Artwork for Top Banner 1 - PMF Late night
Artwork for Top Banner 2 - PMF Late night

3/5

In Doo Se Restaurant

Madiwela Road, Thalawathugoda


In Doo Se is an Indian Restaurant situated in Thalawathugoda. It's a wonderful place to enjoy a pure Indian meal with a good service.



YAMU අපේ කට්ටිය ශ්‍රී ජයවර්ධනපුර නගරයට ආසන්නව ලොකු සමීක්ෂණයක් කරලා නැති නිසා මම හිතුවා ඒ පැත්තට වෙන්න තියෙන රස කෑම ටිකක් කන්න පුළුවන් කඩයක් හොයාගෙන යන්න. දන්න කියන යාළුවෝ දෙතුන් දෙනෙකුගෙන් ඇහුවාම මට දැන ගන්න ලැබුනේ තලවතුගොඩ හංදියේ කීල්ස් සූපර් මාර්කට් එක ඉස්සරහ අළුතින් දාලා තියෙන ඉන්දියානු අවන්හලේ කෑම නියමයි කියලා. ඉතින් ඒ නිසා රෑ කෑමකට එතෙන්ට යන්න මමයි තව යාළුවෙකුයි තීරණය කලා.
 

වාතාවරණය

තලවතුගොඩ හංදියේ කෑම කඩ රටාවත් එක්ක බැලුවාම ඇත්තටම ඉන් දූ සෙ අවන්හලේ ඉස්සරහ පෙනුමේ ඉඳලම පැහැදිලි වෙනසක් තිබුණා. හංදියේ වැව අද්දරට වෙන්න හෝකන්දර, කිඹුලාවල ප‍්‍රධාන පාරට මුහුණලා තමයි මේ අවන්හල පිහිටලා තියෙන්නේ. වාහන තුන හතරකට වඩා නවත්වන්න අවන්හලේ රථ ගාලෙ ඉඩ නැති එකනම් කණගාටුවට කරුණක්. එවෙලේ කෑම කන්න එන අයට භෝජනාගාරය පිහිටලා තියෙන්නේ අවන්හලේ උඩ තට්ටුවෙ. පහල කොටස කෑම ගෙනියන්න එන අයට ලේසි වෙන්න ලොකු බෝඩ් එකක ප‍්‍රධාන ආහාර, අතුරු ආහාර සහ අතුරුපස, බීම වර්ග වෙනමම පෙන්නලා තියෙනවා.

පැත්තෙන් තිබුණ පඩි පෙළ දිගේ මමයි යාළුවයි භෝජනාගාරයට යනකොට එහි සේවකයෙක් ඇවිල්ල දොර ඇරලා ‘‘ගුඞ් ඊව්නින් සර්’’ කියල අපිව පිළිගත්තේ හිතට පුංචි සතුටකුත් දීලා. බිත්තිවල ලස්සන චිත‍්‍ර කීපයක්ම එල්ලලා තිබුණ භෝජනාගාරය ඇත්තෙන්ම හරිම ලස්සනට වගේම පිළිවෙලටත් හදලා තිබුණා. වායුසමනය කරල තිබුණ භෝජනාගාරය ඇතුලෙ එකපාර විස්සකට තිහකට විතර ඇවිල්ලා කෑම කන්න හොඳට ඉඩ තියෙනවා. වැවට විවෘත පැත්ත හදල තිබ්බෙ වීදුරු වලින් නිසා කෙලින්ම පේන්නේ වැව. භෝජනාගාර සේවකයිනුත් ගොඩක් සුහදශීලීව මෙනුවේ තිබුණ කෑම තෝරන්න අපට උදව් වුණා.

ආහාර සහ සේවාව

ටිකක් සැරට කන්න ආස නිසා අපි කුකුල්මස් කොත්තු (රු.330) එකකුයි කුකුල්මස් බිරියානි (රු.400) එකකුයි ඇණවුම් කළා. යාළුවට සුප් එකක් බොන්න ආසයි කිව්ව නිසා එළවළු මැන්චෝව් (රු.180) එකකුත් ගේන්න කිව්වා. අතුරුපසට අපි තෝර ගත්තේ ගජාර් හල්වා (රු.180) එකක් සහ ගුලාබ් ජමුන් (රු.150). පොඩි ප‍්‍රශ්නෙකට කියල තිබුණේ උණු බීම් වර්ග, පළතුරු වලින් හදපු කෑම වර්ග වගේ ඒවා තිබුණේ නැති එක. ඉතින් අපි ඒ ගැන භෝජනාගාර සේවකයෙකුගෙන් ඇහුවාම එයා කිව්වෙ මේ කෑම වර්ග හදන්න වෙනමම ඉන්දියානු සූපවේදීන් ඉන්නවා ඒත් එයාලා අද ඇවිත් නෑ කියලා. ඉල්ලන කෑම වර්ග කවුරු හරි දන්නා විදියට හදලා පාරිභෝගිකයින්ට දෙන එක මේ අවන්හලේ කළමණාකාරීත්වය අනුමත කරන්නෙ නෑ කියලා අපට තේරුණා.

විනාඩි දහයක් විතර පොඩි කතාවක් දාගෙන ඉන්න කොට අපේ මේසෙට මුලින්ම ගෙනාවෙ එළවළු මැන්චෝව් සුප් එක. ඉතින් සුප් එක බොන්න කලින් ඔයාලටත් ඒක කොහොමද කියලා පෙන්නන්න ෆොටෝ දෙකක් තුනක් ගහල මායි යාළුවයි සුප් එක බොන්න පටන් ගත්තා. ෂා නියම රසක්! මුළුමනින්ම නිර්මාංශ සුප් එකක් වුනාට ඒකට එකතු කරල තිබුණ ලීක්ස්, කැරට්, සුදු ඵෑණු, ඉඟුරු, කරපිංචා වල රස හොඳට දිවට දැනෙන්න හදලා තිබුණා. අවශ්‍ය පදමට ගම්මිරිසුයි ලුණුයි පොඩ්ඩක් එකතු කර ගෙන සුප් එක බීගෙන යන කොට අපි ඉල්ලපු කොත්තු එකයි බිරියානි එකයි මේසෙට ආව.

උණු උණුවේ දුම් දදා තිබුණ ඒවගෙන් ආවෙ බඩ ගින්න දෙගුණ තෙගුණ කරන සුවඳක්. සුප් එක පැත්තකින් තියලා බිරියානි එක අතට ගත්ත මම ඉන්දියානු ක‍්‍රමයටම කන්න හදලා තිබුණ ඇලූමිනියම් පිඟානට ඒක දාගත්තා. පිඟාන පිරිලා තිබ්බ බිරියානි එක එක්කෙනෙකුට නම් කාලා ඉවර කරන්න අමාරුයි වගේ. කොත්තුවෙත් ලොකු වෙනසක් තිබ්බෙ නෑ. යාළුවා දා ගත්තට පස්සේ තමයි මම දැක්කේ කොත්තුවත් බිරියානි එක වගේම ලොකුයි කියලා. කොත්තුවට එළවලූ දාලා හදපු රසම් එකකුයි බිරියානි එකට මීකිරි දාලා හදපු මෝරු එකකුයිත් අපිට ලැබුණා. හැඳි ගෑරුප්පු පැත්තකින් තියලා අපේ ක‍්‍රමයට අතින් කන්න පටන් ගත්ත අපි දෙන්නා අතරේ තිබුණ කතා බහත් නැවතිලා. දෙන්නා ගජ රාමේට කෑම කනවා. ඔළුව උස්සන්නෙවත් නෑ.

බිරියානි එකෙන් නම් එන්නෙ නියම ඉන්දියානු රසයක් (මසාලා රස). ලික්ස්, කැරට්, අමු මිරිස්, ඉඟුරු, සුදු ළූණු දාලා හොඳ සැරට හදලා තිබුණ බිරියානි එකේ ලොකු කුකුල් මස් කෑලි දෙක තුනකුත් තිබුණා. කුකුල් මස් හොඳට තම්බලා ලුණු, ගම්මිරිස් දාලා පදමට හදල තිබුණ නිසා බිරියානි එකේ රස කියල නිම කරන්න බෑ. මෝරු ටිකක් එකතු කරගත්තාම බිරියානි එකේ සැර ගතිය ටිකක් මැකිලා යන නිසා මම වැඩිපුර මෝරු එක එකතු කරගත්තේ නෑ.

යාළුවගේ කොත්තු එකෙනුත් ටිකක් අරන් රස බලන්න පටන් ගත්තාම තමයි මට තේරුණේ බිරියානි එකට වඩා හොඳ රසයක් කොත්තු එකේ තියෙනව කියලා. යමක් අඩුයි කියන්න තරම් නම් කොත්තුවේ අඩුක් තිබුණේ නෑ. සැර ගතිය නම් උපරිමයි. කුකුල් මසුත් ලොකු කෑලී තුන හතරක්ම තිබුණා. ගෝවා, ලීක්ස්, කැරට් වගේම ඉඟුරු, සුදු ළූණුත් නියම පදමට දාලා, හරිම රසයි. ඇත්තටම කොත්තුවේ රස මෙහෙම කියනවට වඩා රස බලලම කථා කරන එක නම් හොඳයි කියලා මට පැහැදිලිවම කියන්න පුළුවන්.

බඩ කට පැලෙන්න කාල ඉඳපු අපි දෙන්නා බොන්න මොනව හරි ඇනුවම් කරන්න කියලා මෙනුව අතට ගත්තා. ඒත් පොඩි ප‍්‍රශ්නයක්. බීම වර්ග හදන සූපවේදියා නැති නිසා උණු බීම වර්ග මුකුත්ම තිබුණෙ නෑ. ඒ නිසා අපි ජින්ජර් බියර් එකක් ගෙන්න ගත්තා.

විනාඩි පහක් යන්න කලින් මේසෙට ආපු ගුලාබ් ජමුන් එකේ නම් පැණි රස ගොඩක් වැඩියි. ඒක ඉන්දියානු ක‍්‍රමයකට පිටි වලින් හදලා තෙලේ බැදපු කෑමක්. මේසෙට එනකොට පැණි වර්ගයක් දාපු කුඩා බඳුනක දාලා තමයි එන්නේ. පැණි රසට ආස අයට නම් ගුලාබ් ජමුන් කියන්නේ නියම අතුරු පසක්. මට නම් දැනුනේ අපි අවුරුදු කාලෙට හදන කැවුම් කිතුල් පැණිවල දාලා කන කොට එනවා වගේ රසක්.

උණු උණුවේ මේසෙට එන ගජාර් හල්වා පුඩිම කැරට් දාලා තමයි හදල තියෙන්නේ. දිවට පොඩි වෙනස් රසයක් දෙන්න පොඩියට කපපු ආමන්ඩ් ඇට ටිකක් උඩින් දාලා තිබුණා. බඩ පැලෙන්න කාලා හිටියත් හොඳ පැණි රස ගතියක් එක්ක එන ගජාර් හල්වා එකේ සුවඳ නිසාම අපි ඒක කෑදර කමෙන් ගිලදාන්න දෙපාරක් හිතුවෙ නෑ.

හොඳ සුහදශීලි බවකින් සහ නිතරම හිනාවෙලා කතා කරන භෝජනාගාර සේවකයින් අපිට අවශ්‍ය දේ ඉල්ලපු ගමන්ම ගෙනත් දෙන්න නිතරම වගේ අපේ ළඟට වෙලා හිටියා.
 

අනුමිතිය

උදේ 10ත් හවස 2ත් අතර දවල් කෑම ගන්නත් හවස 6ත් රෑ 10ත් අතර රෑ කෑම ගන්නත් තලවතුගොඩ ඉන් දූ සේ අවන්හල විවෘත කරලා තියෙනවා. ඒ නිසා යන එන ගමනේ වුණත් රස කෑම ගොඩක් හිතේ හැටියට තෝරාගෙන ලස්සන දර්ශන තලයක ඉඳන් නිදහසේ කෑම කන්නට නම් මෙම අවන්හල කියාපු තැනක්.
 


TIP

Don't forget to taste the spicy chicken cheese kottu.

Address

Madiwela Road, Thalawathugoda

Directions

Turn left from the Borella - Kottawa Road to Nugegoda Road from Thalawathugoda Junction & keep going for about 150m. In Doo Se is in front of the Keells Super Market.

Contacts

Report Inaccuracy

Open 10AM - 2PM, 6PM - 10PM

Cuisine

Indian

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Kottu Biriyani

Ratings Breakdown

Overall Rating
3
Similar Places

User Reviews
L
4

3/5

0

Lasantha Munasinghe

No more meat items. Now they are full vegetation.

L
4

3/5

0

Lasantha Munasinghe

No more meat items. Now they are full vegetation.

See 5 Comments