Artwork for U Pay - PickMe Dec  2018 -06.12.2018

3/5

Jasmine Song Restaurant

335, Galle Road, Mount Lavinia.


Kandy's finest Sri Lankan Chinese Restaurant is now open in Mount Lavinia.



“නුවර ගිය වෙලාවේ දුන්නා මචං නියම චයිනීස් කෑම පාරක්”

පහුගිය දවසක නුවර ගිය අපේ යාලුවෙක්ගෙ කයිවාරුව අහලා අපට එපා වෙලා හිටියේ. මිනිහා මේ කියවන්නේ නුවර පදිංචි වගේ ම යන එන අතර සෑහෙන්න ප්‍රසිද්ධ චයිනීස් කෑම කඩයක් වුණු “ජැස්මින් සෝන්ග්” එක ගැන. හැබැයි මිනිහගේ විස්තරේ අහලා, අපටත් මේකේ කෑමවල රස බලන්න සෑහෙන්න ඕනෙකමක් ඇතිවුණා. ඒත් ඉතින් ඒකයි කියලා වැඩ සේරම දාලා නුවර යන්නයැහ්.

සුමාන දෙකක් ගියේ නෑ අපට ආවා නියම ආරංචියක්. ඒ ජැස්මින් සෝන්ග් එකේ තවත් ශාඛාවක් ගල්කිස්සේ දාලාය කියන එක. ඉහවහා ගිය චිත්තප්‍රීතියෙන් යුතු ව අපි එක පයින් ම ගියේ ගල්කිස්ස දිහාට.

තැන

මේක තියෙන්නේ ගල්කිස්සේ. හරියට ම කිව්වොත් ගල්කිස්සේ උසාවියට විරුද්ධ පැත්තේ. තට්ටු දෙකකින් සමන්විත මේ රෙස්ටෝරන්ට් එක තවම සම්පූර්ණයෙන් ම හදලා ඉවරත් නැහැ. උඩ තට්ටුවේ තමයි කෑම බීම ගන්න ඉඩ සලස්වලා තියෙන්නේ. බොහොම පිළිවෙළට කළු පාට ලී බඩුවලින් සරසපු මේ මහලේ එක සැරේට තිස් දෙනෙක් ට වගේ සැපට වාඩිවෙලා කෑම ගන්න පුළුවන්.

කෑම බීම

ඕනේ ම චයිනීස් කෑම කඩයක තියෙනවා වගේ ලොකු මෙනුවක් ජැස්මින් සෝන්ග් එකෙත් දැකගන්න පුළුවන්. සීෆුඩ්, බීෆ්, පෝක්, චිකන්, මට්න් කෑමවර්ග පෙළක් ම මේකේ දැකගන්න පුළුවන්. හැම එකේ ම ස්මෝල් සහ ලාජ් පෝෂන් සයිස් තියෙනවා. බීම වර්ග විදියට නම් තියෙන්නේ තේ, කෝපි විතරයි. හැබැයි පිටින් සැර බීම ගෙනල්ලා මෙහෙන් බයිට් අරගෙන බොන්නත් (BYOB) පුළුවන්.

අපි ස්ටාටර් එක විදියට ගත්තේ “සෙසමි ප්‍රෝන් ටෝස්ට්” (රු.825) එකක්. උණුඋණුවේ ම මේසෙට ආව මේක අපි කාලා ඉවර කළේ තරගෙට වගේ. මේක හදලා තියෙන්නේ පාන් කෑලිවල ඇතුළට පුරවපු ඉස්සෝ මිශ්‍රණයක් බේක් කරලයි. කරස් සද්දෙට හැපෙන මේ ප්‍රෝන් ටෝස්ට් එක පට්ට ම රසයි. උඩින් තල ඇට ටිකකුත් දාලා හැඩ කරලා තියෙනවා. සෝයි සෝස්, චිලී පේස්ට් ටිකක් ගෑවිලා එද්දී මේක තවත් රසවත් වෙනවා.

ඊටපස්සේ අපි ඕඩර් කළේ “චිකන් චෝ ෆෑන් බත්” (රු.750) එකක්. මේකත් එක්ක කන්න අපි කරි දෙකක් ගත්තා. එකක් තමයි චයිනීස් කඩවල අපේ ජාතික ආහාරය වෙන හොට් බටර් කට්ල්ෆිෂ් (රු.950). රෙස්ටෝරන්ට් එකේ මැනේජර් මහත්තයා රෙකමදාරුවක් දුන්න නිසා, “පෝක් විත් ඩ්‍රයිඩ් රෙඩ් චිලීස්” (රු.750) එකකුත් අපි ඕඩර් කළා.

චිකන් චෝ ෆෑන් බත් එකේ කියන්න තරම් විශේෂයක් නැහැ. තම්බපු චිකන් මිශ්‍ර කරපු සාමාන්‍ය චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ. හැබැයි පෝෂන් සයිස් එක දෙන්නෙක්ට බඩ පැළෙන සයිස් එකට කන්න තරම් ඇති.

හොට් බටර් කට්ල්ෆිෂ් එක නම් අපට සුපිරියට ම අල්ලලා ගියා. මේකේ තිබුණා හොඳ ස්පයිසි ගතියක්. මේ හොට් බටර් කට්ල්ෆිෂ් එකේ රස කොච්චරක්ද කිව්වොත්, බොන්නත් සැර ජාතියක් තිබුණානම් කියලත් අපට හිතුණා. වටේ දැවටුමත් ගානට. කරස් සද්දෙන් හැපෙන්නේ. නියම හොට් බටර් කට්ල්ෆිෂ් එකක තියෙන්න ඕනේ ක්ලැසික් රස මේකෙන් අඩුවක් නැතුව ම අපට දැනුණා.

කිව්වත් වගේ පෝක් විත් ඩ්‍රයිඩ් රෙඩ් චිලීස් එකත් හොඳ රසයි. පෝක් කෑලි ගානට මෘදු ගතියට තිබුණා. වේලිච්ච රතු මිරිස්වලින් මේකට ලැබිලා තිබුණේ පට්ට ස්පයිසි රසක්. මේකේ හොද්දේ තිබුණු සැර රසට බත් බුසලක් තිබුණත් වගකියන්න පුළුවන් කියලයි අපට නම් හිතුණේ.

සර්විස් එක

ජැස්මින් සෝන්ග් එකේ තියෙන්නේ හරි ම සුහදශීලී සේවයක්. කෑම බීම ගැන අවබෝධයක් ලබාගන්න ඕනේ නම්, මේකේ මැනේජර් මහත්තයා ඒකට කියාපු එක්කෙනා. ඔයාගේ රසයට ගැලපෙන හොඳ ම කෑම වර්ග තෝරලා දෙන්න එයා සමත්. කෑම බීම සේරම ටික මේසෙට එන්න ගතවුණේ විනාඩි පහළොවක, විස්සක වගේ කාලයක්.

අවසාන වශයෙන්

ගල්කිස්ස හරියෙන් යන වෙලාවක, ලංකාවේ තාලෙට හදපු හොඳ චයිනීස් කෑම වේලක් කන්න ඕනේ නම්, ජැස්මින් සෝන්ග් පැත්තේ යන්න අමතක කරන්න එපා. මොකද මෙතැන ගාණත් සෑහෙන්න සාධාරණයි. කෑමත් නියම කොලිටියට තියෙනවානේ.


TIP

This place is not operational between 3.00 pm - 5.00 pm everyday.

Artwork for Frimi Shoutout banner

Address

335, Galle Road, Mount Lavinia.

Directions

Land side of Galle Road, opposite Mount Lavinia Court Complex.

Contacts

E-Mail Website Facebook

Report Inaccuracy

Closed right now

Cuisine

Sri Lankan Chinese

Price Range

More than Rs.1500

Dish Types

Eggs Fried Rice Beef Chicken Cuttlefish

Similar Places

User Reviews
K
2

5/5

0

karukkaruk

Jasmine Song is the next gen of the legendary Flower Drum - literally. It is run by the Flower Drum owners daughter and they have some of the old chefs from FD and its old recipes.

So for those who are nostalgic for the old FD favorites like the FD special fried rice or the Hot Butter Cuttlefish or the lemon chicken or even simply the original chili paste, Jasmine Song on Dickmans Road is the place to head. Some new dishes like the Singapore Chili Chicken are to die for.

K
2

5/5

0

karukkaruk

Jasmine Song is the next gen of the legendary Flower Drum - literally. It is run by the Flower Drum owners daughter and they have some of the old chefs from FD and its old recipes.

So for those who are nostalgic for the old FD favorites like the FD special fried rice or the Hot Butter Cuttlefish or the lemon chicken or even simply the original chili paste, Jasmine Song on Dickmans Road is the place to head. Some new dishes like the Singapore Chili Chicken are to die for.

See 1 Comment