Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

3/5

Il Caffè (Colombo City Centre)

137, Sir James Pieris Mawatha, Colombo 02


A chic Italian coffee shop serving Illy coffee.



කලම්බු සිටි සෙන්ටර් නැත්තං සීසීසී එකට ඇතුළු වෙද්දි ම හරි මැද්දෙ ඕපන් ඒරියා එකේ තියන කැෆේ එක ගැනයි අද කියන්න යන්නෙ..

තැන

ඉල් කැෆේ එක කලින් තිබිල තියෙන්නෙ ඩුප්ලිකේෂන් රෝඩ් එකේ. පස්සෙ තමයි සීසීසී එකට ගෙනත් තියෙන්නෙ.  අර සාමාන්‍යයෙන් කෝපිහලක තියන වැහුණු උණුසුම් ගතිය නං මෙතන නෑ, මොකද මේක ඕපන් ඒරියා එකක් නේ. සෙනඟ ගොඩක් ගැවසෙන ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ තිබුණත් මෙතන හරි ම පිරිසිදුයි වගේ ම පිළිවෙළයි. කුෂන් පුටු, ලී පුටු ගොඩක් ඇරේන්ජ් කරලා විසි දෙනෙකුට විතර ඕන විදිහකට වාඩි වෙන්න ඉඩ සලසල තියනවා.

කෑම

ඉටැලියන් කෑම ජාති ගොඩක මෙනු එකක් මේගොල්ලො ළඟ තියනවා. ඊට අමතරව බ්‍රවුනීස්, කුකීස් එහෙමත් වීදුරු බෝතල්වල දාලා කවුන්ටර් එක උඩ තියල තියනවා. ඒ විතරක් යැ, ඕන ජාතියක ජෙලාටෝ අයිස්ක්‍රීම් එහෙමත් මෙතනින් ගන්න පුළුවන්.

අපි මුලින් ම ගත්තා ටූනා පනිනි එකක් (රු. 850). මේකේ සැන්ඩ්විච් එකේ මතුපිට සෑහෙන ක්‍රන්චි. ඇතුළ සොෆ්ට්. ඒ වගේ ම ෆිලිං එක සුපිරි. ටූනා එක්ක ෆ්‍රෙෂ් සලාද කොළ, ලූනු, තක්කාලි එහෙම මික්ස් වුණ හෙන බර ෆිලිං එකක්. ඒ නිසා ම සෑහෙන බඩ පිරෙන කෑමක්.

අපි ගත්ත චිකන් කීෂ් එක (රු. 550) මයික්‍රොවේව් දාල අරං වෙන්න ඕන කට පිච්චෙන තරං රස්නෙන් තමයි ආවෙ. මේක හරි ම පුංචියි. ගාණේ හැටියට නං පාඩුයි වගේ. ඒත් රසේ ලොකු අවුලක් නෑ. චිකන්, චීස් හොඳට දාල රහට තිබුණා. කටටත් සොෆ්ට්.

බීම 

මේගොල්ලන් ගාව ජෙලාටෝ ජාති ගොඩක් තියනව කියල අපි කලින් කිව්ව නේ. ඒවයින් අපි කැමති අයිස්ක්‍රීම් ජාතියක් දාල මිල්ක්ෂේක් හදල දෙන්න මෙයාල සැදී පැහැදී ඉන්නවා. ඉතින් අපි ගත්තේ බෙල්ජියම් චොක්ලට් මිල්ක්ෂේක් එකයි (රු. 750), කැෆේ ලාටේ එකයි (රු. 490).

මිල්ක්ෂේක් එකෙන් කිරි රස එක්ක මික්ස් වුණ බෙල්ජියම් චොක්ලට් රස හොඳට දැනුණට මොකද උකු මදි කියල අපිට හිතුණා. දිය ගතිය පොඩ්ඩක් අඩු වුණා නං මරු. කොහොම වුණත් මේක හොඳ රිෆ්‍රෙෂිං බීමක් කියල කියන්න පුළුවනි.

ලස්සන පෙනුමට තිබුණට කැෆේ ලාටේ එකේ තත්ත්වෙ නං කනගාටුදායකයි. මේකෙන් හරියකට කිරි රසක් ආවෙ නෑ. ඒ වෙනුවට නිකං දියාරු ගතියක් තමා තිබුණෙ. කෝපි රස යන්තමින් ආපු නිසා ටිකක් බිව්වට මේක ඉවර කරන්න නං බැරි වුණා.

සර්විස් එක

අපි යන වෙලාවේ මෙතන ස්ටාෆ් එකේ හිටියෙ එක්කෙනයි. ඒ නිසා වෙන්න ඕන කෑම බීම එන්න විනාඩි පහළොවක් විස්සක් ගියා. හැබැයි විනාඩි පහළොවක් විතර යයි කියල එයා අපිට කලින් ම කිව්ව නිසා ලොකු අවුලක් නෑ. ඒ ඇර සර්විස් එක ගැන කියන්න තරං ලොකු විශේෂයක් නෑ.

අවසන් වශයෙන්

සීසීසී එක පැත්තෙ ෂොපිං යනව නං, ෆුඩ් ස්ටුඩියෝ එක පැත්තෙ යන්නත් කම්මැලි නං, මෙතෙන්ට ගොඩ වුණාට ඔන්න අවුලක් නෑ. ඒ ඇර හොයාගෙන ගිහින් කන්න බොන්න තරං නං විශේෂයක් නෑ. ගණනුත් ටිකක් සැරයි නේ.

Address

137, Sir James Pieris Mawatha, Colombo 02

Contacts

Facebook Website Instagram E-Mail

Report Inaccuracy
See 2 Comments



Latest