Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

HQ Pub (Kandy)

No 30, George E De Silva Mawatha,, Kandy

Get it delivered on Pickme Food

HQ is one of the best places in Kandy to pop in for a bite. They've got great food for an affordable price tag, and a breathtaking view.



පෙරුම්පුරල පුරලා... බොහෝම අමාරුවෙන්, බොහෝම අමාරුවෙන් තමයි මගේ සදාදර මිත්‍රයා! නුවර යාළුවා... චාමර ලොක්කත් එක්ක කෑමකට එළියට යන්න සෙට්වුණේ. ඒකත්... වැඩේ කියන්නෙ මෙච්චරකල් ඉඳල ඉඳල කසාදත් බැන්දාට පස්සෙ කියන්නකො. ඒත් ඒකට කාරි නම් නෑ ඕං. මොකද තකටතක සෙට්වෙන කෙල්ලනේ…

ම්... දුර බැහැරක ඉඳන් එන දවසෙ තමයි මම උදෙන් ම චාමාට කෝල් එකක් ගැහුවෙ. පිටත්වෙච්ච දවසෙ මම කතා කරපු දේ මතක් කරන්න.

“ඒහ්... මං එන ගමන් ඈ. උබ ඉන්නව නේ”

“හප්පට! ඉන්නව ඉන්නව බං. පොඩි වැඩ ටිකක් තිබිල උදෙන් ම බැලන්ස් කරගත්ත. මං මේ මීටරේ තියාගෙන හිටියෙ සිද්ධිය. ඉතිං ඉතිං, දැං කොයි හරියෙද උබ?”

“ම්... කටුගස්තොටටත් කිට්ටුයි. මොකෝ බං කරන්නෙ මං කෙළින්ම HQ එකට එන්නද..?”

“හරි හරි. උබ එහෙනං කෙළින්ම එතනට වරෙන්. මං නංගිත් එක්ක මේ පැත්තෙන් එන්නං.

ම්... අපි දැං පිටත් වෙන්නං නේ බං ඒනං”

“ආ... ඔව් ඔව්. උබ වරෙං. මොකටද නිකං තප්පරයක්වත් අහක දාන්නෙ?”

කියල හිටං ඔන්න මමත් ගුඩ්ශෙඩ් එකෙන් ම බැහැලා... විනාඩියට දෙකට! රු. 50 දුරට, රු. 100ක්මත් දීලා ගියා අදාළ ස්ථානයට. ගිහිල්ල බලද්දිනෙ… ඇස් කන් පිනා ගියේ යාළු. බොලේ එතන හරි අපූරු තැනක් කියන්නකො. ඉඩකඩ එහෙම.... හප්පේ... මං හිතන්නෙ එක පනහකට වැඩිය දැම්මහැකිව ඇති. ඇයි යාළු එළිමහන් භෝජනාගාරයයි, මිදුලයි, හැඩකාර වළව්වෙ ඉස්තෝප්පුවයි, ඇතුළෙ කාමරයි... ඒ මදිවට සුවපහසුව, පිරිසිදුබව, කොටින්ම කියතොත් උද්‍යානය පවා බලන්න බලන්න ආසයි. වැඩිය ඕන නෑ, ‘හැන්දෑවක වගේ ගොඩවුණා නම්’ කියලමයි මට එතනට ගියපු වෙලේ ඉඳන් හිතුනෙ. ලයිට් එහෙම දාලා... ෂැහ් ලස්සන බලන්න තිබ්බා..? ගස්කොළන්වලින් හැඩවුණු වටපිටාවත් එක්ක!

කොහොම හරි ඕං ඔය විදියට වටපිටාව රසවිඳල මම කෙළින්ම ගියේ ඇතුළෙ ම, නිදහස් ම... චාමයි වයිෆුයි සෙට්වෙලා ඉඳපු තැනට. ඇත්ත ම කිව්වොත් එතන,වලව්වෙ අන්තිමට ම වගේ හමුවෙන කාමරය. අර... ‘මචංලට’ ම ආවේණික වුණු ලී මේස බංකු ටික දාලා අපූරුවට ඉඩකඩත් ගලපල එතන. ඊටත් යද්දි ම සේවක මිත්‍රයෙකුත් හිටියෙ ළඟ ළඟම. ඉතින්... මොකටද පරක්කුවක් කියල, මිත්‍රයගෙන් ආපු ‘ගුඩ් මෝනින්ග්’ එකත් එක්ක, මම ගත්ත මෙනුව අතට. අරගෙන... චාමත් එක්ක කතාබහ කරල හනි හනික දැම්ම අලුත් ම බ්ලැක් පෙපර් මට්න් විත් මඤ්ඤොක්කා එකක් (රු. 1200) ඕඩරේට. ඒකයි ඊට පස්සෙ ස්පෙෂල් චොප්සි රයිස් එකයි (රු. 800), බැටර්ඩ් ප්‍රෝන්ස් එකයි (රු. 900). ආහ්, අන්තිමට කාට කාටත් ඕන කියල ෆ්‍රයිඩ් පෝර්ක් එකකුත් (රු. 600) දැම්මනෙ. දාලා හිටං ඉතිං බීමට? සුපුරුදු පරිදි ස්ට්‍රෝන්ග් තමයි!

දෙයියනේ කියල යාළු සර්විස් එක අතින් නම් මෙතන, මේං කියල දෙයක් නෑ කියන්න. කියන පරක්කුවට සියල්ලම මේසෙට. ආයේ... බියර් එකේ ඉඳන් වීදුරු, පිඟන් කෝප්ප, හැඳි ගෑරුප්පු, ටිෂූ… අනික කෑම වුණත් හැරෙන තැපෑලෙන්. ඕන්න අඩුපාඩුවක් තිබ්බ නම් තිබ්බෙ සමහර කෑමවල රස විතරයි. ඇත්තම කිව්වොත් ඒකත් ෆ්‍රයිඩ් පෝර්ක් එකේ තමයි.

මොකද ඒක... ඇත්තටම මදි අප්ප. ගොඩක් ම තෙල් කෑලිත් තිබ්බ. ම්... මසුත් ළාවටවත් ගම්මිරිස්, ලුණු ඇඹුලක පදම් කරල නෙවෙයි. වෙලාවට අර පෝර්ක් කෑලිත් එක්ක ෆ්‍රයිසුත් ආවෙ. නැත්නම් හරිම අමාරු වෙනව ඈ... ඒකත් එක්ක වැඩේ කරගෙන යන්න.

කෙසේ වෙතත් බලන්න තිබ්බේ… මට්න් එකේ රස! වැඩිය ඕන නෑ. රසේ තරම කියන්න, අන්තිමට බැටර්ඩ් ප්‍රෝන්ස් රස බැලුවෙ මට්න් ග්‍රෙවි ගාගෙන, ඕං! වැඩක් නෑ කියල ඈ... මිරිස්, ගම්මිරිස්, ලුණු ඇඹුල්, තුනපහ පදම... නූලට කියන්නෙ නූලට ම නූලට. ඒ මදිවට පදම් වෙච්ච මට්න් කෑලිත් හොඳ හැටි වළඳෙ කරවෙලා... මං දන්නෑ, ඒක හදපු කුක්ට නම් සම්මානයක් දෙන්න තරම්. හිතන්නකො ඒ අතරට උණු ම උණු මඤ්ඤොක්කා ටිකකුත් ආවාම. තරු පහයි, මල් හතයි… රසම රස මට්න් කෑල්ලයි, බියර් උගුරු එක පෝලිමයි...

ඊට දෙවනි නැති චොප්සි රයිස් එකත්නෙ වැඩේ. හප්පේ... ඒකෙ, පොඩි පොඩියමටත් නෙවෙයි, සාමාන්‍ය තරමට කෑලි කපල බැදපු චිකන්, ඉස්සො, දැල්ලො, බීෆ්, පෝර්ක්, සොසේජස්... ඇයි බුල්සායි බිත්තරෙත්. හුමාලෙට වගේ තැම්බුණු කැරට්, ලීක්ස්, ගෝවා, බෝංචි, අල පෙති ටිකත් සෝස් එක්ක රස වෙලා... අර කීරි සම්බා හාලෙ උණු උණු බතත් එක්ක කටට රසට, බඩට ගැලපෙද්දි... ආයෙ අර බියර්, බයිට්වලින් ගැලපෙන්නෙ නැති බඩගින්නත් කොහෙන් ගියාද නෑ.

අවංකයෙන්ම කිව්වොත් මුහුදක් හතර මායිමේ නොතිබුණාට මොකද මෙයාලගෙ බැටර්ඩ් ප්‍රෝන්ස් එකත්, නොම්මර එකයි! හොඳ ෆ්‍රෙෂ් ඉස්සො. පොත්ත හොඳ හැටි අයින් කරල රස ලෙසට ම ගැලපෙන්න හදාපු බැටර් එකක දවටල, රන්වන් පාට වෙන්න බැදල. උණු උණුවට එකක් අරගෙන... මයොනිස්, සෝස් එක්ක දවටගෙන..

කනකොට බලන්න එපැයි. කිරි අප්පේ... ආයෙ රස නහර පිනා යන්නෙ ඈ..

ඒ නිසාම තමයි ඉතින් හතර බීරි වෙන්න බියරුත් වැදුනෙ. ඇයි බයිට් එකයි ඩයට් එකයිත් තකට තක සෙට්වෙද්දි..

බොන්න බැහ්?


TIP

Try Mutton


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment