Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

3/5

House of Fashions (MOVED)

28 RA De Mel Mawatha


It pays not to overlook HoF - you often end up saving and well even if you came in looking for a pair of jeans and found only horrifying besequined specimens you might yet leave with the rs 700 pink snorkeling kit you’ve always wanted



ඇතැමුන් විසින් හොෆ් (HoF) ලෙස හඳුන්වනු ලබන හවුස් ඔෆ් ෆැෂන් කොළඹ ඉහළ පැළැන්තියේ ඇතැමුන් විසින් අපහාසාත්මකව හඳුන්වනු ලබන්නේ හවුස් ඔෆ් බෝ කියාය. හවුස් ඔෆ් ෆැෂන් වෙත ඇදෙන්නේ කොළඹ ඉහළපෙළේ රෙදිපිළි අලෙවිහල වන ඔඩෙලි (ODEL) වෙත යන තරම් ධනවත් පාරිභෝගික ප්‍රජාවක් නොවේ.

අපහාස උපහාස කොයිහැටි වෙතත්, ‍දි ෆොන්සේකා පාර මුල්ලේ පිහිටි මේ පස්මහල් රෙදිපිළි මාළිගය මිළෙන් අඩුඇඳුම් විලාසිතා සොයායන කොළඹ වැසියන්ට කදිම නැවතුමකි.

මගේ පිරිමි අවශ්‍යතාවන් වෙනුවෙන්නම් ඔවුන් සතුව අපූරු කාර්යාල කමිස එකතුවක් තිබේ. ඒවා අතර Van Heusen, Hugo Boss කමිස රැසක් රු. 1200- 1800 අතර මිළට මනා ලෙස අසුරා ඉදිරිපත් කර තිබේ. සැබෑම ලාංඡන සහිත යයි සිතිය හැකි මේ ඇඳුම්  තත්වයෙන් උසස්ය. මිළෙන් සාධාරණය. මට අනුවනම්, ඔවුන්ගේ කලිසම් එකතුව දුර්වලය. සාමාන්‍ය ඇඳුම් දෙමළ චිත්‍රපට විලාසිතා‍වන්ට හුරු දිලිසෙන වර්ණ ඒවාය. එවැනි ඒවාට කැමති අයට මෙය හොඳ තැනකි.

අඩු මිළට විකුණන ඇඳුම් ගොනු අතරත් ඉතා හොඳ කොටකලිසම්, පිහිනුම් කලිසම්, ටී-ෂර්ට්, මේස් ආදිය තිබේ. ඒවා රු. 100 - 300 අතර මිළ වේ.

හදිසියකට ෂොපිං යන්නත් හවුස් ඔෆ් ෆැෂන් තරම් තැනක් නැත. විශේෂ අවස්ථාවකට අඳින්නට සිටි කමිසයේ කහට පැල්ලමක් වැටුණානම්, බල්ලා කලිසමේ පා සලකුණක් සටහන් කළානම්, හදිසියට දුවගොස්, අඩුමිළට ඔබට ගැලපෙන යමක් සොයාගන්නට මෙය විශ්වසනීය තැනකි.

ඇඳුම් විතරක් නොවෙයි, වෙනත් බොහෝ දේ මිළදීගන්නත් මෙතැන ඉතා හොඳයි. ඔබ එතරම් ආදරය නොකරන පුංචි කසින් කෙනෙකුට සෙල්ලම් බඩුවක් ගන්න, ප්ලාස්ටික් දිය පොකුණක් (paddling pool) ගන්න, ඕනැපාටක ඉටිමල් ගන්න ආදී ව‍ශයෙන් බොහෝ දේ ගන්න යන්න හවුස් ඔෆ් ෆැෂන්. ඉහළම තත්වයේ නොවුණාට සාමාන්‍ය මට්ටමේ නිෂ්පාදන එහි අට්ටිගසා තිබෙනවා ඔබට අඩුමිළ තෝරාගන්නට.

කලිසමක් හොයාගෙන එහි ගිය මටනම් හමුවුණේ සීක්වින් ඇල්ලූ බයහිතෙන ඒවා. ඒත්, මම ගෙදර ගියේ මට දැඩිව අවශ්‍යව තිබූ රෝසපාට නාන ඇඳුම් කට්ටලයක් රු. 700කට අරගෙන, සතුටින්.  ඒ නිසා, හවුස් ඔෆ් ෆැෂන් නොතකාහරින්න එපා.

TIP

Tip; Go late 7-8 pm to beat the crowds. Their bargain, high volume premise means they don’t have fitting rooms so if you want your clothes to fit be prepared for moderate exhibitionism or wear something light over which you can slip on prospective purchases. There is constant robing and disrobing in the aisles of HoF- in a culturally appropriate manner of course.– it’s pretty amusing.

Address

28 RA De Mel Mawatha

Contacts

Report Inaccuracy

Open 10-8pm Mon-Sat, Sundays till 3pm

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3

Similar Places

User Reviews
I
1

5/5

0

IceE

හොඳ,කදිම තැනක්

I
1

5/5

0

IceE

හොඳ,කදිම තැනක්

See 3 Comments