Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

2/5

Simply Strawberries By Jagro (Kotte)

No. 61, Ethul Kotte, Kotte.


Jagro's branch in Kotte more cozy and perfect for hangouts.



හරිම සරලව කෙටියෙන් කිව්වහැකි..

හැබැයි ඊට වඩා ලස්සනයිනෙ කතාවත් එක්ක කිව්වාම!

ඔන්න දැන් සති 2, 3ක ඉඳන් යාළු.. මම දතකට මැදගෙන හිටියෙ මාසෙ පඩිය ආපු ගමන් කොහෙන් හරි හොඳ ඩෙසට් පාරක් දාන්න. ඔය.. බ්‍රවුනි, චොකෝ කේක්, ටිරමිසු වගේ. ඒ කල්පනාවත් එක්ක ඉතින් පෙර සූදානමක් විදියට තැනක් දෙකකුත් බලලා තිබ්බෙ. කොහොමහරි මේ සිකුරාදා, බැංකුවට එහෙම ගිහිල්ලා එන අතරෙ ගැහුවා කෝල් අර තැන් දෙකටම. ගහලා බැලුවා ඔ්පන්ද කියලා. බලලා ඉතින්.. එවෙලෙ ආස හිතුන ‘ජැග්රෝ’ එකට තමයි ඔ්ඩරේ දැම්මෙ. චොක්ලට් ස්විස් රෝල් (රු. 550), රාස්ප්බෙරි චීස් කේක් (රු. 780), පර්සියන් පිලාව් (රු. 1320), චිකන් ඇන්ඩ් බ්‍රොකෝලි ලසඤ්ඤා (රු. 1210).

දාලා.. ගෙදර ගිහිල්ලා.. අතපය, ඇඟපත එහෙම හෝදගෙන ලෑස්ති වුනා මග එන කෑම ටිකට වැඩේ දෙන්න අවශ්‍ය කරන දෑ පිළිවෙලක් කරන්න. පිඟන් කෝප්ප, හැඳි ගෑරුප්පු එහෙම..

සියල්ල එක තැනකට අරගෙන, රෙඩි වෙලත් විනාඩි 10කට විතර පස්සෙ තමයි කෑම ටික ආවෙ. හැබැයි ඉතින් පැක් එක අතට ගත්තත් හරි උණු උණුවට.. සුවඳ ගගහා..

ආයෙ, කාමරේට ගේනකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ.

ගෙනැල්ලා හරි හරියට පැක්ටික කඩලා, අසාවට පොටෝ එකකුත් ගහලා.. මුලින්ම කේක් දෙක කලා පැත්තකට. කරලා වැඩේට බැස්සෙ ‘පිලාව් රයිස්’ එකන්.

“ෂැහ්, මරුනෙ. දාලා තියෙනවා මදි නොකියන්න මුද්දරස්පලම්, කජු, රට ඉඳි එහෙම. ඒ නිසාමද කියන්න දන්නෙ නෑ බතේ පැණිරස ගතිය නම් ටිකක් වැඩියි. ඒත් කටට රහට කන්න පුලුවන්. ම්.. එකම අවුල තමයි චිකන් මදිකම. අනේ ඇඟිලි පුරුකක් විතර සයිස් චිකන් කෑලි 7, 8යි යාළු තිබ්බෙ. අනිත් කාරණය තමයි ඒ පැණිරස නිසාම, පදමකට දාපු කුළුබඩු රසත් එහෙම පිටින්ම යට ගිහින්..”

ඉතින් අවසානය වෙද්දි නම් තේරුනේ වැඩේ හරිම පාඩුයි කියලා.

ඒක එහෙම වෙලා හිත හදාගන්න බෙදාගත්තනෙ ලසඤ්ඤා එකෙන් පලුවක්..

“චිකේ.. ඒක! තනිකර ක්‍රීම් චීස් සහ චෙඩර්. තක්කාලිත් නෑ. නිකම් පෑන් ෆ්‍රයි කරපු පොඩි පොඩි චිකන් කෑලි විතරයි.. අනික ගාණෙ හැටියට පෝෂන් එක? චිකන් කියලත් එක තට්ටුවයිනෙ.” වැඩක් නෑ කියලා හොඳේ.. අන්තිමට දවල් දවසෙ නිකම් බඩගින්නෙ හිටියා වගේ. 

යකා නැගලා ගත්තා චොක්ලට් කේක් පීස් 2 අතට. අරගෙන බස බස ගාලා කාලා දැම්මෙ වෙන කරන්න දෙයක් නැති කමට. ඒක නම් ඉතින් අවංකයෙන්ම පංකාදු ස්විස් රෝල් එක. හොඳ සොෆ්ට් එකට.. මැද්දෙ චොක්ලට්, ස්ට්‍රෝබෙරි මික්ස් පේස්ට් එකකින් ඇලවෙන්න.. ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරිත් ගෙඩි 4, 5ක්ම කපලා දාලා, ටොප් ආ..

ඒ කාලා මදි පාඩුවට ගත්ත චීස් කේක් එක?

“තූ විතරක්” චීස් තියා.. 

හැබැයි මදි නොකියන්න ක්‍රීම් චීස් සහ විපින්ග් ක්‍රීම් නම් තියෙනවා. රාස්ප්බෙරිත් සිරප් එක තමයි දාලා තිබ්බෙ. වෙලාවට පොඩි පොඩි බෙරි කෑලි ‌ටිකක් චොප් කරලා දාලා..

අනේ ඉතින්..

සත්තයි, ආයෙ නම් පැත්තවත් හැරිලා බලන්නැති ප්ලේස් එකක් තමයි  හොඳේ.


TIP

Try the waffles.

Address

No. 61, Ethul Kotte, Kotte.

Directions

It's quite difficult to miss, as soon as you turn to Ethul Kotte there's a small by road to your left.

Contacts

Report Inaccuracy

Closed right now


Similar Places

User Reviews
C
1

4/5

0

cs90

Nice atmosphere, clean, strawberries are tasty … some things are a bit pricey but its a nice place to hang out

N
1

1/5

1

Nuwan1981

I am unsatisfied with their service. I ordered 2 chocolate sundae and they have prepared other dessert for me. But I didn't accept it. But they charge 1200 from my card and I returned my dessert. I am a regular customer in that place and they didn't care about it. I was with my business client and both of us were unhappy with their service.

C
1

4/5

0

cs90

Nice atmosphere, clean, strawberries are tasty … some things are a bit pricey but its a nice place to hang out

N
1

1/5

1

Nuwan1981

I am unsatisfied with their service. I ordered 2 chocolate sundae and they have prepared other dessert for me. But I didn't accept it. But they charge 1200 from my card and I returned my dessert. I am a regular customer in that place and they didn't care about it. I was with my business client and both of us were unhappy with their service.

See 4 Comments