Artwork for Coffe top banner 1
Artwork for Coffe top banner 2

5/5

Isso Express

No. 02 Sulaiman Terrace, Colombo 05


Isso deals with isso. Curried isso, tossed isso, isso with roast paan, and isso with bathala chips. Yes.



Disclaimer: This is a First Look (Preview) only.

YAMU's updated review policy එකට අනුව, අලූතින් පටන්ගන්න රෙස්ටෝරන්ට්, පටන් අරන් සති 6-8ක් යන තුරු රිවීව් කරන්නේ නැහැ. මේක first look එකක් විතරයි. සති 6-8කින් පස්සේ සම්පූර්ණ රිවීව් එකක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

‘ඉස්සෝ’ කියන්නේ පිස්සුවෙන් වගේ ඉස්සෝ කන්න ආස අයට ම කියාපු පොඩි රෙස්ටූරන්ට් එකක්. මේක තාම පරන් අරන් වැඩි දවසක් නෑ.

මම හිතන්නෙ ඉස්සෝ කියන්නේ ලංකාවේ ගොඩදෙනෙක්ගේ ආසම කෑමක්. ඉස්සෝ කියන වචනෙ ඇහුණ ගමන් පිස්සු හැදෙන යාළුවෝ ගොඩක් මට ඉන්නවා. ඒත් මට නම් ඉස්සෝ, දැල්ලෝ ගැන එහෙම ලොකු උනන්දුවක් නෑ. (අනිත් එක, ලංකාව වටේට ම මුහුද තිබුණට ඉස්සන්ගේ ගාණ ඇහුවම නම් ගොඩක් දෙනකුගේ ‘ඉස්සෝ-පිස්සුව’ ටක් ගාල සනීප වෙන ගානයි)

චිත‍්‍රපටි සංස්ථාව ළඟින් අයඩින්ටි කාඩ් ඔෆිස් එක පැත්තට තියෙන ජාවත්ත පාරෙ ටික දුරක් යද්දි දකුණට තියෙන සුලෙයිමාන් ටෙරස් එකේ තමයි මේ පොඩි ඉස්සො කඩේ තියෙන්නෙ. (ඉස්සර ‘කේකරි’ එක තිබුණ තැන)

මේක ඇත්තට ම ලස්සනට හදපු පොඩි කඩයක්. එතනම ඉඳගෙන කනව නම් ඒකටත් හොඳ ලී මේස 3-4ක් වගේ දාලා තියෙනවා. ඒත් මම හිතන විදියට ‘ටේක් අවේ’ අරන් යන අයව තමයි එයාල වැඩිපුර ටාගට් කරන්නෙ.

සර්විස් එක

මේකෙ පියවර 4කින් තමයි අපි කැමති කෑම  ඕඩර් කරන්න තියෙන්නෙ. (ටිකක් විතර ‘සබ්වේ’ එකේ වගේ. ඒත් එච්චර ම සංකීර්ණ නැහැ) මුලින් ම අපි කැමති ඉස්සගේ සයිස් එක තෝරගන්න  ඕන. Large, XL, XXL කියල සයිස් 3ක් තියෙනවා. ගොඩදෙනෙක් මේක පටලවගන්න හින්දද කොහෙද කවුන්ටරේ හිටපු කෙනා අපිට පැහැදිළිකරල දුන්නා මෙතන තෝරන්න තියෙන්නෙ ඉස්සගේ සයිස් එක මිස අපිට ලැබෙන කෑම පෝෂන් එකේ සයිස් එක නෙවෙයි කියලා.

ඊළඟට තෝරන්න තියෙන්නෙ මොන විදියටද ඉස්සො හදන්න  ඕන කියල. අපි තෝරගත්තෙ හෝම්මේඩ් සීක‍්‍රට් කියන එකයි නොදර්න් ට්විස්ට් කියන එකයි.

තුන්වන කොටුවෙන් පුළුවන් අපි කැමති නම් කාබෝහයිඩ්‍රේට් ටිකකුත් අපේ කැම වේලට එකතුකරගන්න. සාමාන්‍යයෙන් ලංකාවෙ අපිට පිටි ටිකක් බඩට වැටුනෙ නැත්නම් කෑවත් නොකෑව වගේ නේ. ඒ නිසා අපි ගාලික් රෝස් පානුයි, ස්විට් පොටෙටෝ ෆ්‍රයිසුයි  ඕඩර් කළා. ස්විට් පොටේටෝ ෆ්‍රයිස් කියන්නේ ගොඩක් තැන්වල තියෙන ප්‍රෙන්ච් ෆ්‍රයිස් වගේ ම එකක් තමයි. වෙනස තමයි අර්තාපල් වෙනුවට මේකට පාවිච්චි කරන්නේ බතල. 'From Dusk till Dawn' TV Series එක බලපු අය නම් මේක දැකල ඇති. (මමත් Dusk till Dawn එකේ ඕක දැකපු දවසෙ ඉඳන් හිත හිත හිටියෙ ඕකෙ රස බලන්න)  ඕන නම් බත්, කුෂ්කුෂ්. කෝන් ඔන් ද කොබ් (බඩ ඉරිගු) වගේ දෙයක් වුණත් ගන්න පුළුවන්.

ඊළඟට බීම: වතුර, තැඹිලි, ස්පයිසි කෝපි, කඩේ චායි කියන හතරෙන් අපි කළු කෝපි තෝරගත්ත.

කෑම

මුලින් ම මේසෙට ආවේ ස්පයිසි කෝපි එක. ඒක ඇත්තට ම කළු කෝපි එකක්. කියන්න තරම් ස්පයිසි ගතියක් නම් නෑ; ඒත් කළු කෝපි එකක් විදියට වරදක් නෑ.

විනාඩි 10-15කට පස්සෙ කෑම ටික මේසෙට ආවා. ගෙදර ගෙනියන්න පුළුවන් විදියට පැක්කරපු ප්ලාස්ටික් පෙට්ටියක තමයි කෑම එක එන්නේ.

අපි මුලින් ම කාලා බැලූවේ ‘බතල-ෆ‍්‍රයි’ එක. බතල නිසා ගොඩක් පැණිරස වෙයි කියල මම මුලින් හිතුවත් එහෙම ම නෑ; ගාණට ලුණු ඉහල තියෙනව. මම නම් අර්තාපල් වලින් හදන ෆ්‍රෙන්ච් ප‍්‍රයිස්වලට වඩා මේකට කැමතියි.

ඊළඟට එයාලගේ රහස් වට්ටෝරුව: හෝම්මේඩ් සීක‍්‍රට්. ඇත්තට ම රහසක් හැටියට තියාගන්න වටින රෙසිපියක්. දෙහි සහ මිරිස් රස තමයි වැඩිපුර එන්නේ; රස හොඳට ඉස්සට උරාගෙන තියෙනවා.

ඒත් පාන් එක්ක කන්න නම් හොඳම එක තමයි නොදර්න් ට්විස්ට්. මේකේ රස ටිකක් යාපෙන් පැත්තෙ හදන ‘ජැෆ්නා කූල්වලට’ කිට්ටුයි. ඒ වගේම අපි ගෙරදදි සාමාන්‍යයෙන් පාන් කන්න හදන හොද්දක තියෙන ගතිය තියෙනවා. ගාලික් කිව්වට මට නම් මේක සාමාන්‍ය රෝස් පාන් එකක් වගේ. ඒත් ඒක මේ ඉස්සො එකත් එක්ක හරියට ම සෙට්වෙනවා.

හෝම්මේඩ් සීක‍්‍රට් එකත් පාන් එක්ක රසයි. ඒත් ඇඹුල් රසට වැඩිය කැමති නැති කෙනකුට නම් පාන් එක්ක කද්දි ටිකක් ඇඹුල වැඩියි වගේ තේරෙන්න පුළුවන්. මම නම් කොහොමත් ඇඹුල් රසට පෙරේත නිසා අවුලක් නෑ.

ඉස්සොන්ගේ සයිස් නම් කෝක ගත්තත් ලොකු වෙනසක් නෑ. Large එකකුයි XXL එකකුයි ගද්දි අපි හිතුවේ XXL එකේ තඩි ඉස්සෝ ඇති කියලා. ඒත් XXL ඉස්සයි Large ඉස්සයි අතර සයිස් එකේ ලොකු වෙනසක් නෑ.

ඉස්සෝ එකත් එක්ක ප්ලාස්ටික් පෙට්ටියේ අනිත් පැත්තේ දාලා දෙන සැලඩ් එකත් මරු. සලාද කොළ, චෙරි තක්කාලි, ග‍්‍රීන් ඔලිව් වගේ ම තව පොඩි අල ජාතියකුත් දාල තිබුණ සැලඩ් එකට. සලාද කොළවල නියම නැවුම් ගතියක් තිබුණා.

අවසාන වශයෙන්

ඉස්සෝ ගැන එච්චර උනන්දුවක් නැති මට වුණත් ආපහු සැරයක් ගිහින් කන්න ආස හිතෙන තරම් රසයි. යාළුවෙක් එක්ක හරි කෙල්ල (හෝ කොල්ලා) එක්ක හවසකට ගිහින් කන්නත් හොඳ තැනක්. වියදම නම් රුපියල් 1000ට වැඩියි එක්කෙනකුට. ඒත් ඉතිං ඉස්සෝ කොහොමත් ටිකක් ගණන් නේ.

මෙතන තවම අලුත් නිසා සමහර විට ටික දවසක් යද්දි මේ දේවල් වෙනස් වෙන්නත් පුළුවන්. ළඟදීම එන ‘පිස්සො වඩේ’ කියල එකක් ගැනත් බිත්තියේ ගහලා තිබුණා. බලමු, ‘ඉස්සෝ’ තව මාස කීපයක් යද්දි මොන වගේ වෙනස්කම් වෙයිද, ‘පිස්සෝ වඩේ’ එක මොන වගේ වෙයි ද කියලා.

Address

No. 02 Sulaiman Terrace, Colombo 05

Directions

If you're going down Jawatthe Road from Thimbirigasyaya, turn left. Isso's on the right, right where the old Cakery was. You can't miss it.

Contacts

Facebook Website

Report Inaccuracy

Closed right now

Cuisine

Asian Sri Lankan Fusion

Price Range

Between Rs. 500 - Rs. 1500

Dish Types

Seafood

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
5
Service Rating
4
Ambience Rating
3
Similar Places

See 14 Comments