Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for New internal sidebar 10.08.2020

3/5

Hyve Dessert Bar

61, Ven. Muruththettuwe Ananda Himi Mawatha, Colombo 05


Hyve is a brand new dessert bar at Thimbirigasyaya Road which dishes up a sweet Espresso Tart!



..කියල තමයි මාතෘකාවෙ තියෙන්නෙ. ඇතුලට ගියාම හොඳ හොඳ ඩෙසට් ටිකකුත් තියනව. ඒත්.. ඒවා කන්න ගත්තාමනෙ?

අනේ.. අපරාදෙ!

හරි ලස්සනට හදපු කඩ පොඩ්ඩ හොඳද. ඉන්ටීයර් එක එහෙම සුපිරි. සුවපහසුවට හදාපු පුටු, සෙටි, මේස.. ඒ විතරක් නෙවෙයි පුංචි මිදුලෙ එකලඟ එකලඟ ගස් තොගයක් හිටවල හදාපු උද්‍යානයත් හරිම ලස්සනයි..

අවාසනාවට අර… ඩෙසට් ටික නම් අම්බානක අප්සෙට්. කිව්වට විශ්වාස කරන්න යාළු ඔන්න අපි දෙන්නෙක් ගොඩවෙලා ගත්ත ලටේ එකකුයි (රු. 450), ඉක්ලෙයාර් එකකුයි (120), චොක්ලට් ක්ලවුඩ් එකකුයි (රු. 450), චොක්ලට් චීස් කේක් (රු. 600) එකකුයි. අරගෙන අනික් පැත්තටම වගේ ලඟම තිබ්බ මේසෙන් වාඩිවෙලා පටන් ගත්ත වැඩෙත් හෙමි හෙමිහිට.

හයියෝ… මොනවද අප්ප ඒ. ඉක්ලෙයාර් එක මුඩු වෙන්න ඔන්න මෙන්න. ඒකෙ බේස් ඒක ගල් ගෙඩියක් වගේ වෙලා. මොකක්දෝ ක්‍රීමි ෆිලින්ග් එකක් තිබ්බ.. කටයි කෑවෙ මම ‘තුක්’ ගෑවෙ නැති එක විතරයි. මොන මළදානයක් දාලා හදලද මන්දා නිකම් කිරිපිටි සීනි කලවමක් වගේ.. උඩින් චොක්ලට් චුට්ටක් දාලා තිබ්බට ඒකෙත් රසක් නම් එන්නෙ නෑ.

ඊට.. පොඩ්ඩක් හොඳයි චොක්ලට් ක්ලවුඩ් එක. මොකද ඒකෙ චොක්ලට් රස තරමක් කොලිටියට එනව. හැබැයී.. වගකීමෙන් කිව්වහැකි, එදා හදපු එකක් නම් නෙවෙයි ඒකත්. අර චෙරි ගෙඩියක් එහෙමත් උඩින් තියල තිබ්බ නිසා ඒකත් එක්ක ගලපගෙන කෑවා මිසක්.. ඇත්තටම ඒකත් ගාණෙ හැටියට නම් තේරුමක්ම නෑ.

ම්.. චොක්ලට් චීස් කේක් එකේ.. උඩින්ම තිබ්බ සෙන්ටිමීටරයක් විතර ඝනකම් චොක්ලට් චීස් තට්ටුව හැරුනාම, ඊට යටින් තිබ්බෙ නම් ක්‍රීම් චීස් තට්ටුවක්ද කොහෙද. මෙලෝ චීස් රසක් එන්නෙ නෑ. නිකම් ක්‍රීම් රස විතරයි. 

ඔක්කොමත් හරි ලටේ එක?

ලටේ නෙවෙයි ඒක ලැටේ.. අනේ නිකම් කැපුචිනෝ එකක් යාළු. ඒකත් අර මැශින් ඒකේ ගහන එකක්ද කොහෙද.. කොටින්ම කියනව නම්,

‘බීලා වැඩක් නැත’

සහා… කාලා වැඩකුත් නෑනෙ ඉතින්, ඔච්චර ගණන් දීලා, හ්ම්… 


TIP

Choose the peach iced tea over the strawberry one!

Address

61, Ven. Muruththettuwe Ananda Himi Mawatha, Colombo 05

Directions

Contacts

Facebook E-Mail

Report Inaccuracy

Open until 11:30 PM

Cuisine

Western

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Sweets Cakes Coffee

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
See 2 Comments