4/5

Il Gelato (Uptown Kandy)

Uptown Kandy, Liberty Plaza

  • Open until 07:00 PM


Il Gelato at Uptown Kandy is a good place to end a tiresome shopping day, with some delicious, super quality ice cream.



කොහොමද මේ දවස්වල රස්නේ? සනීපයි නේ? මගේ හිතේ ඉර මේ දවස්වල පැය 24ම ඩියුටි කරනවද කොහෙද. මොකද රැයක් දවාලක් කියලා නෑ කොච්චරවත් දාඩිය දානවා.

කොහොමින් කොහොමහරි ඔය රස්නේ අස්සේ ම සිංහල අලුත් අවුරුද්දත් ගෙවිලා ගියා. අවුරුදු කටේ ගෑනු මිනිස්සු රෙදි කඩවල් අස්සේ දඟලන දැඟලිල්ල දැක්ක ම සංසාරේ කලකිරෙන නිසා ම, මං අවුරුද්දට ඇඳුම් ගන්න යන්නේ අප්‍රේල් මාසේ අන්තිම හරියේ. මොකද අවුරුද්දට ලැබෙන “ගනු" ටිකත් එකතු කරගෙන ම ෂොපින් කරන්න පුළුවන් නේ.

ඔන්න ඔය විදියට ගිය ගමන මෙදා සැරේ කෙළවර වුණේ කොල්ලුපිටියේ අප්ටවුන් කැන්ඩි එකෙන්. ෂොපින් කරලා අහවර වුණාට පස්සේ, පොඩි වතුර තිබහකුයි, මහන්සියකුයි දැනුණ නිසා මං හිතුවා ලිබර්ටි එකේ ෆුඩ් කෝට් එකට යන්න. එහෙම හිතාගෙන පිටවීමේ දොරටුව ළඟට යද්දී තමයි මට Il Gelato එක ඇහැගැහුණේ.

තැන

කිව්වත් වගේ මේක තියෙන්නේ අප්ටවුන් කැන්ඩි එක ඇතුළේ. හරියට ම කිව්වොත්, පිටවීමේ දොර ළඟ වම් අත පැත්තේ. වැඩිය ඉඩක් නම් නැහැ. පොඩි ස්ටූල් හතරකුයි, මේස දෙකකුයි විතරයි තියෙන්නේ. හැබැයි ටේක්-අවේ තියෙන නිසා ශේප්.

අයිස්ක්‍රීම් ජාති  

මෙතැන තියෙන අයිස්ක්‍රීම් ජාති තොගේ දැක්ක ම ඔළුව කොලොප්පන් වෙනවා. මොකද්ද තෝරාගන්නේ කියල හිතාගන්න බැරිවෙච්ච සැරේ මං කළේ විනාඩි දෙක තුනක් මේකේ ෂෝ කේස් එක දිහා බලාගෙන ඉන්න එක. වැනිලා, චොකලට්, ස්ට්‍රෝබෙරිවලින් පටන්ගත්ත ම, ආමන්ඩ්, ඇවකාඩෝ, පිසාචියෝ, ඔරියෝ, ටිරාමිසු, නියුටෙලා, හේසල්නට්, කැපුචිනෝ වගේ අයිස්ක්‍රීම් රසවල් 30කට එහායින් මෙයාලා ළඟ තියෙනවා. අයිස්ක්‍රීම් ස්කූප් තුන දාපු කෝන් විදියට වගේ ම, පොඩි අයිස්ක්‍රීම් කෝප්ප, බනානා බෝට්වලත් මේවා ගන්න පුළුවන්.

අපි ගත්තේ රසවල් දෙකක් දාපු අයිස්ක්‍රීම් කෝප්ප දෙකක්. එකක බ්ලූබෙරි එක්ක ආමන්ඩ්. අනිත් එකේ චොකලට් එක්ක රම් ඇන්ඩ් රේසින්. ජාති දෙකේ අයිස්ක්‍රීම් තියෙන මේ වගේ  එක කෝප්පයක් රුපියල් 490ක් වෙනවා.

ෂහ්! මේ චොකලට් අයිස්ක්‍රීම් එක නියමයිනේ. චොකලට් රස උතුරන්න තිබුණා. අනික නියමෙට ක්‍රීමි. සීනි රසත් ගානට බැලන්ස් වෙලා. අයිස්ක්‍රීම් නම් චොකලට්, චොකලට් නම් අයිස්ක්‍රීම් කියන ජාතියේ අයට (අපේ යමු එකේ බුද්ධික මහත්තයා වගේ) මේ අයිස්ක්‍රීම් එක හොඳට ගැලපෙනවා.

රම් ඇන්ඩ් රේසින් එකෙන් එක කටයි කෑවේ. මට තරු විසිවුණා. රම් රස හොඳට ම මේකේ තිබුණා කියන්නකෝ. මුද්දරප්පලම්වලින් ඒ රස තවත් දෙගුණ තෙගුණ වුණා. හැබැයි චොකලට් අයිස්ක්‍රීම් එක තරම් ම කිරි ගතියක් මේකේ දකින්න ලැබුණේ නැහැ.

කාලෙකට පස්සේ කෑව හොඳ බ්ලූබෙරි අයිස්ක්‍රීම් එකක් තමයි අපට Il Gelato එකේදී රස බලන්න ලැබුණේ. අර බොරුවට පාට දාලා හදපු එකක් නෙවෙයි, ඔරිජිනල් බ්ලූබෙරි රස මේකෙන් ආවේ. මොකද ෆ්‍රෝසන් බ්ලූබෙරිවලින්නේ හදලා තියෙන්නේ. අතරින් පතර හැපෙන බ්ලූබෙරි කෑලිවලින් එන ඇඹුල් රසට තමයි මට වැඩියත් ම ආස හිතුණේ.

ආමන්ඩ් අයිස්ක්‍රීම් එකත් ගොඩක් රසයි. ලොකු පැණි රසක් නැතත්, ආමන්ඩ්වල රස හොඳට ම දැනුණා. අමුතුවෙන් අටුවා ටීකා කියන්න නැහැ ඉතින්. මේකත් සිරා.

සර්විස් එක

මෙතන තියෙන්නේ සෙල්ෆ් සර්විස්. කවුන්ටරේ පිටිපස්සේ ඉන්න අන්කලුත් හොඳයි. හොඳට හිනාවෙලා කතා කරනවා.

අවසාන වශයෙන්

පොඩ්ඩක් වියදම් කරලා හරි කමක් නැහැ මේ දවස්වල තියෙන රස්නෙන් ගැලවෙන්න පුළුවන් විදියක් එක ම කොච්චර දෙයක්ද නේද? වෙන අයිස්ක්‍රීම් කඩවල්වලට වඩා නම් මේ කට්ටියගේ ගණන් පොඩ්ඩක් වැඩියි. හැබැයි ඒ වගේ ම තමයි රසත්. ජාතිත් ගොඩයි. මෙතැන විතරක් නෙවෙයි, ඩුප්ලිකේෂන් පාරෙයි, ඔඩෙල්  එක ඇතුළෙයි මෙයාලගේ තව අයිස්ක්‍රීම් කඩ දෙකක් තියෙනවා. 

Artwork for Frimi Shoutout banner - non merchants only

Address

Uptown Kandy, Liberty Plaza

Report Inaccuracy

Open until 07:00 PM

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Ice Cream Gelato

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment