Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2

3/5

Java Lounge

135 Jawatte Road, Colombo 5

Java Lounge in Jawatta has become our go to spot for casual meetings or we just want to grab a quick coffee. They've got an accessible location, some surprisingly good pasta dishes and coffee that hits the spot more often than not.

වැඩ ඇරිලා පොඩි වැඩකට තිඹිරිගස්යායට ගිය මම, ගෙදර යන්න හිතාගෙන ජාවත්ත පාරට හැරුණා විතරයි. පොල් ගෙඩි සයිස් එකේ වතුර බින්දු එක්ක තඩි වැස්සක් වැටුණයි කියන්නකෝ. කුඩයක් ඇත්තෙත් නැහැ. පාරේ වීල් දෙක තුනකට ම අත දැම්මට ඒ හැම එකේ ම සෙනඟ. ඔළුව නොතෙමී බේරගන්න පුළුවන් කඩපිළකට තිබුණේ ජාවා ලෞන්ජ් එක විතරයි. ආයේ දෙතුන් පාරක් හිතන්න ගියේ නෑ. පැන්නා පාර. දුවගෙන ගියා පාරේ එහාපැත්තෙ තිබුණු ජාවා ලෞන්ජ් එකට.

වාතාවරණය

ජාවත්තේ ජාවා ලෞන්ජ් එකේ තියෙන්නේ හරි ම නිස්කලංක ගතියක්. වෙහෙස මහන්සි වෙලා වෙච්ච දවසක් ඉවර කරන්න කියාපු තැනක් කියලයි මට නම් හිතුණේ. පසුබිමෙන් ඇහෙන ළා මියුසික් එකත් එක්ක, කුෂන් පුටුවක හොඳ සැපට වාඩිවෙලා, හොඳ කෝපි කෝප්පෙකුත් තොලගාන ගමන් හවස් වරුවක් ගෙවන්න මෙතැන නියමයි. වැස්ස නැති දවසක නම් මේකේ එළියේ තියෙන මේස පුටු ටිකෙත් ඉඳගන්න පුළුවන්.

කෑම බීම  

වැස්සෙන් බේරෙන්න ඕනේ කියන කපටිකමට මෙතැනට ආවට, වැස්ස පායනකන් ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ බකංනිලං ඉන්න එක හරි නෑනේ. ඒ නිසා මොනවහරි දෙයක් කාලා, කෝපි කෝප්පයක් බොන්න හිතාගත්ත මම කවුන්ටරේ උඩ තිබුණු මෙනුව පෙරළලා බැලුවා.

පැස්ටා, බර්ගර්, වොෆල් වගේ ජාතිත් එක්ක කේක් වර්ග කීපයක් මේ මෙනුවේ තිබුණා. බීම වර්ග විදියට තියෙන්නේ කෝපි, අයිස් තේ, ෆ්රැපේ, ෆ්‍රෙෂ් ජූස් සහ චොකලට් බීම වර්ග. තරමක බඩගින්නකුත් තිබුණු නිසා මං ඕඩර් කළේ “Fettuccine Alfredo with Shrimp” (රු.970) පැස්ටා එකක්. කෝපි උගුරක් බොන්න හිතාගෙන හිටියට මගේ හිත ගියේ අයිස්ඩ් චොකලට් (රු.530) එකට. කේක්වල රසත් බලන්න හිතුණු නිසා මං ටිරමිසු කේක් (රු.490) කෑල්ලකුත් ගත්තා.

මුලින් ම මේසෙට ආවේ අයිස්ඩ් චොකලට් එක. මේක නරක ම නැහැ. හැබැයි තවත් චොකලට් රස තිබුණානම් තමයි මං කැමැති. ගාණට කූල් කරලා තිබුණා. උඩින් විපින් ක්‍රීම් එක්ක චොකලට් සෝස් එහෙමත් දාලා. ඒ නිසා රස හොඳයි. හැබැයි මීට වඩා හොඳ වෙන්න තිබුණා චොකලට් තව ටිකක් වැඩිපුර දැම්මා නම්.

පැස්ටා එක නම් නියමෙට නැගලා ගියා. මේක උණු චීස්වල ගිලුණු පැස්ටා එකක්. තඩි ඉස්සෝ හත් අට දෙනෙක් ම හිටියා. ඒ විතරක් නෙවෙයි මෂ්රූම් එහෙමත් යහමින් දාලා තිබුණා. හප්පේ! මේකේ තිබුණු පාමේසන් චීස් තොගේ! නමේ තියෙනවා වගේ ම මේකට පාවිච්චි කරලා තිබුණේ ඇල්ෆ්‍රේඩෝ සෝස්. ඒ නිසා ෆෙයිටුක්සීන් පැස්ටාවලට වටේ චීස් ගතිය හොඳට අල්ලලා තිබුණා. පැස්ටාවලට කැමති අයට කිසි ම සැකයක් නැතුව රෙකමදාරු කරන්න පුළුවන් කෑමක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.

ටිරමිසු කේක් කෑල්ලත් මරු. උඩින් ම තිබුණේ කෝපි කුඩු තට්ටුවක්. මේකත් එක්ක කේක් එකේ තියෙන ස්පොන්ජි ගතිය මික්ස් වෙලා එද්දී හරි ම රසයි. කරකරපු කෝපි ඇට කීපයකුත් මේකට දාලා තිබුණා. ළා තිත්ත ගතියක් තිබුණට, කේක් එකේ රසත් එක්ක එකතු වුණා ම ඒක ගාණක් නැහැ.

සර්විස් එක

සර්විස් එක නම් ඇත්තට ම ගොඩක් හොඳයි. කෑම බීම තොරගනිද්දී එයාලගෙන් හොඳ සහයක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි එයාලා හරි ම සුහදශීලියි. සෙනඟ ඉඳපු වෙලාවක වුණත්, මගේ ඕඩරේ මේසෙට එන්න ගත වුණේ විනාඩි 15කටත් වඩා අඩු කාලයක්. සර්විස් එකේ තියෙන මේ ප්‍රියජනක බව, රෙස්ටෝරන්ට් එකට ගොඩවුණු වෙලේ ඉඳන්, එයින් පිටවෙලා යනකම් ම අඩුවක් නැතුව දැකගන්න ලැබුණා.

අවසාන වශයෙන්

කලින් කිව්වා වගේ ම, ජාවා ලෞන්ජ් කියන්නේ විඩාවෙන් පිරුණු දවසක් කෙළවර කරන්න හොඳ තැනක්. මොකද මෙහෙ තියෙන සැහැල්ලු ගතියට, ඒ මහන්සිය කොහේ ගියාද කියලා හිතෙයි. අනික ඔෆිස් එකේ පුටුව රත් කරලා එපා වෙච්ච වෙලාවක, පොඩ්ඩක් නිවී සැනසිල්ලේ වැඩ කරන්න ඕනේ නම්, මෙහෙට එන්න පුළුවන්. ලැප්ටොප් ප්ලග් කරගන්න වගේ ම, වයි-ෆයි පහසුකම් එහෙමත් ජාවා ලෞන්ජ් එකේ තියෙනවා. අනික කෑම බීමත් ගොඩක් හොඳයි. ගෙවන ගාණට වටිනාකමත් දෙනවනේ.

TIP

They have free WiFi, which is nice, but from what we experienced it can be excruciatingly slow at times.

Address

135 Jawatte Road, Colombo 5

Directions

Going up Thimbirigasaya, if you turn left on Jawatta it's just around the corner.

Contacts

Facebook E-Mail Website

Report Inaccuracy

Open until 10:30 PM

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Coffee

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3
Similar Places

User Reviews
A
2

1/5

0

AL2007

This place is NOT only heavily overpriced but the quality of beverages and food is NOT at all what one can expect. They sell an ice latte which is basically instant coffee, richlife milk and tons of ice cubes. By the time the ice melts, you basically have extremely watery coffee. There is no sugar and don't tell you to add sugar nor were there any sachets. Each latte is LKR 530.00 for crap they call ice latte. Then I asked for a slice of strawberry cheesecake which was this tiny piece of cake placed in a large box with No doily or anything. The box was so big when compared to the small piece of cake that it fell and all the topping was in the box. Shocking. Java Lounge prices are brought day light robbery given what you get for what the price you have to pay!!!!!!!!!!!!!!!!!!!!!!!

Avatar for Malinthe
21

1/5

0

Malinthe YAMU STAFF

It's just not worth it. Overpriced and underwhelming. The coffee here makes me wanna cry.

B
6

4/5

0

BaileyDar

This is a nice spot to hang out with friends for brunch. loved their food.

See 19 Comments