Artwork for Top Banner 1 - PMF Late night
Artwork for Top Banner 2 - PMF Late night

5/5

Hulftsdorp Streetfood

Abdul Hameed Street, between Quarry Road and Oilman's Street

  • Open 6PM - Midnight - 4AM (allegedly)


A street with a wide variety of food in the center of industrial Colombo. Find everything from mutton brain curry to devilled cuttlefish eggs.



කොළඹ අලුත්කඩේ රෑ එළිවෙනකල් තියෙන ස්ට්‍රීට් ෆුඩ් කඩ ගැන අපේ අයිෂා මීට කාල‌ෙකට කලින් ලියපු එකක් කියවලා කාලයක් තිස්සෙ යන්න හිතාගෙන හිටියත් මේ සතියෙ තමයි අන්තිමේ දි යන්න වුණේ. මේ මුස්ලිම් අය නෝම්බි අල්ලන කාලෙ නෙ. ඉතිං වැඩිපුර මුස්ලිම් අය ගැවසෙන අලුත්කඩේ රෑ එළිවෙනකල් තියෙන මේ කඩ ටික මේ දවස්වල තවත් හොඳට නැගලා යනවා. අපි දන්න තරමින් ලංකාවේ මේ විදියට හැමදාම රෑ එළිවෙනකල් සම්පූර්ණ ස්ට්‍රීට් එකක් ම පිරෙන්න කෑම කඩ තියෙන්නෙ මෙතන විතරයි.

තැන

අලුත්කඩේ අබ්දුල් හමීඩ් ස්ට්‍රීට් එකේ තමයි මේ කෑම කඩ වැඩි හරියක් තියෙන්නෙ. අලුත් කඩේ පොලිස් පෝස්ට් එක හරියෙන් පටන්ගත්තම මීරණිය ස්ට්‍රීට් එක හරියට වෙනකල් එක පෙළට කඩ; එක ගොඩට සෙනග!

මේව ඉතිං ස්ට්‍රීට් ෆුඩ්නේ. ඉතිං පිරිසුදුකම ගැන ලොකුවට හිතනව නම් මේවයින් කන්න වෙන්නෙ නෑ. හැබැයි ඉතිං පාර අයිනේ, පේමන්ට් එකේ හඩු පාට ප්ලාස්ටික් මේසෙක පුටුවක වාඩිවෙලා කන්න වුණාට මොකද මේ ගොඩක් කඩවල කෑම හැදෙන්නෙත් අපි බලාගෙන ඉද්දි ම නිසා එහෙම ලොකුවට අවුලක් ගන්න දේකුත් නෑ.

කෑම

එහා කොනේ ඉඳන් මෙහා කොනට ඇවිදිද්දි මොන කඩෙන් කන්නද කියල හිතාගන්න බෑ. එක තැනක බාබාක්‍යු, ඊට පස්සෙ එක එක මස් ජාති දාපු බර්ගර්, සබ්මැරීන්, තව තැනක බිරියානි, ෆ්‍රයිඩ් රයිස්, රොටී, නාන්; නැති දෙයක් නෑ.

අපි මුලින් ම කෑවේ චිකන් මිනි සබ් එකක්. මේක රුපියල් 100යි! බන් එක මැද්දට දාලා තියෙන්නෙ කොත්තමල්ලි එහෙම හොඳට දාපු චිකන් කරියක්. වැඩි වැඩ නෑ; හැබැයි පට්ට රසයි!

මේක නිකං ඔය හැමතැන ම තියෙන ජාතියෙ චිකන් රොටියක්. හැබැයි ගොඩක් තැන්වල තියෙන ඒවට වඩා සෑහෙන රසයි. මේකෙ චිකන් එකට ගම්මිරිස් වගේම තව ස්පයිස් ජාති මොනවා හරි දාලා තිබුණා. රුපියල් 50යි!

මෙහෙම පොඩි පොඩි කෑම කකා ඇවිදිද්දි වැස්සකුත් ආපු නිසා අපි රිංගුවා එක එක විදියෙ කෑම ජාති සීයක් විතර පිරුණු කඩේකට. කඩේ ඉස්සරහ ම තඩි තැටිවල ඉස්සෝ, දැල්ලො, දැල්ලො එක්ක බිත්තර, චිකන්, බීෆ්; නැති මසක් මාළුවක් නෑ, පෝක් ඇරෙන්න (මේකේ එළු ඔළුත් මාර රසයිලු. ම‍ම පස්සෙ තමයි දැනගත්තෙ). ඉඳිආප්ප, පිට්ටු, නාන්, රයිස්, බිරියානි වගේ ඕන දෙයක් මේවත් එක්ක ගන්න පුළුවන්. අපි ගත්තා ඉස්සො එක්ක ඉඳිආප්ප බිරියානියි, කරි චිකන් එක්ක ඉඳිආප්පයි, බීෆ් එක්ක නානුයි.

කරි චිකන්වල කටු වැඩි වුණාට රස නම් පට්ට. අර අපි ගොඩක් වෙලාවට කන බ්‍රොයිලර් චිකන්වලට වඩා ටිකක් වෙනස් ටෙක්ස්චර් එකකුත් තියෙනවනෙ කරි චිකන්වල. බීෆ් නම් එන්නෙ තඩි කෑලි. හැබැයි හයිය නැති නිසා කන්න අමාරුවක් නෑ. ඒකත් හොඳට තුනපහ, මිරිස් දාපු හොද්දක් එක්ක තමයි එන්නෙ. බිරියානි එක ඉතිං ඔතෙන්ටික් ඉන්දියන් බිරියානි නෙවෙයි; ශ්‍රී ලංකන් බුරියානි. මේක වැහෙන්න උඩින් ඉස්සෝ දාලා.

කොච්චර රස වුණත් පෝෂන් එක තඩි සයිස් හින්දා අපට මේ එකකවත් බාගයක්වත් කාලා ඉවර කරගන්න බැරිවුණා (චිකන් එක එහෙමම වගේ ඉතුරු වුණු නිසා අපි ඒක පාර්සල් කරග ගෙදර ගෙනිල්ල ඉල්ලගත්තා).

මේ ඔක්කොමත් කාලා, රසම රස ටිංකිරි ටී එකකුත් බීලා බිල ආවේ රු. 1535යි.

තඩි දීසිවල දාපු වටලප්පම් තිබුණත් ඒව කන්න බඩේ ඉඩ තිබුණෙ නැති නිසා අපි මේ පොඩි වටලප්පම් කප් එකක් ගත්තා. ඒකත් මරු. පැණිරස ගාණට.

සර්විස් එක

පාර පිරෙන්න සෙනගයි, ඒ අස්සෙන් කෑම පිඟන්, භාජන උස්සන් එහෙ මෙහ යන කඩවල කටිටියයි එක්ක එකම කාලගෝට්ටියක් වගේ වුණාට මේ හැම තැනම වගේ වැඩකරන අය ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි. කඩවල වැඩකරන ඔක්කොම වගේ මුස්ලිම් නිසාද කොහෙද ගෑනු අයට එහෙම හරියට ගරු සැලකිලි.

අවසාන වශයෙන්

ලංකාවේ ස්ට්‍රීට් ෆුඩ් කනව නම් මගාරින්න බැරි තැනක් තමයි අලුත්කඩේ මේ කෑම කඩ පේළිය. පෝක් ඇරෙන්න අනිත් හැම මසක් මාළුවක් ම වගේ මේකේ තියෙනවා; සමහර ඒවා අපි ජීවිතේට හිතලවත් නැති ඒවා. හවස පටගත්තට පස්සෙ පාන්දර වෙනකල් ම වැඩේ යන නිසා රෑ එළිවෙනකල් ඕන වෙලාවක යන්නත් පුළුවන්නෙ.

ආ, තව ගී රයිස්, මස්, මාළු. එළවළු එක්ක අමු පොල් අත්තකින් වියපු වට්ටියක එන කිඩූ එකක් කන්න කියල බලබල හිටියත් ඒවා එන්නෙ රෑ 12න් විතර පස්සෙලු. ආයෙ දවසක 12 පහුවෙලා යන්න ඕන, කිඩූ එකකුත් කාල බලන්න.

 


TIP

Try a little of everything. There's biryani down the street as well. The BBQ chicken cart is strongly recommended.

Address

Abdul Hameed Street, between Quarry Road and Oilman's Street

Directions

If you're going along Armour Street, turn left down Srimath Bandaranayake Mawatha and turn left

Report Inaccuracy

Open 6PM - Midnight - 4AM (allegedly)

Cuisine

Sri Lankan Street Food

Price Range

Less than 500

Dish Types

Meats BBQ Beef Chicken Tandoori Short Eats Tea Roti

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
5
Service Rating
5
Ambience Rating
3
User Reviews
J
1

2/5

0

Joshua Ebenezer

To be honest be aware of street food probably not clean and food poisoning sometimes. Food is going to be taste but not clean at all.

A
3

2/5

0

AlexOnline

Food is expensive and it's not clean. I bought food here and later had food poison.

Avatar for Siraj
1

1/5

0

Siraj

Poor quality of food, and the prices are very high. … never recommend to anyone and never come back. .again

J
1

2/5

0

Joshua Ebenezer

To be honest be aware of street food probably not clean and food poisoning sometimes. Food is going to be taste but not clean at all.

A
3

2/5

0

AlexOnline

Food is expensive and it's not clean. I bought food here and later had food poison.

Avatar for Siraj
1

1/5

0

Siraj

Poor quality of food, and the prices are very high. … never recommend to anyone and never come back. .again

Avatar for Imaad
7

5/5

0

Imaad

This is an experience!!!!

P
1

5/5

0

PunkAss

Keep in mind - during days where beef is scarce, the prices of portions sky rocket. Been there thrice and we have paid almost double the price for the same beef portion once. Also not to forget the almond milk which comes in tall glasses for just Rs.60, perfect way to end the spicy meal night so you won't regret much following morning (HAHA).

See 31 Comments