Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2

3/5

HQ 4×4

545/1, New Kandy Road, Thalangama North, Thalangama.


A great place to get your booze on out there, with large space and all deciduous Machnag food



ධාරානිපාත එකෙත් හොඳම එකෙන් දුන්නෙ. මදෑ කලින් ගෙදර යන්න හිටියා…

දැන් මොකද කරන්නේ!

කියල ගත්ත මම ෆෝන් එක අතට, ලසාට කෝල් එකක් ගහන්න. අරගෙන ඉතින් හෙමින් සැරේ ඩයල් කරල.. රින්ග්ස් දෙකයි යන්න හම්බවුණේ,

“හප්පේ... මැරෙන්නෑ හොඳේ. මම මේ කෝල් එකක් ගන්න හැදුව විතරයි”

“නෑ… ඒ කියන්නෙ උඹත් මං හිතන එකම හිතල ඒනං!”

“එහෙනං එහෙනං.

මොකෝ කියන්නෙ, අපේ ලයින් එකට එනවද, නැත්නම් ඔයාලගෙ පැත්තෙම සෙට් වෙනවද?”

“ම්.. මං බැලුවෙ අලුත් තැනක් අල්ලන්නත් එක්ක කියල උඹලගෙ පැත්තට එන්න බං. මොකද හුඟ කාලෙකින් ඔය ලයින් එකේ බහින්නත් බැරි වුණානෙ. අලුත් ප්ලේස් එහෙම දාලද දන්නෙත් නෑනෙ”

“ආ… එව්ව හොඳ වැඩ. එව්ව හොඳ වැඩ. ඒනං ඔයා එන ගමන් කෝල් එකක් ගහන්නකො. මම බයික් එකේනෙ. විනාඩි පහයිනෙ.”

ආයෙ ඉතින් ලසාගෙ වචනෙ බැස්සත් හරි සනික හරාටත් කෝල් එකක් ගහපු මම දාගත්ත පික්මියක්. දාගෙන ඇද්ද ඔෆිස් එකෙන් අඩියට දෙකට. ඒත් කොහෙද, මග ට්‍රැෆික්නෙ අම්බානක. කොටින්ම කියතොත් බත්තරමුල්ලට යන්න ම ගියා පැයකට කිට්ටුව. කමක් නෑ ඉතින්, අපි වැඩකට බැස්සොත් හැමදාම මස්තෙනෙ කියල හිත හදාගත්ත මම ඔන්න හරාවත් දාගෙන ඇද්ද මාලඹේ පැත්තට.

ඒ යද්දී… තලාහේනට ඔන්න මෙන්න තියල!

අලුත් ප්ලේස් එකක් කියන්නකො.

“මං කිව්වෙ. මං ලසාටත් කිව්ව අනිවා අලුත් ප්ලේස් එකක් සෙට් වෙන්න කාලෙ හරි කියල. යමං යමං ඇතුළට. ගිහිල්ල ම අරූට කෝල් එකක් ගහමු” හැරෙන තැපෑලෙන් රෙස්ට් එක ඇතුළට ගියපු අපි දෙන්න ඇල්ලුව කෙළින්ම හොඳ මේසෙකට. අල්ලල බඩු බාහිරාදිය එහෙමත් තියල වාඩි වෙන්න හදද්දි ම..

“මහත්තය මහත්තය. අපි ඕව ෆැමිලිවලට රිසව් කරල තියෙන්නෙ. අන්න අර ටිකේ තමයි බොන්න තියෙන්නෙ” සේවකයෙක් ඇවිල්ල, මුල්ලක් පෙන්නල අපිට කියනව. අපිත් ඉතින් දන්නෑනෙ, “ආ එහෙමද.. කමක් නෑ” කියල ගිහින් එතනින් වාඩිවුණා. ඇත්තටම මහ මෙලෝ රහක් නැති ප්ලේස් එකක්. නිකම් බිම ඉඳගෙන බොනව වගේ. කරන්න දෙයක් නෑ, රෙස්ට් එකේ නීතිනෙ කියල ගත්ත එතන තිබ්බ මෙනුව අතට. අරගෙන බලාගෙන බලාගෙන යද්දී...

බොලේ, මචං එකේ මෙනුව වගේමනෙ! පෙරලුව තව පිටු දෙක තුනක් ඉස්සරහට.

“හුටා.. හරා, මේක මචං එකේ මෙනුව ම තමයි බං. හැබැයි ගණන් ටිකක් වැඩියි වගේ. මේ බලපංකො බ්ලැක් පෝර්ක්, වොක් කොත්තු.. ඔක්කොම තියෙනව”

“සිරාවට, ඒනම් මචං එකෙන් අලුතෙන් දාලද දන්නෑ. මොකෝ කරන්නෙ?”

“මොනව කරන්නද ආයෙ, හොඳයිනෙ. ගමු කෙළින්ම ස්පෙෂල් සීෆුඩ් රයිස් එකකුයි (රු. 725), මෂ්රෑම් විත් පොර්ක් එකකුයි (රු. 525)…

බියරුයි”

“හම්මට, එළ එළ. ඒනම් ගසමු නේ අද”

දෙන්න ලයින් එකේ කතාබහ කරල දැම්ම පටස් ගාලා ඕඩරේ. දාලා ඉතින් වටපිටාවෙ පොඩ්ඩක් ඇවිදල කරල එහෙමත් ආවෙ. ඒ ආවට පස්සෙ තමයි තේරුනේ මේක මචං ම තමයි කියල. මොකද, එළිමහන් අර කොන්ක්‍රීට් බංකු එහෙම දාපු කෑල්ල එලෙසින්ම තියෙනව. ඊටත් උඩ තට්ටුවෙ පූල් ටේබල් එකක් දාලා, බොන්නත් ලෑස්ති කරල ලෙසට ම හදලනෙ.

ඔය අතරට ඉතින් අපේ ලසත් ඔන්න ආවා. වැඩේ කියන්නෙ ඒකා එද්දි අපි වැඩේ බාගෙට පටන් අරගෙන වගේ තිබ්බෙ. කොහොමහරි ෂොට දෙක යද්දි.. පෝර්ක් එක තමයි සින් සින් ගාලා වාෂ්ප වෙන ගතියක් පෙන්නුවෙ. මොකද ඒකෙ හොඳ සැරට, ලුණු ගම්මිරිස් පදමත් සෙට්වෙන්න හදලනෙ. අනික උණු උණුවෙන් නිසා ලෙසටම නැගල යනව. විශේෂයෙන් ම, පෝර්ක් කෑලි දවටල තිබ්බ බැටර් එකත් පංකාදු පහයි. අනික ගැඹුරු තෙලේ හොඳ හැටි බැදලත් එක්කනෙ. ලූනු, මාළු මිරිස් කෑලි ටිකක් උඩින් දාලා එහෙම පදම අරගෙන තියෙනවා… දැක්කාම කටට කෙල උණන ගානයි හොඳේ! අර එකම අවුල තිබ්බෙ පෝර්ක් තිබ්බ ප්‍රමාණය පොඩ්ඩක් මදි වගේ එක තමයි.

හැබැයි ඒකට රයිස් එක. ෂැහ්! සුප්ප ඈ

දාලා තියෙනව බුල්සායි එකෙන් පටන් ගත්තාම ඉස්සො, දැල්ලො, මාළු මදි නොකියන්න. කොටින්ම කියතොත් කන කන කටක් ගානෙ මොනව ම හරි මසක් මාලුවක් සෙට් වෙන්න. ඊටත් එළවළු... කැරට්, ලීක්ස්, ගෝවා, කෝර්න්, බෝංචි එක තොගයයි. සෝස් රසවලුත් පදමට තියෙන්න, බත් එකත් හදල තියෙනවා... සුවඳට පිස්සු හැදෙන්නෙ. ඔක්කොමත් හරි සීෆුඩ් සියල්ල ළාවට ෆ්‍රයි කරල නිසා ඒ බත් එක ඩයට් එකට විතරක් නෙවෙයි, ඇත්තටම බයිට් එකට වුණත් පංකාදුයි, ඕං..

අන්තිමට කොහොම හරි පදටම වැදීගෙන එද්දි අපි ගෙන්නුවෙ පෝර්ක් කොත්තුවක් (රු. 725). කියන්න ඕන නෑනෙ ඉතින් මචං වොක් කොත්තුව ගැන, රඹටි හැලෙන්න තියෙන්නෙ රස. කියන්න සන්තෝසයි යාළු ඒකට බැදපු පෝර්ක් කෑලි නම් දාලා තියෙනව ලෝබ නැතුව. අනික සැර එහෙමත් කටගැස්මකටම කියාපු ගානට. අනේ මන්දා ඇත්තටම ඒ කොත්තුවෙ රෙසිපිය නම්, සම්මාන ලබන්න වටිනව ඈ… ලීක්ස්, කැරට් කෑල්ලෙ ඉඳන්, රොටි කෑලි වෙනකම්ම මාර පදමක්නෙ තියෙන්නෙ. හැරත් ඒකෙ සයිස් එකත් දෙන්නෙක්ට ඇතිවෙන ගානයිනෙ.

ඔහොම ඔහොම යද්දි කොහොමහරි ඉස් ඉස්සෙල්ලාම කියල ලසා කට්. තව එකෙක් හිටියා මගදි සෙට් වෙච්ච, ඒකා ගියා ගෙදර. අපිත් නිකම් ඇස් ඇරගන්න බැරි ගාණට වැදිලා හිටියෙ, හැබැයි වෙරි හිඳුනා එක පාරට දැකපු දේට. ඇයි අප්පේ… අර සේවක මල්ලි බර දාලා කියපු, ෆැමිලිවලට වෙන් කරපු ටේබල් ටිකේ… මෙන්න කොල්ලො කොල්ලො, කොල්ලො කෙල්ලො බොනව සෙට් පිටින් බැහැගෙන.

උගෙ අප්පගෙ ෆැමිලි තමයි ඒවා. මට අහන්නත් හිතුණ වේටරයගෙන්… “මොකක්ද හලෝ ඒ කරපු බලු වැඩේ කියල”. ඒත් අර බීලා ඉඳපු නිසා ඕන නෑ කියල හිතුණා. ප්‍රශ්න නේ...

බයිලා ඕන නෑ. ඉස්සර ‘මචං’ එක තියෙද්දි ඔය ඒ වගේ සවුත්තු වැඩ වුණේ නෑ, එකෙන්ම

ඕ...


TIP

Try Wok Kottu

Artwork for Frimi Shoutout banner 2- non merchants only
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment