Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

5/5

Isso Express

No. 02 Sulaiman Terrace, Colombo 05

Get it delivered on Pickme Food

Isso deals with isso. Curried isso, tossed isso, isso with roast paan, and isso with bathala chips. Yes.



ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ කිව්ව ම පිස්සුවෙන් වගේ “කොහේද බං?” කියලා අහන යාළුවෙක් ඔයාලටත් ඉන්නවද? කොච්චර ආසාව තිබුණත්, ඕවා හැමදාම කන්න පුළුවන් ජාතියක් නෙවෙයිනේ. මොකද ගාණත් ලේසි පහසුයැ. අනික ඌෂ්ණයි කියලා අම්මලාගෙන් දැඩි විරෝධයත් එනවනේ.

කකුළුවෝ, දැල්ලෝ පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. කොහොමද ඔය කාට හරි ඉස්සෝ කෑම විතරක් තියෙන රෙස්ටෝරන්ට් එකක් අහු වුණොත්? ලෝකේ පෙරළලා හරි ඕක හොයාගෙන යයිනේ, නේද? අන්න ඒ වගේ ඉස්සන්ට කෑදර අයගේ පිස්සුව සංසිදුවන්න හරි යන තැනක් ගැනයි මේ කතාව. මේකේ නමත් ඉස්සෝ.

තැන

ජාවත්ත පාරෙන් හැරිලා යන්න තියෙන සුලෙයිමාන් ටෙරස් එකේ තමයි මේ ඉස්සෝ එක තියෙන්නේ. පාර මුල ම ඉස්සෝ කියලා තැඹිලි පාට බෝඩ් එක ගහලා තියෙන නිසා හොයාගන්න අමාරු නැහැ. සුලෙයිමාන් ටෙරස් එකේ ටික දුරක් යනකොට පාර අයිනෙන් ම මුණගැහෙන ඉස්සෝ එක, තරමක් පොඩියට තියෙන තැනක්.

මෙතැන සේරම තියෙන්නේ ලී පුටු මේස. එළියෙයි ඇතුළෙයි සේරම ඉඩ ගත්තොත් එක සැරේ පහළොවකට විස්සකට වගේ කෑම බීම රස විඳින්න පුළුවන්. හොඳ මියුසික් ටිකක් එහෙම ප්ලේ වෙනවා. ඒ නිසා ඒවත් අහන ගමන් කෑම ගන්න ඇහැකි.

කෑම බීම

ඉස්සෝ එකේ කෑම ඕඩර් කිරිල්ල කරන්න තියෙන්නේ පියවර 4කට. මුලින් ම තෝරගන්න ඕනේ ඉස්සගේ සයිස් එක. L, XL, XXL කියලා ඉස්සෝ සයිස් තුනක් තියෙනවා. අපි ගත්තේ L නොහොත් Large සයිස් එක.

ඒකට පස්සේ ඉස්සෝ හදන්න ඕනේ කොයි විදියට ද කියන එකත් බලන්න ඕනේ. මෙනුවේ තියෙන ක්‍රම 6 අතරින් අපි තෝරගත්තේ “ඊස්ටර්න් ස්පයිස්” එකයි, “හොට් බටර්” එකයි.

ලංකාවේ පිටි ටිකක්, බතක් කැවුණේ නැත්තන් සේරම අසම්පූර්ණයිනේ. ඒ නිසාමදෝ කොහේදෝ මෙතනත් අපට කැමති කාබෝහයිඩ්රේට වර්ගය තෝරන්න පුළුවන්. ඒකටත් ජාති කීපයක් අතරේ තේරීමක් කරන්න ඇහැකි. ඒ අතරින් ඊස්ටර්න් ස්පයිස් එකට “කුෂ් කුෂ් රයිස්” ඕඩර් කරපු අපි, අනිත් එකට ගත්තේ “එග් ෆ්‍රයිඩ් රයිස්” එක.

ඊළඟට තියෙන්නේ බීම ජාති; අපි ගත්තේ “හෝම්මේඩ් නාරං ජූස්” (රු.300) එකකුයි, “මෙලන් ඇන්ඩ් ඇපල් විත් බීට්රූට්” (රු.300) එකකුයි.

ඔන්න දැන් ඕඩර් කරන වැඩේ ඉවරයි. කොහොම වුණත් ගාණ වෙනස් වෙන්නේ ඉස්සගේ සයිස් එක අනූව තමයි. කාබෝහයිඩ්‍රේට වර්ගයෙන් වැඩිපුර ගන්නවානම් ඒකට ආයෙත් ගෙවන්න ඕනේ. ඒ නැත්තන් ලාජ් සයිස් ඉස්සෝ මීල් එකක් ගත්ත ම යන්නේ රු.990යි.

ෂහ්! වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම “හොට්” බටර් ප්‍රෝන්ස් එකක් තමයි ඉස්සෝ එකෙන් ලැබෙන්නේ. ළා තැඹිලි පාටට දිලිසෙන මේ ඉස්සෝ එක දැක්කත් ලස්සනයි. කෑලි මිරිස්, බෙල් පෙපර් එහෙම යහමින් දාලා නිසා හොඳ ස්පයිසි ගතියට තිබුණා. මතුපිටින් මේ ඉස්සෝ හරි ම ක්‍රිස්පි. හැබැයි ඇතුල් පැත්තෙන් හෙන සොෆ්ට්. නියම ෆ්‍රෙෂ් ගතියට තියෙන ඉස්සෝ පාවිච්චි කරලා තිබුණු නිසා රසත් වැඩියි.

මේකේ තිබුණු එග් ෆ්‍රයිඩ් රයිස් එකේ නම් අමුතු දෙයක් නැහැ. බිත්තර විතරක් දාපු සාමාන්‍ය සුදු බතක්.

ඊස්ටර්න් ස්පයිස් එකට ඕඩර් කරපු කුෂ් කුෂ් රයිස් එක නැගල ම ගියා. මොකද කුෂ් කුෂ් කියන්නේ තරමක් වේලුණු ගතියට තියෙන හුණුසාල් වගේ බතක්නේ. බතකටත් වඩා රුලංවලින් හදපු කෑමක් කිව්වොත් වඩාත් නිවැරදියි. ඉතින් ඊස්ටර්න් ස්පයිස් එකේ තියෙන සෝස් එක මේකට තකටතක. මේකෙන් එන්නේ ස්වීට් ඇන්ඩ් සවර් සෝස් එකක රස. ඒ නිසා බත් බුසලකට වුණත් වග කියන්න ඇහැකි.

මේ කෑම දෙකට ම සලාද පොඩ්ඩකුත් හම්බවුණා. ඒක සලාද කොල, තම්බපු අල කෑලි, තක්කාලි පෙති, පිපිඤ්ඤා සහ ඔලිව් ගෙඩි කීපයක් එකතු කරලා හදපු එකක්. අමුතු රසක් කියන්න නැතත් මේක හොඳ ෆ්‍රෙෂ් විදියට තිබුණා.

හෝම්මේඩ් නාරං ජූස් එක හොඳයි. ඒ වුණාට රිෆ්‍රෙෂින් ගතියක් ඒ තරම් දැනෙන්නේ නැහැ. සමහරවිට තව ටිකක් කූල් වුණා නම් ඒ ගැම්ම එන්න තිබුණා.

අපි ඕඩර් කරපු මෙලන් ඇන්ඩ් ඇපල් විත් බීට්රූට් එක මේ කට්ටියගේ නිෂ්පාදනයක් නොවෙන වග අපි දැක්කේ පස්සේ. මේක ගුඩ් ලයිෆ් කැෆේ එකෙන් ඉස්සෝ එකට ගෙන්නන එකත්. සාමාන්‍යයෙන් බීට්රූට් කියන්නේ සමහර අය කන්නවත් කැමති නැති දෙයක්නේ. හැබැයි මේක නම් ඔය කවුරු වුණත් බොන්න කැමති වෙයි. මොකද මේකේ තියෙන්නේ ඇපල්වලින් එන ළා ඇඹුල් රසයි, පැණි කොමඩුවල පැණි රසයි එක්ක යන්තමට මුසු වුණු බීට් රසක්. නාරං ජූස් එකෙන් නොදැනුණ රිෆ්‍රෙෂින් ගතියක් මේ බීම එකේ තිබුණා.

සර්විස් එක

අපි මෙතැනට යද්දී තව හතර පස්දෙනෙක් කෑමට ඇවිදින් හිටියා. හැබැයි අපේ කෑම ටික මේසෙට එන්න ගියේ විනාඩි 10ක් වගේ. අර ඉස්කෝලේ ගෙනියපු කෑලි තුනේ කෑම පෙට්ටිය වගේ එකකට දාලා තමයි මේ කෑම පිළිගැන්වෙන්නේ. වැඩට ඉන්න අයත් හරි ම සුහදශීලියි.

අවසාන වශයෙන්

කාගේ කාගේ වුණත් ඉස්සෝ සම්බන්ධයෙන් තියෙන දොළදුක නැති කරගන්න යන්න ම ඕනේ තැන තමයි මේ ඉස්සෝ එක. ගණන් හිලව් නම් පොඩ්ඩක් වැඩියි තමයි. ඒ වුණාට ඉස්සෝ වෙනුවෙන් ම වෙන් වෙලා තියෙන එක ම තැන මේකනේ. ඒ නිසා ගිහින් බැලුවට පාඩුවක් නැතිවෙයි.

Address

No. 02 Sulaiman Terrace, Colombo 05

Directions

If you're going down Jawatthe Road from Thimbirigasyaya, turn left. Isso's on the right, right where the old Cakery was. You can't miss it.

Contacts

Facebook Website

Report Inaccuracy

Closed right now

Cuisine

Asian Sri Lankan Fusion

Price Range

Between Rs. 500 - Rs. 1500

Dish Types

Seafood

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
5
Service Rating
4
Ambience Rating
3

Similar Places

See 14 Comments