Artwork for U Pay Oct 2018

4/5

JADE by Laugfs

238 Kotte Road, Mirihana, Nugegoda


Jade Restaurant has been around for a few years now. Serving up a range of delicious Sri Lankanized Chinese fare, their menu is all improved and affordable.



අපේ පොඩි එකාට හෙන හැපි එකක් ගිහිල්ල හොඳේ…

බැලින්නම් ජේඩ් කියල රෙස්ටුරන්ට් එකක් රිවිව් කරන්න කියල මේල් එකක් ඇවිල්ල. ඒක දැකපු වෙලාවෙ ඉඳන් ඉතින් මේකා පුදුම වදයක් දෙන්නෙ. “අයියෙ හෙට යං ඈ. හෙට..”

මාත් ඉතින් හරි හරි බං කියල වැඩේට ඕකේ එක දීලා තිබ්බෙ.

ඒත් පහුවෙනිදා.. මේකා ආවෙ නෑ කියන්නකො. ප්ලෑන් කරගත්ත වැඩේ නිසා දැන් මට කල් දාන්නත් බෑ. මොකද කරන්නේ කියල කල්පනා කරකර ඉඳල, විසඳුමක් ආවෙම නැති තැන මම කතා කලා විශ්විටයි සරිත්ටයි.

“යං ඉතිං නේ. හෙට ලමිඳුවට තේරුම් කරල දෙමු සීන් එක”

“ඔව් ඉතිං. දැන් දාගත්ත වැඩේනෙ. නැතත් අම්බානක බඩගිනියි බං. යමං යමං”

දෙන්නගෙ වචනෙ ආව එකෙන් මට තවත් සැටිස්. අායෙ මොනවද කියල දැම්ම මම පික්මී එකක් යන්න ජුබිලි කණුවට. දාලා ගැහුවා කෝල් එකක් තව යාළුවෙක්ටත්. ලක් එක කියන්නෙ යාළුවයි, වාහනෙයි දෙකම විනාඩි 5ට පික්මි එක ළඟ කියන්නකො.

ස්කූල් ට්‍රැෆික් එක අහුවෙන්න, ඔන්න මෙන්න තියල පැනගත්ත අපිට යාන්තම් විනාඩි 10ට 12ට අදාළ ප්ලේස් එකට කිට්ටු කරන්න පුලුවන් වුනා.. ඊටත් ගිහින් බැස්ස විතරයි කට්ටියම අන්දුන් කුන්දුන්. “ඒ… මෙච්චර මෙතනට ඇවිල්ල තියෙනව. අද කියන්නකො දන්නෙ චයිනීස් එකකුත් තියෙනව කියල. ඇයි බං මීටර් වෙන්නෙ නෑනෙ, ලාෆ් එක නිසා.”

“මේකත් ලාෆ් එකෙන් තමයි බං කරන්නෙ. ඒකනෙ ඒ පාටෙන්ම දාලා තියෙන්න. ඒකට කාරි නෑ. යමං යමං ඉක්මනට ඇතුලට. මේක වහනව 3ට.” විශ්වි වචනෙ දාලා කට්ටියව ඉක්මන් කෙරෙව්වා.

උඩට නැගල ඇතුළට ගියත් හරි අන්දුන් කුන්දුන් එක ඩබල්. ඇයි අප්පේ.. එ්ක නිකම් හෙන හයි ෆයිනෙ. සුපිරි සුවපහසු පුටු මේස දාලා, ඒසී. කරලා.. ටයිකෝට් දාපු සේවක මහත්තුරුත් ලස්සන හිනාවකින් අපිව පිළිඅරගෙන… පිස්සු හැදෙන්නෙ නැද්ද කියන්නකො. ඊටත් එ් එක්කෙනෙක් අපේ පස්සෙන් ඇවිල්ල මේසයක් පෙන්නල ඇරේන්ජ් කරල දීලා, මෙනුව විස්තර කරලා ඕඩරෙත් අරගෙන.. හිතා ගන්න බෑ ඉතින්. සැප වැඩිද මන්දා!

කොහොමහරි හිතුවට වඩා ඉක්මනට කෑම ටිකත් මේසෙට ආවා. මගෙ හිතේ උපරිම විනාඩි 10ක් යන්න ඇති. වැඩේ කියන්නෙ කෑම මේසෙට ගෙනැල්ල තියල සේවක මිත්‍රය ඇහුවනෙ “සර්, සර්ව් කරන්නද?” කියල. අපි ඉතින් එපා කිව්වා. අපිට පුරුදුද කියන්නකො ඕවා. හැබැයි ඊට විනාඩි 5කට 6කට පස්සෙ තමයි මට තේරුණේ ඒ මනුස්සය සර්ව් කලා නම් එකක් කියල. ඇයි අප්පේ.. අපේ කස්ටිය බෙදාගත්ත කියන්නෙ යමරෙට ගල් පටවන්න වගේ. කෙලින්ම හැඳි 3, 4 ගාණෙ. ඒකට වැරුද්දක් කියන්නත් බෑ, මොකද කෑම ටික දැක්කාම බෙදාගන්න හිතෙනවනෙ.

බෙදාගෙන ඉවර වෙලා දෙසා බෑම පටන් ගත්තත් හරි කට්ටිය නෝ කතා නෝ සිනා. කනව කෑමක්.. රඹටි හැලෙන්න. වෙන දෙයක් තියා රස කෙහොමද කියල අහන්නවත් ඔලුව උස්සන්නෙ නෑ. ඇත්තටම අහන්න දෙයක් තිබ්බෙත් නෑ. පංකාදු පහට තිබ්බනෙ කෑම ටික. උණුඋණුවෙන් නිසා රසත් ඩබල් ත්‍රිබල්. විශේෂයෙන්ම මික්ස් චෝ ෆෑන් රයිස් එකයි (රු. 820) මැලේ නාසිගුරාන් එකයි (රු. 820) රෙඩ් චිලි පෝර්ක් එකයි (රු. 730) එහෙම.

කිව්වට විශ්වාස කරන්න යාළු ෆ්‍රයිඩ් රයිස් එකට දාලා තිබ්බා මස් මාළු තොගයක්.. ඔක්කොම පොඩියට කපල, ලුණු ගම්මිරිස්වල පදම් කරලා, තම්බල, ලාවට පෑන් ෆ්‍රයි කරලා. රසයි කියන්නේ.. තලු මරමර වැඩේ දුන්නහැකි. මාළු, ඉස්සො, දැල්ලො, චිකන්, පෝර්ක් හැම එකෙන්ම තිබ්බ නිසා තවත් මරු. ඊටත් රයිස් එක එහෙම කැරට්, ලූණු කොළ වලින් පිරිලනෙ. රස කාරකත් ගොඩක්ම අඩුවෙන් දාලා තිබ්බෙ. ඉතින් බය නැතුව කන්නත් පුළුවන්.

නාසිගුරන් එකත් එහෙමයි. හැබැයි ඒකෙ නම් රස පෝඩ්ඩක් මදි වගේ. මගෙ හිතේ මොනව හරි සෝස් ජාතියක් අඩුවෙලා වෙන්න ඕන. කොහොම වුණත් ඒකට ආපු බුල්සායි දෙකයි සීෆුඩ්, පෝර්ක්, බීෆ්, චිකන් අඩුමකුඩුම ටිකයි එක්ක වෙනසක් නැතුව නැගල යන්නෙ. කොටින්ම කිව්වොත් චිලි පෝර්ක් පොඩ්ඩක් එකතු කරගත්තාම ගමකට වැඩේ දෙන්න පුළුවන්. ඇයි ඉතින් රයිස් එකට එකතු වෙච්ච කැරට්, ලූණු කොළ, ලූණු, අමුමිරිස් එක්ක පෝර්ක් හොදියි කෑල්ලකුයි ගැලපුණාම ලෙසටම නැගල යනවනෙ.

පෝර්ක් එකේ තිබ්බ විශේෂත්වය තමයි, කෑලි බැදල උයපු එක. ඕනම මසක් ඉතින් බැදල ඉව්වාම රසයි තමයි. හැබැයි මේකට.. මිරිස් හොඳ හැටි මික්ස් වෙච්ච, සෝස් වර්ග ටිකකුත් අඩු නැතිව වැටිච්ච හොද්දක් තිබුණ නිසා රස ඩබල් ත්‍රිබල්. ඊටත් පෝර්ක්වල තෙල් කෑලිත් සෑහෙන්න අඩුවෙන්නෙ තිබ්බෙ.

බොරු කියන්න ඕන නෑනෙ. විශ්වි ඕඩර් කරපු ස්වීට් ඇන්ඩ් සෝර් චිකන් එක (රු. 740) නම් මට ඇල්ලුවෙම නෑ. සමහර විට ඒක පැණි රස නිසා වෙන්නැති. අනික ෆ්‍රයිඩ් රයිස් එකට එහෙම සෙට් වෙන්නෙත් නෑනෙ. හිතා ගන්න බැරි පැණි රසත් එක්ක එන අමුතු සොෆ්ට් ගතිය නිසා කොහොම කනවද කියන එක තමයි. ඊටත් ලොකු චිකන් කෑලි තිබ්බට ඒවයෙන් හරි චිකන් රසක් එන්නෙත් නෑනෙ.

කොහොම හරි තිබ්බ දේවල් හාන් බාන් කරගෙන බඩ පැලෙන්න දෙසා බාන අතරට පොඩි කටගැස්මක් වුනේ ලයිම් ජූස් එක (රු. 260). ඒක නම් ඇත්තටම පංකාදුයි. හැබැයි මතක තියාගන්න ඕන ලයිම් එකේ යට තියෙන සීනි දිය කරන්න නරකයි. එහෙම වුනොත් කූල් බැහැගෙන එද්දි ඔයාලට හිතෙයි සීනි වැඩියි කියල. මොකද විශ්විට ඒක වුණා. මැදක් යද්දි එයාගෙ ඔරේන්ජ් ජූස් එක (රු. 400) තනිකරම පැණි රසයි.

කෑම කාලා ඉවර වෙලා අපි ඩෙසට් එකට ගෙන්න ගත්තෙ කැරමල් පුඩිමක් (රු. 100). ඒකත් ටොප් එකටම තිබුණා. හැබැයි තව පොඩ්ඩක් කැරමල් රස වැඩි වුණත් කමක් නෑ මගෙ හිතේ.

මොකද… ඉස්මුරුත්තාවට එනකම් කාලා ඉඳිද්දි කොහොමත් එක පාරට නැගිටල යන්න බෑනෙ. අනික ඒ වගේ වෙලාවට හෙමින් සැරේ ඩෙසට් එකක් රස බැලුව කියල කාටවත් කරදරයකුත් නෑනෙ.

එදා අපි වගේ.. නෙහ්!


TIP

Try Pork & Chow Fans

Similar Places

User Reviews
S
1

3/5

0

Sathsarani

MSG is not good for your health

S
1

3/5

0

Sathsarani

MSG is not good for your health

See 17 Comments