, එහි ගුණයනම් ඉතා දුර්වලයි.

අපේ පාර්සලය බුරියානි පෙනුමකින් යුක්තවුණේවත් නැහැ. බත් යන්තම් කහපාටයි. කහ ඇත්තේම නැහැ වගේ. යාපන විලාසිතාවේ කුකුල්මස් කුට්ටියක් තිබුණා. වම්බටු මෝජු හා සාමාන්‍යයෙන් බුරියානි එක්ක නොයන මුංඇට ව්‍යංජනයකුත් තිබුණා. අපි තාම කල්පනා කරනවා එය බුරියානියක් වන්නේ කොහොමද කියලා.

නීරස නැහැ. රොලේක්ස්ලාගේ වම්බටු පැහි හා චිකන් කරි හොඳයි. ඒත්, ඒ බුරියානි නම් නොවෙයි. දවල්ට යාපන විලාසිතාවේ බත්, ව්‍යංජන සඳහානම් රොලෙක්ස් හෝටලය හොඳයි. ටිකක් මිළ වැඩියි. කුකුල්මස් සමග බත් පාර්සලය රු. 280යි. හැබැයි බුරියානි කන්නනම් යන්න එපා.

ඇතුළත පිරිසිදුබවත්, සේවාව මිත්‍රශීලීබවත් නොකීවොත් අඩුපාඩුවක්.

TIP

The mutton is decent. Don't expect too much from the biriyani.

Address

360, Galle Road, Wellawatte, Colombo 6

Directions

It's right after the Wellawatte Arpico.

Contacts

Report Inaccuracy

Similar Places

Have you visited this place?

Write your own review!
See 9 Comments