Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for New internal sidebar 10.08.2020

4/5

Island Wraps

Delivery only


A home chef that whips up some great, meat-filled wraps.



සෝස්, සලාද කොළ, ලූනු, තක්කාලි අනංමනං එක්ක මස් පුරවපු පිටා රොටි කමු ද? අද කියන්න හදන්නේ රැප්ස් සහ පිටා රොටිවලට ම විශේෂ වුණ තැනක් ගැන. ඒකෙ නම අයිලන්ඩ් රැප්ස්. අරාබිකරේ කෑම පැත්තට තමයි බර. මේක ඩිලිවරි මාර්ගයෙන් ළඟට ම කෑම ගෙන්නගන්න පුළුවන් තැනක්. 

ඕඩර් කරන විදිහ 

0706326325 අංකයට කතා කරලා හරි, පික්මී ෆුඩ් ඔස්සේ හරි ඔයාගේ කෑම ඕඩරය ඒගොල්ලන්ට ලබා දෙන්න පුළුවන්. මෙනු එක ගැන හරි, තව වැඩි විස්තර හරි දැනගන්න ඕන නම් ඒගොල්ලන්ගේ ෆේස්බුක්/ ඉන්ස්ටග්‍රෑම් පේජ්වලට පිවිසිලා බලන්න.

රැප්ස්

චිකන්, බීෆ්, ලෑම්බ්, ප්‍රෝන්ස්, වෙජි වගේ එක එක රැප්ස් ජාති අටක් එක්ක තව සයිඩ්ස් ගොඩක් එහෙමත් තියන අයිලන්ඩ් රැප්ස් මෙනු එකේ දෙතුන් පාරක් එහෙට මෙහෙට ගිය අපි, පුල්ඩ් චිකන් රැප් එකයි (රු. 750), ග්‍රිල්ඩ් ලෑම්බ් කොෆ්තා රැප් එකයි (රු. 1050) එක්ක පිටා රොටි සහ හමුස් (රු. 500) ඕඩර් කළා. අපි ඕඩර් එක දැම්මේ පික්මී ෆුඩ් එකෙන්.

මේ තියෙන්නේ පුල්ඩ් චිකන් රැප් එක. මේකට ඇති පදමට හොඳට පැක් වෙන්න පුල්ඩ් චිකන් පුරවලා කටට සොෆ්ට් පිටා රොටියකින් රැප් කරලා තිබුණා. පුල්ඩ් චිකන් එකට අරං තිබුණේ හරිස්සා සෝස්වල දවටලා ගත්ත චිකන් බ්‍රෙස්ට්. ඊට අමතරව ෆිලිං එකට සෝස්, සලාද කොළ, ලූනු, තක්කාලි එහෙමත් හොඳහැටි පාවිච්චි කරලා තිබුණා. 

කොෆ්තා හදන්නේ ලූනු, සුදු ලූනු, කුළුබඩු එහෙම එක්ක මස් මිශ්‍ර කරලා නේ. ඉතින් මේ ග්‍රිල්ඩ් ලෑම්බ් කොෆ්තා රැප් එකේ කොෆ්තා ටිකත් හුඟක් හොඳ තත්ත්වයේ තිබුණා. පොඩි කේස් එකකට තිබුණේ කොෆ්තා ටික රැප් එකේ එක පැත්තකට විතරක් ෆිල් වෙලා තිබ්බ එක තමයි. අනික් පැත්ත ෆිල් වෙලා තිබුණේ සලාද කොළ, ලූනු, තක්කාලි මිශ්‍රණයෙන්. ඒ වෙනුවට ෆිලිං එකට තව කොෆ්තා ඇඩ් වුණා නං අපි කැමතියි. ඒ වගේ ම කොෆ්තා එකේ මයොනීස් රහ ටිකක් අඩු වුණා නං තවත් හොඳයි.

හෝම් මේඩ් පිටා රොටි එක්ක ආපු හමුස් එක නං පංකාදු පහයි. තල, කඩල වගේ ඇට ජාතිවලට තහිනි සෝස්, සුදු ලූනු එහෙම එකතු කරලා හදල තිබුණ හමුස් එක දුටු පමණින් ඇහැටත් ප්‍රියයි. පිටා රොටියක ගාගත්තම රහත් මරු.

අවසාන වශයෙන්

රැප්ස් ජාති ඔක්කොට ම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පෝෂන් එකක් හම්බෙනවා කියල අයිලන්ඩ් රැප්ස් ෆේස්බුක් පේජ් එකේ තියන මෙනු එකේ තිබුණට අපිට නං ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හම්බුණේ නෑ… ඒ ඇරෙන්න සමස්තයක් විදිහට ගත්තම අයිලන්ඩ් රැප්ස් එකේ කෑම සුපිරි!

Address

Delivery only

Contacts

Report Inaccuracy

Cuisine

Middle Eastern

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Beef Chicken Lamb Wraps

Ratings Breakdown

Overall Rating
4

Similar Places

User Reviews
D
1

3/5

0

DakiNawa

Had high hopes after reading the review, ordered a pulled chicken and lamb wraps cuz lamb is my favourite meat. Pulled chicken was explained to have the best sauce, it was decent but alot of room for improvement. The meat on the lamb had an after taste like a oily coating in my experience that either over cooked or not fresh lamb cuts. Overall I'll give a 6/10max cuz they are new and the portion size was awesome it was massive. Just need to use more quality in ingredients and flavour!

D
1

3/5

0

DakiNawa

Had high hopes after reading the review, ordered a pulled chicken and lamb wraps cuz lamb is my favourite meat. Pulled chicken was explained to have the best sauce, it was decent but alot of room for improvement. The meat on the lamb had an after taste like a oily coating in my experience that either over cooked or not fresh lamb cuts. Overall I'll give a 6/10max cuz they are new and the portion size was awesome it was massive. Just need to use more quality in ingredients and flavour!

See 1 Comment