Artwork for pat pat lk temp top banner 1 with blog post
Artwork for GOURMET GROCERS top banner 2 test
Artwork for PMF Dinner-Promo-July-Yamu-Side-Bar Artwork for providore.shop sbb 2

5/5

Indian Kitchen

357, R. A. De Mel Mawatha, Colombo 03


A restaurant serving the best of Indian food.



ඉන්දියාව කියන්නෙ හුඟක් පුළුල් ආහාර සංස්කෘතියක් තියන රටක්. කෑම හදන විදිහ, කෑමට දාන අඩුමකුඩුම, ඒවයෙ රසපදම, මේ ඔක්කොම එක්ක බැඳුණු ඉන්දියාවට ම ආවේණික ආහාර රටා ගොඩක් තියනවා. එහෙම කියද්දි ළඟදි ආපු ‘ග්‍රේට් ඉන්දියන් කිචන්’ ෆිල්ම් එකත් මතක් වෙනවා. මේ වගේ කෑම ඉන්දියානුවෝ අතින් ම හැදුණොත් ඇරෙන්න ඒ නියම රසට සකසගන්නත් ටිකක් අමාරුයි.

ලංකාවෙත් ඉන්දියන් රෙස්ටොරන්ට් විදිහට හඳුන්වගන්න අවන්හල් ඕන තරං තිබුණට, නියම ඉන්දියන් රහට, ඉන්දියන් ක්‍රමයට, ඉන්දියන් කෑම බීම සර්ව් කරන තැන් තියෙන්නෙ හුඟක් අඩුවෙන්. හැබැයි අපිට ගොඩ වෙන්න ලැබුණා ඩුප්ලිකේෂන් පාරේ දැන් ටික කාලෙකට කලින් අලුතෙන් ඕපන් කරපු ‘ඉන්දියන් කිචන්’ එකට. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නියම ඉන්දියානු කෑම වේලක අසිරිය විඳගන්න ලැබුණා කිව්වොත් හරි!

තැන

කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාර අයිනේ තියන මේ රෙස්ටොරන්ට් එකේ එළියේ ‘ඉන්දියන් කිචන්’ කියලා කොළ පාටට ලොකුවට ගහල තියන නිසා හොයාගන්න අපහසු නෑ. අපිට මෙතෙන්ට ගොඩ වෙන්න ලැබුණේ රෑක. අපි යන වෙලාවෙ ලොකු සෙනඟක් නැතත් හත් අට දෙනෙක් කෑමට වාඩි වෙලා හිටියා.

මේ රෙස්ටොරන්ට් එකේ ඉන්ටීරියර් ඩිසයින් එක හරිම විශේෂයි. මහ පාරක් තමයි තීම් කරගෙන තියෙන්නෙ. තාර පාරේ අඳින සුදු ඉරි කහ ඉරි එහෙම ඉන්දියන් කිචන් එකේ පොළොවෙ ඇඳලා තිබුණා. ඒ විතරක්යැ. ට්‍රැෆික් ලයිට්, වීදි ලාම්පු, මාර්ග සංඥා එහෙමත් මේක ඇතුළෙ තියනවා. විවිධ පාටවල් සහ විදුලි ආලෝකය ලස්සනට බ්ලෙන්ඩ් වෙලා හරිම ප්‍රසන්න වටපිටාවක් නිර්මාණය වෙලා තිබුණා. වාඩි වෙන්න ආසන හදලා තියෙන්නෙ පුංචි පුංචි බැරල්වලින්.

කෑම

ඉස්ඉස්සෙල්ලම මෙතෙන්ට ගිය ගමන් හම්බෙන්නෙ උණු උණු කොත්තමල්ලි වීදුරුවක්! ඒක තොල ගගා කෑම තෝරන්නයි තියෙන්නෙ.

මෙනු එක ලොකුයි. අපි තේරුවේ චිකන් බැම්බු බිරියානි එකයි (රු. 850), බටර් චිකන් එකයි (රු. 700), චිකන් පෆ් පරෝටා එකයි (රු. 480). අපි මට්න් ගැන ඇහුවට එවෙලේ මට්න් අවේලබල් නෑ කියපු නිසා චිකන්වලට සීමා වෙන්න සිද්ධ වුණා.

චිකන් බැම්බු බිරියානි එක උණ බම්බුවක පිරිලා ආවෙ උණු උණුවේ. සුවඳේ බෑ! රන්වන් පාට වුණ බාස්මතී හාලේ බතට මික්ස් වුණ ලොකු චිකන් කෑලි ටිකයි, තම්බපු බිත්තරෙයි ඇරුණම උකු රයිතා එකකුත් හම්බුණා. ළාවට දැනෙන ඇඹුලකුත් එක්ක හදල තිබුණ රයිතා එක මාර කිරි රසයි.

චිකන් ටික ස්පයිසස්වල දැවටිලා හොඳට කුක් වෙලා තිබුණා. ඒ ෆ්ලේවර් එක ඉන්දියන් චෙෆ් කෙනෙක්ගෙ අතින් ම හැදුණ එකක් වෙන්න ඕන. බිරියානි බත උපරිම සුමුදුවට තැම්බිලා. නියම ඉන්දියන් මසාලා රස කැටි වුණ ටොප් බිරියානි එකක්. රස, පාට, සුවඳ, පෙනුම, පෝෂන් සයිස් එක.. ඔක්කොම ඉස්තරම්.මේ තියෙන්නෙ බටර් චිකන් එක. මේක මාර තික් ග්‍රේවි එකක්. ලෝබ නැතුව චිකන් කෑලි ගොඩක් දාල තිබුණා. ලා පැණි රසකුත් එක්ක සැරට දැනෙන ගරම් මසාලා රසයි, බටර් ක්‍රීමි ගතියයි නියමෙට ගැලපිලා.

ඉන්දියන් රෙස්ටොරන්ට් කියල කියන හැම තැනින් ම හොයාගන්න බැරි කෑමක් චිකන් පෆ් පරෝටා. මේක පරාටා එකක් ඇතුළට චිකන් ෆිලිං එකක් දාලා හදපු තුන්හලස් පිරවුමක්. වැඩි ආලවට්ටම් නැතුව කෙටියෙන් ම කිව්වොත් පුදුම රසයි! පරාටා එක කටට සොෆ්ට් වගේ ම පොඩ්ඩක්වත් වේලිච්ච ගතියක් නැතුව හොඳ ෆ්‍රෙෂ් පිට තිබුණා. ෆිලිං එකට චිකන්, බිත්තර එක්ක කටට සැර දැනෙන ස්පයිසස් ගොඩක් පාවිච්චි කරලා.

අතුරුපස

බඩ පැලෙන්න කාල හිටියට මොකද මාත් එක්ක ගිය ගුලාබ් ජමුන් පෙරේතයට ඩෙසට් එකට ගුලාබ් ජමුන් ඕනෙමයි කිව්වා. මෙයාලගෙ ගුලාබ් ජමුන් පෝෂන් එකට ගුලාබ් ජමුන් පහක් එනවා. ඒ නිසා රු. 250කට පාඩු නෑ. අනික මාර රසයි. කිරි රසයි පැණි රසයි ගාණට බැලන්ස් වෙලා. කන්න බැරි ගාණට තෙල් ගතියත් නෑ. හැබැයි හොඳ සුමුදුවට බැදිලා.

සර්විස් එක

මෙතන ලොකු ස්ටාෆ් එකක් ඉන්නවා. අපි ඇතුළට යද්දි අපිව පිළිගත්තේ නමස්තේ කියලා. වැඩ කරන අයගෙන් එක්කෙනෙක් නෑර හැම කෙනාම එක වගේ හිතවත්කමින් කස්ටමර්ස්ලට කතා කරනවා. මෙනු එකේ තියන ජාති ගැන පහදලා දෙනවා. හරිම මිත්‍රශීලීයි. කොටින් ම කෑම වේල ඉවර වෙද්දි අපි ඒගොල්ලො එක්ක සෑහෙන යාළු වෙලා.

අවසන් වශයෙන්

කෑමවල කොලිටි එකයි, රසයි, තැනේ ස්වභාවයයි, සර්විස් එකයි.. මේ හැම එකකටම තරු පහයි කියන්න පුළුවන් අවන්හල් අපිට හම්බෙන්නෙ සෑහෙන අඩුවෙන්. ඉන්දියන් කිචන් කියන්නෙ කාලෙකින් හම්බුණ ඒ වගේ තැනක්. ගිහින් නැත්තං ඕගොල්ලො යන්න ම ඕන තැනක්.


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment