Artwork for New PickMe Flash banner 15 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee

4/5

Simply Strawberries By Jagro (Kotte)

No. 61, Ethul Kotte, Kotte.


Jagro's branch in Kotte more cozy and perfect for hangouts.



ගිය සිකුරාදා නම් මගේ ග්‍රහයා නියමෙට ම වැඩ කරපු දවසක්. යාලුවෙක්ගෙ බර්ත්ඩේ ලන්ච් එකක් සෙට් වෙලා ගානට බඩ කට පුරවගෙන ඔෆිස් එකට ආව ගමන් අපේ ශලිනි කතා කළා නේ ඩෙසට් කන්න යන්න. ඒ වෙන කොහෙවත් නෙවෙයි කෝට්ටේ තියෙන අලුත් ම Simply Strawberries එකට.

තැන

ශ්‍රී ජයවර්ධනපුර මාවතෙන් ඇතුල් කෝට්ටේ ට හැරෙන තැන ම වගේ තමයි මේ අලුතෙන් දාපු Simply Strawberries එක තියෙන්නේ. කළු පාට පසුබිමේ සුදු පාටින් නම දාපු ලොකු බෝඩ් ලෑල්ල නිසා, සැළකිල්ලෙන් බලාගෙන ආවොත් මෙතැන මඟහැරෙන එකක් නැහැ.

අර මං පහුගිය දවසක ගිය කොට්න් කලෙක්ෂන් එකේ Simply Strawberries එකට වඩා, මේකේ වාතාවරණය සෑහෙන්න හොඳයි. හොඳට ඒ/සී කරපු පරිසරයක් වගේ ම, ගොඩාක් ඉඩකඩ මෙතැන තියෙනවා. අනිත් Simply Strawberries ශාඛාවලට වඩා සුවපහසු ගතියක් මේකෙන් දැකගන්න පුළුවන්.

අතුරුපස

මෙනුවේ නම් කිසිම වෙනසක් දැකගන්න නැහැ. අනිත් Simply Strawberries ශාඛා වගේ ම තමයි. ස්ට්‍රෝබෙරිවලින් හැඩ වැඩ දාපු අයිස්ක්‍රීම්, චීස් කේක් වගේ දේවල් කීපයකින් හැදුණු මෙනුවක්. බීම වර්ග විදියට තියෙන්නේ මිල්ක්ෂේක්.

කොට්න් කලෙක්ෂන් Simply Strawberries එකෙන් ගෙඩි පිටින් ස්ට්‍රෝබෙරි, අයිස්ක්‍රීම් ගිල්ලට මොකද, මට මෙයාලගේ චීස් කේක් එකක රස බලන්න බැරි වුණානේ. ශලිනිටත් සුද්දගේ තේ මේසෙට එන කෑමක් බලන්න ඕනෙයි කිව්වා. ඔන්න ඔය නිසයි අපි “රාස්ප්බෙරි චීස් කේක්” (රු.650) එකකුයි, “ඉංග්ලිෂ් ටී” (රු.300) එකකුයි ඕඩර් කළේ. රස්නේ දවස්නේ. තිබහ යන්නත් එක්ක මං චොකලට් මිල්ක්ෂේක් එකකුත් ගත්තා.

ඉංග්ලිෂ් ටී එක හොඳයි (ඉංග්ලිෂ් ටී කිව්වට මේකේ තේ ලැබෙන්නේ නැහැ හොඳේ. ස්කෝන්ස් විතරයි.) මේ ස්කෝන්ස් ගොඩක් මෘදු ගතියට තිබුණා. ඇතුළට මුද්දරප්පලම් එහෙමත් දාලා. නැවුම් ස්ට්‍රෝබෙරි සෝස් ටිකක් වගේ ම, ක්‍රීම් ටිකක් මේකට ගෑවෙද්දී තවත් රසට දැනුණා. හැබැයි අපේ ශලිනි කිව්වත් වගේ, තව පොඩ්ඩක් මේවයේ පිට පැත්ත ක්‍රිස්පි ගතියට තිබුණා නම් තමයි නියම ගතියක් එන්නේ.

රාස්ප්බෙරි චීස් කේක් එක නම් ආයේ කතා දෙකක් නැහැ සුපිරි. මේකේ උඩින් ලෝබ නැතුව රාස්ප්බෙරි ටොපින් එකක් වත්කරලා තිබුණා. නියම නැවුම් රාස්ප්බෙරිවලින් එන ලා ඇඹුල් රසට, චීස් කේක් එකේ පැණි රස එක්කාසු වෙද්දී පට්ට ම ගති. තැනින් තැනින් රාස්ප්බෙරි කෑලිත් හැපෙද්දී මේ රස තව දෙගුණ තෙගුණ වෙනවා.

මේ චොකලට් මිල්ක්ෂේක් එක ගැන අපේ ඒ හැටි මනාපයක් නැහැ. ඒකෙන් ආවේ කාගිල්ස් චොකලට් අයිස්ක්‍රීම්වල රස. කියන්න තරම් ලොකු වරදක් නැති වුණත්, ගෙවන ගාණේ හැටියට පොඩ්ඩක් මීට වඩා චොකලට් රසය දෙන්න පුළුවන් නම් තමයි හොඳ.

සර්විස් එක

සාමාන්‍යයෙන් Simply Strawberries ශාඛාවල තියෙන්නේ සෙල්ෆ් සර්විස් නේ. මෙතැන සිද්ධිය තරමක් වෙනස්. කවුන්ටරෙන් ඕනේ දේ කියල බිලක් දාගත්ත ම, මේසෙට ම ගෙනල්ලා දෙනවා අතුරුපස ටික. ශලිනිගෙයි මගෙයි ඕඩරේ මේසෙට එන්න ගතවුණේ මිනිත්තු පහක වගේ කාලයක්.

අවසාන වශයෙන්

දියවන්නාව පැත්තෙන් ගෙදර යන ගමන් දැන් ගහෙන් කැඩුවා වගේ අලුත් ස්ට්‍රෝබෙරි ගෙඩියක රස බලන්න කැමති උදවියට, නියමෙට ම හරියට තැනක් තමයි මේක. හොඳට ඉඩකඩත් තියෙන නිසා, අත පය හොඳට දිග හැරලා, සැප පහසු පුටුවක ඉඳන් මේ අතුරුපසවල රස බලන්නත් පුළුවන් නේ.


TIP

Try the waffles.

Address

No. 61, Ethul Kotte, Kotte.

Directions

It's quite difficult to miss, as soon as you turn to Ethul Kotte there's a small by road to your left.

Contacts

Report Inaccuracy

Open until 10:00 PM


Similar Places

User Reviews
C
1

4/5

0

cs90

Nice atmosphere, clean, strawberries are tasty … some things are a bit pricey but its a nice place to hang out

N
1

1/5

1

Nuwan1981

I am unsatisfied with their service. I ordered 2 chocolate sundae and they have prepared other dessert for me. But I didn't accept it. But they charge 1200 from my card and I returned my dessert. I am a regular customer in that place and they didn't care about it. I was with my business client and both of us were unhappy with their service.

C
1

4/5

0

cs90

Nice atmosphere, clean, strawberries are tasty … some things are a bit pricey but its a nice place to hang out

N
1

1/5

1

Nuwan1981

I am unsatisfied with their service. I ordered 2 chocolate sundae and they have prepared other dessert for me. But I didn't accept it. But they charge 1200 from my card and I returned my dessert. I am a regular customer in that place and they didn't care about it. I was with my business client and both of us were unhappy with their service.

See 4 Comments