Artwork for Playtrix Top Banner Ladies Night
Artwork for Yamu Promo Top Banner
Artwork for Movenpick Coffee promo sidebar banner 1 test Artwork for TSING TAO sidebar banner 2

4/5

Hunger Street

608/1, Nawala Road, Rajagiriya


A tiny cafe smack dab in the middle of Rajagiriya that does a pretty good set of dishes for a surprisingly reasonable amount.



හන්ගර් ස්ට්‍රීට් හෙවත් ‘බඩගිනි වීදිය’ කියන්නෙ වීදියක් නෙමෙයි, වීදියක් පටන්ගන්න තැන තියන පුංචි ලස්සන කෑම කඩයක්. හැන්දෑ වරුවට එන බඩගිනි නිවාගන්න, අපි ගියා දවසක් බඩගිනි වීදිය පැත්තෙ.

තැන 

රාජගිරියෙන් නාවල පාරට හැරුණු ගමන් ම තමයි මේක තියෙන්නෙ. ඇතුළේ මහ ලොකු ඉඩක් නැතත් පිළිවෙළින් අහුරපු පුටු මේස සහ ලයිට්ස්වලින් මෙතනට පිරිසිදු ලස්සන පෙනුමක් ඇවිත් තිබුණා. බිත්ති වුණත් හරි ම කලර්ෆුල්.

ඉතින් මුල්ලක් අල්ලලා මේසයක් වටේට සැපට වාඩි වුණ අපි මෙනු එක දිහාට හැරුණා.

කෑම 

අපි නොහිතපු තරම් ලොකු තෝරාගැනීම් ගොඩක් මෙයාලගෙ මෙනු එකේ තියනවා. ගාලික් බ්‍රෙඩ් වගේ ස්ටාටර්ස්වල ඉඳන් බර්ගර්ස්, සබ්මැරීන් වගේ ම කොත්තු, පැස්ටා වගේ ජාතිවලට වෙනකං කෑම ජාති මෙනු එකේ තිබුණා. විශේෂත්වය තමයි, තිබුණ ඔක්කොම වගේ ජාති රු. 600ට අඩුවෙන් ගන්න පුළුවන් වීම.

අපි පටන්ගත්තෙ ස්පැගටි කබොනාරා එකෙන් (රු. 550). ක්‍රීමි ගතියට උයපු චිකන් සහ ක්‍රීමි වයිට් සෝස් දාපු ස්පැගටි මික්ස් කරපු මේ ඩිෂ් එකට හොඳට චීස් එහෙමත් දාල තිබුණා. ඒ නිසා ගාණ සාධාරණයි කියන්න පුළුවන්. පෝෂන් එකත් දෙන්නෙකුට විතර ඇති වෙන තරම් ලොකු නිසා මේ ඩිෂ් එකට අපි සෑහෙන්න කැමතියි.

ඊළඟට අපේ ඇහැ ගියේ ප්‍රෝන් මසාලා කොත්තු එකට (රු. 550). හොඳට සීසනිං එකතු කරපු මේකෙන් ෆ්ලේවර්ස් එහෙම නියමෙට ඉස්මතු වුණා. ගොරකා, තක්කාලි ලොකු කෑලි හැපෙන විදිහට හදල තිබ්බ වගේ ම මදි නොකියන්න ඉස්සො පස් දෙනෙකුත් එකතු කරල තිබ්බ බව මතක් කරන්න ඕන. කලින් ඩිෂ් එක වගේ ම මේකත් දෙන්නෙකුට බෙදාගන්න පුළුවන් විදිහට ලොකුයි. පෙනුමෙනුත් පංකාදුයි.

බීම

හන්ගර් ස්ට්‍රීට් එකේ බීම ඔප්ෂන්සුත් මහ ගොඩක්! මොක්ටේල්ස්, මිල්ක්ෂේක්, ෆෘට් ජූස්… ඔය කොයිකත් තියනවා. අපි ඕඩර් කළේ කිට්කැට් ෂේක් එකයි (රු. 450), ජින්ජර් ඔන් ද රොක්ස් මොක්ටේල් එකයි (රු. 300).

කිට්කැට් ෂේක් එක පෙනුමෙන් කටට කෙළ උනනසුලු බීමක්. විප්ඩ් ක්‍රීම් සහ චොක්ලට් සෝස්වලින් සරසල ආපු මේක එච්චර උකු නෑ. හැබැයි කිට්කැට් රස නම් පුළුවන් උපරිමයෙන් ආවා. ඕනවට වඩා සීනි දාල නැති හින්ද පැණි රස ඉහවහා ගිහිනුත් නෑ.

අපේ වැඩි ම අවධානය දිනාගත්තෙ මොක්ටේල් එක. සැර ඉඟුරු රසයි දෙහි ඇඹුලුයි මින්ට් සැරයි හොඳහැටි මික්ස් වුණ මේක මාර රිෆ්‍රෙෂිං බීමක්. ජින්ජර් බියර්වල රසට ටිකක් විතර ළඟයි කියල කාටහරි හිතෙන්න පුළුවන්. හැබැයි මේකෙන් ආව රස ජින්ජර් බියර්වලට වඩා සෑහෙන නැවුම් කියලයි අපිට හිතුණෙ.

සර්විස් එක

කස්ටමර්ට වැඩිය කරදර නොකරන හොඳ සර්විස් එකක් අපිට මෙතනින් ලැබුණා. ඒගොල්ලො සුහදයි වගේ ම ඉක්මන්. කෑම බීම ඔක්කොම විනාඩි දහයක් ඇතුළත සර්ව් කරන්න තරම් කාර්යක්ෂමයි.

අවසාන වශයෙන්

කෑමබීමත් හොඳයි, ගාණත් සාමාන්‍යයි, තැනත් ලස්සනයි. ඉතින් තව මොනාද? රාජගිරිය අවට ඉන්නව නම් බඩගිනි වීදිය හොයාගෙන යන්න අමතක කරන්න එපා.

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment