Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2

4/5

Independence Square

Independence Square, Colombo 7


Independence Square is still a great place to relax in Colombo. It's part monument, part park, part walking ground. It's main function seems to be as the place where Colombars go for their evening constitutional (walk).



කොළඹ නිදහස් චතුරස්‍රය තමයි, අලුත්ම පොදු අවකාශය. එය ස්මාරකයක්. ඒ වගේම, උද්‍යානයක්. සක්මන් මළුවක්. අසල ජීවත් වන ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ ඇතුළු කොළඹ වැසියන් හැන්දෑවට ඇවිදින්න යන තැන තමයි මේ. අප නිදහස ලැබූ 1948 සිටම නිදහස් චතුරස්‍රය තිබෙනවා. ඒත්, එය හතර වටෙන් වාහන ගමන් කරන පාරවලින් වටවුණු ස්මාරකයක් ලෙස විතරයි තිබුණේ. දැන් වාහන ගමනාගමනය එක් පැත්තකට පමණක් සීමාකරලා. නිදහස් චතුරස්‍රය පිටුපසට වන්නට ඇති පෙදෙස අලංකාර සක්මන් මළුවක් බවට පත් කරලා, යුද හමුදාවේ උපකාර ඇතිව. අසල තුරගතරග පිටියත් දැන් නවීකරණය කර තිබෙන නිසා දැන් මුළු පෙදෙසම මහජනයාට විවෘතවෙමින් තිබෙනවා. ජාතික ලේඛනාගාරය වටේටමත් ඇවිදින මාර්ග සකසලා. මේ තමයි දැන් කොළඹ තිබෙන ඇවිදින්න හොඳම පෙදෙස.

නිදහස් සමරු ශාලාව

නිදහස් චතුරස්‍රය මැද තමයි නිදහස් සමරු ශාලාව පිහිටා තිබෙන්නේ. එහිදී තමයි බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන් ලංකාවට නිලවශයෙන් නිදහස පිරිනැමුවේ. මහනුවර යුගයේ රාජකීය විලාසිතාවට ඉදිකරනලද මේ ශාලාවේ තමයි පළමු නිල පාර්ලිමේන්තු රැස්වීමත් පැවැත්වුණේ. දැන් ඔබට නිදහසේ එහි ගොස් ඒ සෙවණ සහිත විවෘත ශාලා‍වේ ගැවසෙන්න පුළුවන්. සමරු ශාලාවට පහළින් කටුගෙයක් තිබෙනවා. ලංකාවේ බොහෝ කටුගෙවල වගේ මෙහිත් ඉදිරිපත්කිරීම් අහඹුලෙස කළ ඒවා. ඒත්, බලන්න රසවත්.

නිදහස් සක්මන් මළුව

චතුරස්‍රය ඔබ්බෙන් ඇති උද්‍යාන ස්වරූපයේ ප්‍රදේශය අලුත් එකතුකිරීමක්. නිදහස් සමරු ශාලා‍වේ සිට බටහිර දෙසටයි නිදහස් සක්මන් මළුව තිබෙන්නේ. එය ඇරඹෙන්නේ දිග පොකුණු දෙකක් අතරින්. එය තුරු‍ පෙළක් දිගේ දිවෙන පයින් යන්නන්ටම පමණක් වෙන්වුණ පාරක්. එහිදී හමුවන වාහනවලට කිට්ටු එකම දෙය වැඩිමහළු උදවියගේ යාන්ත්‍රික ඇවිදින මෙවලම්. මේ පටුමග කොළඹ ග්‍රහලෝකාගාරය අසලින් අවසන්වෙනවා.

අවට ඇති දේ

හැල්මේ දුවන්නන් සඳහා ඇති පාර ඇත්තේ පිටිය වටේ පුළුල් කවයක් ලෙසයි. පාගමන් පථය දැන් දිගුවෙමින් තිබෙනවා. උතුර දෙසට යනවානම් ඔබට කොළඹ තුරගතරග පිටිය හෙවත් රේස්කෝස් දෙසටම යන්න පුළුවන්. දැන් රග්බි පිටියක් බවට පත් කර තිබෙන මේ පැරණි තුරගතරග පිටිය වටේ මාල් අවකාශයක් සකසා තිබෙනවා අලුතින්. අතරමගදී ඔබ පසුකරනවා Fortune Boat අවන්හල. කොළඹ වඩාත්ම නිර්ව්‍යාජ චීන අවන්හල එය වන්න පුළුවන්. එත් බොහෝදෙනෙක් ඒ කරුණ දන්නේ නැහැ.


TIP

The area is generally the most populated after work, around 5-8. This is actually a nice time to be there, there are families, couples, kids, people exercising, chatting sitting around.

Address

Independence Square, Colombo 7

Report Inaccuracy
Similar Places

Have you visited this place?

Write your own review!
See 10 Comments