Artwork for Yamu Promo Top Banner
Artwork for Movenpick Coffee promo sidebar banner 1 test Artwork for TSING TAO sidebar banner 2

4/5

Ice Cube Bar & Restaurant

Sandungama Rd, Ella


Yet another spot in Ella that does a good burger, among other things.



“ඒ, කොයි එකට යන්නද කියලා හිතාගන්න බෑ බං”

ඇල්ල ටවුන් එකේ එක පෙළට පේන්න තියෙන රෙස්ටෝරන්ට් සෙට් එක දැක්කම අපි සෙට් එකම අන්දුන් කුන්දුන් වුණා කියන්නකෝ. ඇයි අප්පේ හැම එකේම වගේ තියෙනවනේ එක වගේ ගැම්මක්.  

හැබැයි ඉතින් ඉඩකඩ ඇතිව වාහනේ පාක් කරගන්න පුළුවන් විදියේ තැනක් තිබුණේ අයිස් කියුබ් එකේ විතරයි. ඒ නිසා අපි මුලින් ම ගොඩ වුණේ ඒකට.

තැන

ඇල්ලේ ටවුන් එක මැද්දේ ම තමයි මේක තියෙන්නේ. ඉන්ටීරියර් එක සම්පූර්ණයෙන් ම වගේ හදලා තියෙන්නේ ලීයෙන්. වින්ටේජ් ස්ටයිල් එකේ ලී වැටකින් වටවෙලා, ලී පුටු, සෝෆා ලස්සනට අහුරලා, මෙතැන තියෙන රිලැක්සින් වයිබ් එකට අපට සෑහෙන්න අල්ලලා ගියා. අනික ඒ මූඩ් එකට ම සෙට් වෙන ප්ලේ ලිස්ට් එකකුත් පසුබිමෙන් ඇහෙනවනේ. 

කෑම බීම 

සැන්විචස්, බර්ගර්ස් වගේ දේවල් එක්ක, මස්, මාළු වර්ග ෆෝකස් වුණු මේන් මීල්ස් කීපයක් අයිස් කියුබ් එකේ මෙනුවේ තියෙනවා. ඒ හැරුණා ම ලංකාවේ ස්ටයිල් එකට හදපු ෆ්‍රයිඩ් රයිස්, නූඩ්ල්ස් වගේ දේවල් කීපයකුත් අපට දැකගන්න ලැබුණා. බීමට තියෙන්නේ ෆ්‍රෙෂ් ජූස්, ස්මූතීස්, කොකටේල්ස් සහ අනිත් සැර බීම ජාති.

ඔය අතරින් අපි කෑමට ගත්තේ Chicken Burger(රු. 550) එකයි, Braised Beef Tenderloin (රු. 1300) එකයි. 

බර්ගර් එකේ පැටී එක මරු. මාර ම ජුයිසි, වගේ ම නියමෙට ම සීසන් කරලා. පදම හරි ගානට ග්‍රිල් කරලා නිසා පිට පැත්තෙන් පොඩි තද ගතියක් තිබුණා. ඒත් ඇතුළෙන් හෙන ම සොෆ්ට්. උඩින් දාල තියෙන චීස් පෙත්තයි, තක්කාලි, පිපිඤ්ඤා, සලාද කොළ ටිකයි එකතු වෙලා එද්දී තවත් ෂෝක්. මොකද ඒ එළවලු එහෙමත් ගොඩක් ෆ්‍රෙෂ්නේ.

බීෆ් එකත් හොඳට තිබුණා. ස්පයිසි වගේ ම ලා ඇඹුල් රහක් එන විදියට හදපු ගම්මිරිස් සෝස් එකක දවටලා තමයි මේක පිළිගැන්වුණේ. ලෝකල් බීෆ් වුණත් මේකේ ටෙක්ස්චර් එක සොෆ්ට් වෙන විදියට ග්‍රිල් කරලා තිබුණ නිසා කන්නත් ලේසියි. අනික ග්‍රිල් කරලා තිබුණේ මීඩියම්-වෙල්ඩන් ටයිප් එකට. ඒක නිසා රස තවත් හොඳයි. 

මේකත් එක්ක තම්බපු එළවලු ටිකකුයි, මෑෂ් පොටෑටොයිත් ලැබුණා. අර ගම්මිරිස් සෝස් එක මෑෂ් පොටෑටොවලට වැටුණා ම තවත් මරු. 

බොන්න අපි ගත්තේ Mixed Fruit Lassi (රු. 300) එකකුයි, Arrack Punch (රු. 450) එකකුයි. 

සාමාන්‍යයෙන් ඕනෙම තැනක ගන්න ලැබෙන්නේ ස්වීට් හෝ සෝල්ට්ඩ් ලැසීනේ. වෙනසකටත් එක්ක ගත්ත මේ Mixed Fruit Lassi ලැසී එක නියමයි. රහ තේරුණු හැටියට නම් මේක හදලා තියෙන්නේ අඹ, අන්නාසි, දොඩම් වගේ පළතුරු මික්ස් කරලා. ඉතින් අර මීකිරිවලින් එන ඇඹුල් රහ හරි ලස්සනට බැලන්ස් වෙනවා පළතුරුවල එන නැචුරල් ස්වීට්නස් එකෙන්. 

Arrack Punch එක හදලා තිබුණේ අරක්කු එක්ක පැෂන් ෆෘට් මික්ස් කරලා. අරක්කුවල රස තිතට බැලන්ස් වෙනවා පැෂන් ෆෘට් කෝඩියල්වල රසෙන්. හැබැයි කෝඩියල් වෙනුවට ෆ්‍රෙෂ් පැෂන් ෆෘට් ජූස් දාලා තිබුණා නම් මීට වඩා රස වෙන්න තිබුණා. 

සර්විස් එක 

රෙස්ටෝරන්ට් එකට ම හිටිය එක ම ලෝකල්ස්ලා සෙට් එක අපි වුණාට සර්විස් එකේ නම් කිසිම අඩුවක් පාඩුවක් තිබුණේ නැහැ. අපි ආව ගමන් මෙනු එක හම්බුණා, විනාඩි 20ක් යන්න කලින් කෑම බීම ටිකත් මේසේ උඩ. 

අවසාන වශයෙන් 

ඇල්ලේ ගිය වෙලාවට, ලස්සන ඉන්ටීරියර් එකක, පොකට් ෆ්‍රෙන්ඩ්ලි විදියට කන්න පුළුවන් තැනක් විදියට කිසිම අවුලක් නැතුව මෙතැන රෙකමන්ඩ් කරන්න පුළුවන්. 

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment