Artwork for dominos top banners 2 test dummy
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

4/5

JADE by Laugfs

238 Kotte Road, Mirihana, Nugegoda


Jade Restaurant has been around for a few years now. Serving up a range of delicious Sri Lankanized Chinese fare, their menu is all improved and affordable.



ජේඩ්, නුගේගොඩ තියෙන මිල අඩු අවන්හලක්. ෆ්ලවර් ඩ්‍රම් හරි චයිනීස් ඩ්‍රැගන් හරි එක්ක බලපුවම මෙහෙ මිල ගණන් අඩුයි.

මම ජේඩ් එකට කැමතියි. ළඟක් වෙනකල්ම මම ඒක ගැන අහලා තිබුණේ නෑ. ඒත් එයාලා හොඳ චීන කෑම දරාගන්න පුළුවන් මිල ගණන් වලට විකුණනවා. ලොකු ඩෙවල් චිකන් (රු. 900), හොට් බටර් කට්ල්ෆිෂ් (රු. 680) කංකුන් සමග හරක් මස් (රු. 680) - ඔක්කොම ලොකු පංගු. ඒ වගේම හරිම රසයි. අපි මෑතකදී ස්ටීම්බෝට්, ෆ්ලවර් ඩ්‍රම් සහ අනෙකුත් චීන කෑම අවන්හල් ගැන බලාපොරොත්තු කඩවෙලා හිටියේ. ශ්‍රී ලංකන් චයිනීස් වල තත්වය පහළ බසිමිනුයි තිබුණේ. ෆ්ලේවර්ස් ඕනෙවට වඩා දාන්න පටන් ගෙන තිබුණා. සෝස් වර්ග දියාරු වෙලා. හොඳම ඩිෂ් එක වුණ හොට් බටර් කට්ල්ෆිෂ් වලත් තිබුණේ කඩින් කඩ හොඳ නරක වෙන ස්වභාවයක්.

කිසිම දෙයක් විප්ලවීයකරනයකට භාජනය නොකළත්, ජේඩ් ශ්‍රී ලංකන් චයිනීස් ආයෙත් හරි තැනට ගෙන්න උත්සාහ කරනවා. MSG ගොඩකුත් එක්ක චිලී පේස්ට් කදිමයි. පංගු දරාගත හැකි මිලකටයි තියෙන්නේ. මූලික වශයෙන් සතුටුවෙන්න පුළුවන්. ටේක් අවේ ගන්න පුළුවන් ඔබ දෙහිවල, නුගේගොඩ, වැල්ලවත්ත පැතිවල නම් ඉන්නේ. හොඳට හදපු දේශීය චීන කෑම කන්න පුළුවන් හොඳ තැනක්, ජේඩ්.

TIP

Try Pork & Chow Fans


Similar Places

User Reviews
S
1

3/5

0

Sathsarani

MSG is not good for your health

S
1

3/5

0

Sathsarani

MSG is not good for your health

See 17 Comments