Artwork for Playtrix Top Banner New
Artwork for Sheraton Top banner # 2
Artwork for Movenpick Coffee promo sidebar banner 1 test Artwork for TSING TAO sidebar banner 2 - temp

3/5

Jade (Maharagama)

129 Avissawella Rd, Maharagama


Jade serving up a range of good Sri Lankanized Chinese fare at an affordable price.



ගැස්රයිටිස් කතාවෙ දෙවනි කොටස..

ඔන්න එයාට ටිකක් හොඳ වේගෙන එනව ඈ. ඒ අතරෙ තමයි දවස් ගාණක් ගෙදරට වෙලා ඉඳල ඉඳලම, එපා වෙලාද කොහෙද කොළඹ පැත්තෙ එන්න මගෙන් අවසරය ඉල්ලුවෙත්. ඉතින් මාත් ඔන්න ඔහෙ ‘පවුනෙ, හොඳ ළමය වගේ ගෙදරට වෙලත් හිටියනෙ’ කියල ඕකේ එක දුන්න. දීලා.. කෑමකට එළියට යන්න ප්ලේස් එකක් බලන්න ගිහින්නෙ අමාරුවෙ වැටුනෙ. ඇයි ඉතින් දෙතුන් දෙනාටම සෙට්වෙන තැනක් වෙන්නත් ඕන, එතන තියෙන කෑම ටික හොඳටම හොඳ වෙන්නත් ඕන.. ඊටත් ඒක මහරගම කිට්ටුවෙන් වෙන්නත් ඕන, එයාලට ගෙදර යන්න ලේසි වෙන්න.

ඉතින්.. මම මුලින්ම කල්පනා කලේ ‘ඕ ලීෆ්’ එකට යන්න. ඒත් ඒකෙන් ලඟදි කෑව නිසා හිතුව ‘ජේඩ්’ එක හොඳවෙයි කියල. හිතල හිටං දෙන්නට පණිවුඩයත් දීලා කොහොමහරි ස්කූල් ටයිම් එකට කලින් දඩබඩ ගාලා එළියට බැහැගත්ත. නැත්නම්.. ඔයාල දන්නවනෙ ඉතින් හයිලෙවල් එකේ ට්‍රැෆික් එක!

ම්.. දෙයියනේ කියල තුන්දෙනාම 12.30 වෙද්දිම අදාළ ස්ථානයට ඇවිල්ල. ඇවිල්ලා.. පඩිපෙල නැගල කරල භෝජනාගාරයට ගොඩ වෙද්දිනෙ…

එක කස්ටමර් කෙනෙයි කියන්නකො රෙස්ටුරන්ට් එකටම. ආයෙ ඉතින් අපිට ඒ තරම් සතුටක් නෑ. “ෂැහ්, ටොප් ඈ.. ෆුල් ෆ්‍රී” කියල ඔන්න හැරෙන තැපෑලෙන් කට්ටියම හුදකලා මුල්ලකට.

ගිහිල්ල, වාඩි වෙලා..

වටපිට බලන්න නම් චාන්ස් නෑ ඕං.. ඔය ඉන්නෙ සේවක මිත්‍රය මෙනු 3කුත් අරගෙන, අපේ ලඟින්ම. ඒ විතරක් නෙවෙයි, මෙනු ටික අතට දීලා, කෑම තෝරන්න උදව් කරලා, මේසෙත් හදලයි ආපහු ගියේ ඕඩරේ දාන්න. හැබැයි.. ඒ ගිහිල්ල නම් ටික වෙලාවක් ගත්ත, මගෙ හිතේ වැඩිය කට්ටිය නැති නිසා කිචන් එකත් ලොකුවටම ලෑස්තිවෙලා ඉන්න නැතුව ඇති.

කොහොම කොහොමින් හරි, එහෙමයි කියල කෑමවල ලොකු පරක්කුවක් වුනෙත් නෑ. මුලින්ම චිකන් ස්වීට්කෝන් සුප් එකයි (රු. 320), නාසිගුරාන් එකයි (රු. 820). ඊට පස්සෙ ඩෙවල් ප්‍රෝන්ස් එකයි (රු. 680), චිලි පෝර්ක් එකයි (රු. 730), චොෆැන් රයිස් එකයි (රු. 340). අන්තිමටම වතුර.. හරිම පිළිවෙලයි. ඒත් ඉතින් වැඩේ කියන්නෙ, සේවක මිත්‍රය පිළිවෙල වුනාට වැඩක් නෑ අපේවුන්ගෙ නෑනෙ කිසිම..!

කෑම ටික මේසෙන් තියන පරක්කුවට පටන් අරගෙන.

ප්‍රමාදය මොකටද පසු තැවිල්ලට හේතු කරගන්නෙ කියල මාත්.. ගත්ත පිඟාන බෙදාගත්ත තිබ්බ සියල්ලෙන්ම. බෙදාගෙන හිටං ඔන්න, පළවෙනි කට…

ම්.. නරකම නෑ ආ.. නාසි එක එහෙම හරිම රසයි. හැබැයි.. හිතාගන්න බැරි මොකක්දෝ අඩුවකුත් තියෙනව, බැලූ බැල්මට නොපෙනෙන. බාග වෙලාවට නාසි වලට දාන කුළුබඩු, සෝස් මොනවහරි අඩු වෙලාද දන්නෙත් නෑ. මොකද කැරට්, ලීක්ස්, ලූණූ, පොඩි පොඩියට කපපු ඉස්සො, දැල්ලො, මාළු, චිකන් සියල්ලම ගානට මික්ස් වෙලානෙ. අනික ඒවා තම්බලා.. පදමට ලුණු, ගම්මිරිස් ටිකත් ගලපලා.. තඩි බුල්සායි දෙකකුත් තියෙන්නෙ උඩින්ම.

කෙසේ වෙතත්, ඒ යම්කිසි අඩුවක් තිබ්බ නම් ඒකත් කපෝතියි චිලි පෝර්ක් එකෙන් කෑල්ලක් කෑවාම. ඇත්තටම පංකාදු භාණ්ඩෙ ඈ ඒක නම්. හොඳ පෝර්ක් කෑලි මස්වලින්ම වගේ අරගෙන, බැටර් කරලද මන්දා කොහොමහරි ෆ්‍රයි කරල, ඊට පස්සේ.. සෝස් ජාති තොගයක මික්ස් එකක් එක්ක ලූණු, මාළුමිරිස්, කැරට්, ලූණු කොළ, රතු මිරිස් සියල්ල හොඳ හැටි ගලපලා..

හදල යාළු, මල් හතයි!

වැඩෙ කියන්නෙ ඒ විදියටම හදපු ඉස්සො එකක් තිබ්බ. ඒක මාර අවුල්නෙ. ඉස්ස කෑවට ඉස්සො රසක් එන්නෙ නැති ගානයි. අනික ඒ ඉස්සො හරිම මෙලෙක් ගතියයිත් එක්ක. සෝස් රසත් අම්බානක වැඩියි. ඇත්තටම හිතාගන්න බෑ කොතනින් අවුල් ගිහින්ද කියල, මට නම් ඒ ඉස්සො එක සෙට්වුනේම නෑ.

ඒ නිසාමයි ආයෙත් පෝර්ක් ටිකක් දාගෙන චොෆැන් රයිස් ටිකක් බෙදාගත්තෙ. ෂැහ්, බෙදාගත්ත.. බෙදාගත්තමයි ඉතින්. කිව්වට විශ්වාස කරන්න යාළු.. කටයි කෑවෙ දිව පිනා ගිහින් රස නහර නිකම් මෙව්ව වෙලා ගියා වගේ. සත්තයි ඒ රයිස් එකේ පුදුම රසක්. අනේ මන්දා, දාලා තියෙන්නෙත් එළවළු විතරයි. හාල කීරි සම්බා. ඒත් එහෙමයි කියලත්..?

ම්.. අවසාන වශයෙන් ඉතින් අර සුප් එක. මම ඒක බිව්වෙ නම් මුලින්. ඒත් කියන්න අමතක වුනානෙ. හැරත් කිව්වයි කියල ලොකු වැඩකුත් නෑ මොකද ඒකෙත් වතුර ගතිය සෑහෙන්න වැඩියි. ඝන ගතිය ගන්න කෝන්ෆ්ලා දාලා තියෙනව පැහැදිලිවම. එතකොට.. ස්විට් කෝන් ටිකකුත් දාලා, චිකන් නම් පැහැදිලිවම මදි!

ම්.. ඇත්තටම අපි බලාපොරොත්තු වුන තරම් නෑ ඉතින්. ඊටත් අනිත් ජේඩ් එක්ක ගත්තාම, මේකෙ මොකක්දෝ හිතාගන්න බැරි අවුලකුත් තියෙනව, හ්ම්..!

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment