Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

5/5

Indian Chaat Corner

No. 03, 32nd Lane, Wellawatta


Indian Chaat Corner is a tiny barely-noticeable restaurant that specializes in Indian street food. The chaat is still pretty good, and they've got a nicer interior now.



පුංචි බඩගින්නට එන පුංචි අදහස් තමා.. අන්තිමට ලොකුවෙලා වැහි වළාව වගේ කඩාපාත් වෙන්නෙ හේදිලාම යන්න!

ඔන්න ඊයෙත් ඈ. පොඩී.. බඩගින්නක් තිබ්බෙ, හැන්දැවෙලා කොහොමත් එන. ඒකට ඉතින් හැමදාම කන රයිස්, කොත්තු නැතුව වෙනසක් කලොත් හොඳයි කියලත් හිතුණා. හිතලා.. ගූගල් එකෙත් පීරලා බලලා, හොයාගත්තා ප්ලේස් එකක් අතේ තියෙන ගාණට පොඩි දෙයක්, හොඳ රහට, හිතේ හැටියට කන්න.

හොයාගෙන, දැම්මා කෙලින්ම වීල් එකක් අදාළ ස්ථානයට යන්න, වැල්ලවත්තෙ 32වැනි වීදියෙ. දාලා ඒකත් එනකම් ඉඳලා ට්‍රැෆික් එකේ එතනට අදිද්දි සෑහෙන වෙලාවකුත් ගියා. ඊටත් වැඩේ වුනේ එතනට ගිහින් ඇතුලට ගොඩවෙද්දිනෙ!

ඒක පරණ ගෙයක් යාළු, වලව් ටයිප්. ඒසී, ෆෑන් එහෙමත් තියෙනව. ලී මේස පුටු දාලා භෝජනාගාරය විදියට ඉස්තෝප්පුවත් හැඩ කරලා, හරි ෂෝක්. හැබැයි කවුරුත්ම පේන්න නෑ..

මොකද කරන්නේ කියල ඉතින්, ඉස්සෙල්ලාම මායි යාළුවයි ගිහින් අත්දෙක හෝදගෙන ආවා. ඇවිල්ලා වාඩිවෙද්දි ඔන්න.. කඩේ අයිතිකාරිනියද කොහෙද එනවා අපේ පැත්තට. ඇවිල්ලා ලස්සන හිනාවක් දාලා, කොහොමද කියල අහලා දුන්නා මෙනුව අතට. දීලා එතනින් ගියෙත් නෑ.. මොකද එයාට සිද්ධවුනානෙ අපිට ඒ කෑම තෝරන්න උදව් කරන්න. ඇයි ඉතින් සියල්ලම ඉන්ඩියන්නෙ. ඒකත් කෑම 100ක් මෙනුවෙ..

කොහොමහරි කියවල බලල බැරිම තැන අපි එයාගෙන් අහලම ඔ්ඩර් කලා. කෑමට මට්න් බිරියානි එකයි (රු. 1000), බටර් නාන් (රු. 150) එක්ක මසාලා චිකන් එකයි (රු. 650). ඩෙසට් එකට දායි පූරි එකයි (රු. 300), සමෝසා චායි එකයි (රු. 300). බීමට මසාලා චායි එකයි (රු. 100). ඔ්ඩර් කරලා ඉතින් සුපුරුදු පරිදි කතාබහට සෙට්වුනා. මොකද නිකම් ප්ලේස් එක තිබ්බ විදියෙන්ම අපිට තේරුනා කෑම එන්න ටිකක් වෙලා යයි කියල.

කිව්වත් වගේ.. පලවෙනි ප්ලේට් එක, මට්න් බිරියානිය මේසෙ උඩට!

වැඩේ කියන්නෙ.. ඒකෙ සුවඳට? ඉන්න බෑ යාළු අහල පහලක. මට නම් ෂුවර් ඉස්මුරුත්තාවට කාලා හිටියත් කෙනෙක්ට, ඒ සුවඳට නම් අනිවා කටට කෙල උනනවා සත්තයි. අනික බතේ ලස්සන. කොළපාට, තැඹිලි පාට, කහපාට.. ඒ අතරින් මාරම සොෆ්ට් විදියට හැදුණු, මසාලා කුළුබඩු රසින් නූලට පදම්වුනු පංකාදු මට්න් කෑලි.. කෙලින්ම එකක් ඇති අඟල් 2, 2 වගේ. හිතන්නකො බත පුරාම ඒ වගේ කෑලි 7, 8ක් කියන්නෙ? පිස්සු හැදෙන සඳ..

ආයෙ බලන් ඉඳිද්දි ඉවර වුනේ ඈ.

හැබැයි ඒ ගැම්මටම ආවානෙ මසාලා චිකන් එකත් එක්ක බටර් නාන්. හප්පේ.. අර බිරියානියෙ අඩුපාඩු ටිකට ටොප් එකට කැපෙන්න.. අල්ලෙන් බාගයක් සයිස් චිකන් කෑලි 2, 3ක් ඒකෙ. බටර්, මසාලා අඩුම කුඩුම සියල්ලත් එක්ක..

රසයි කියන්නෙ යාළු.. චිකන් ඔ්න නෑ ඒකෙ හොද්ද තිබ්බත් ඇති කන්න!

බඩ පැළෙන්න කාලා.. ඔලුව පොඩ්ඩක් ඉස්සුවා විතරයි මෙන්න චාට් 2ත් මේසෙ උඩ. මොනව කරන්නද? ඉස්සෙල්ලාම අපි ගිහින් අත හෝදගෙන අවා. ඇවිල්ලා..

ම්.. මුලින්ම දායිපූරි.

ෂෑ..හ්! රසයි කියන්නේ. ඒකට නම් දෙන්න තරු නෑ. අර ඉන්ඩියන් එක එක පැණි වර්ග, මසාලා කුළුබඩු අඩුම කුඩුම, මීකිරි, පදමට බැදූණ පපඩමට පිරවිලා..

එක කටට හපනකොට, උඩින් දාපු මිරිස් කුඩුත් එක්ක.. රස නහර පිනාගිහින් තොලකට ලෙව කැවෙනව!

ඊටත් ඒ අතරට පොඩි පොඩියට කපලා, අර විදියටම පැණි, මසාලා අඩුම කුඩුම දාලා ටේස්ට් එකට ගලපපු සමෝසා චායි එක? කටක් කනකොට නිකම්.. අමෘතෙ වගේ.. හ්ම්..

ඔක්කොමත් හරි මට කඩේ නතර වෙන්නම හිතුණෙ අන්තිමට මේසෙට ආපු මසාලා චායි එක බීපුවාම. අනේ.. ඇත්තට ඒකෙන් බෝතලයක්වත් තිබුනා නම්. ඒ තරම් යාළු රස. වැඩක් නෑ කතාකරලා කුරුඳු, එනසාල්, කරාබුනැටි එක්ක තව මොන මොනවදෝත් දාලා.. කිරිටිකට කහට පදමටම ගලපලා..

ඇති දැන්. ආයෙ ඔ්න නෑ, මං කියනවට ඔයාලා එක පාරක් ගිහිල්ල බලන්නකො!


TIP

Opening and closing times are erratic, though they're generally open do call before going.
All Reviews

The Indian Chaat Corner's been one of our favourite spots for affordable, spicy, and different-from-the-usuals food.

Indian Chaat Corner is a tiny barely-noticeable restaurant that specializes in Indian street food. The chaat is still pretty good, and they've got a nicer interior now.

While Sri Lanka has successfully tried its hand at many a cuisine, chaats are somehow not our forte. For the homesick Indian, there are few places to which you can dart for a bit of home cooked cheer in the form of a bhel puri.

සිංහල පුංචි බඩගින්නට එන පුංචි අදහස් තමා.. අන්තිමට ලොකුවෙලා වැහි වළාව වගේ කඩාපාත් වෙන්නෙ හේදිලාම යන්න!

සිංහල ඉන්දියාවේ හැමතැන ම පොඩි පොඩි පෙට්ටි කඩ, කරත්තවල තියෙන කඩචෝරු ‌කොළඹ දි කන්න.

සිංහල ඉන්දියන් චාට් කෝර්නර් එක කියන්නේ යමු එකේ අය සෑහෙන්න ආසාවෙන් කන්න ගිය තැනක්

සිංහල Indian Chaat Corner is a tiny barely-noticeable restaurant that specializes in Indian street food. The chaat is still pretty good, and they've got a nicer interior now.

සිංහල ලංකාවේ සූපවේදියෝවිවිධ විදේශීය භෝජන වර්ග සාර්ථකව පිසිනමුත් චාට් නම් සාර්ථකවෙලා නැහැ. චාට් කියන්නේ ඉන්දියාවේ වීදි අද්දර කෑම කරත්ත විසින් පිරිනමනු ලබන ජනප්‍රිය වීදි ආහාරයක් වන සැර හා ලුණු රසමුසු ප්‍රණීත කැවිල්ලක්. ගෙදර ගැන සිතමින් ලතවන ඉන්දියානුවන් වෙනුවෙන් ගෙදර හැදූ බෙල් පුරි පිරිනමන තැන්නම් කීපයක් තිබෙනවා.

Address

No. 03, 32nd Lane, Wellawatta

Directions

Drive a little way past the Wellawatta Market and 32nd Lane is onto your left. The Chaat corner is at a residence a few metres in onto your left.

Contacts

Report Inaccuracy

Open 10AM to 9PM daily

Cuisine

North Indian

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Tandoori Lassi

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
5
Service Rating
5
Ambience Rating
3

Similar Places

User Reviews
L
1

3/5

0

Lankan

+
Food were very cheap (in price) and orders served pretty quickly. Place is run by a couple, and both of them can speak English very well. Found the food we ordered were really tasty on the 1st day. Quiet place.

-
We went there 2 days within a week, as we found the food were tasty on the first day. But the 2nd day wasn't same as the first.
We found the food bit unclean on the 2nd day. Or it could be the odor in the room.
Both days we found the place fairly empty. On the first, only two of us were dining. Second day, ourselves and another few girls.
My daughter had to use the restroom, so they passed through the cooking area. And complained the 'backstage' was quite unclean and their faces looked unpleased.
Eventually, it was decided we'd not go there again.

L
1

3/5

0

Lankan

+
Food were very cheap (in price) and orders served pretty quickly. Place is run by a couple, and both of them can speak English very well. Found the food we ordered were really tasty on the 1st day. Quiet place.

-
We went there 2 days within a week, as we found the food were tasty on the first day. But the 2nd day wasn't same as the first.
We found the food bit unclean on the 2nd day. Or it could be the odor in the room.
Both days we found the place fairly empty. On the first, only two of us were dining. Second day, ourselves and another few girls.
My daughter had to use the restroom, so they passed through the cooking area. And complained the 'backstage' was quite unclean and their faces looked unpleased.
Eventually, it was decided we'd not go there again.

See 29 Comments