Artwork for New PickMe Flash banner 8 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee

4/5

Java Lounge (Bambalapitiya)

No 302, Galle Road, Colombo 04


We dropped in at the Java Lounge in Bambalapitiya the other day, and it's actually pretty good. They've got an accessible location, good coffee and some awesome desserts.



"අයිස් ක්‍රීම්ද, චීස් කේක්ද?"

මේ පහුගිය දවසක හවස් වරුවක මටයි මගේ යාළුවෙක්ටයි ඇතිවුණු ලොකුම ප්‍රශ්නයක්. ඒ වෙලාවේ අපි හිටියේ වැල්ලවත්තේ 7Stories බිල්ඩිම ඉස්සරහ. ලොකූවට දැනුණු බඩගින්නක් නැතත්, හවස ගෙදර යන ගමන් මොකක් හරි හොඳ අතුරුපසක් බඩට දාගන්න තමා අපි දෙන්නටම ඕනෙකම තිබුණේ. රියෝ එක පැත්තේ ගිහින් ලොකු අයිස් ක්‍රීම් එකක් කන්න ආසාවක් තිබුණත් ඒකට ටිකක් දුර වැඩියි කියලා හිතුන නිසා, අපට ඇවිදින දුරින් තිබුණු Java Lounge එකට ගොඩවෙන්න අපි තීරණය කළා. ඒ ජාවා ලෞන්ජ් එකෙන් අනිවාර්යෙන්ම හොඳ චීස් කේක් කෑල්ලක රස බලන්න ලැබෙන බව දැනගෙන හිටිය නිසා.

තැන

බම්බලපිටියේ කප්රුක කාර්යාලය ඇතුල් පැත්තෙන් පිහිටලා තියෙන ජාවා ලෞන්ජ් එක බොහොම සුව පහසුවට වාඩිවෙලා කෑම වේලක් රස විඳින්න පුළුවන් තැනක්. හැමවෙලේම කෑ කෝ ගාගත්ත ගාළු පාර අද්දර පිහිටලා තියෙන අවන්හලක් වුණත්, බොහොම සැහැල්ලු වටපිටාවක් මෙතැන තියෙනවා.

කෑම බීම

චීස් කේක් කෑල්ලක් කන්න හිතාගෙන මේ පැත්තට ඇදුණත්, ජාවා ලෞන්ජ් එක ඇතුලේ තිබුණු කෑමවල සුවඳට අපේ බඩගින්න වැඩිවුණා. ඒ නිසා තව කෑම බීම දෙක තුනක්ම ඕඩර් කරලයි අපි නැවතුනේ.

අපි ඕඩර් කරපු චිකන් අල් ෆෝනෝ ලසඤ්ඤා (රු.780) එක නම් පංකාදු පහයි. ලස්සනට තට්ටු අහුරලා ඒ අතරේ චිකන් යහමින් පුරවලා චීස් වැහෙන රසයෙන් යුතු වුණු මේ ලසඤ්ඤා එක දැක්කත් බඩ පිරෙනවා. අනික උණු උණුවෙන්ම පිළිගැන්වෙන නිසා මේකේ චීස් ගතිය බොහොම තදට දැනෙනවා. මුල ඉඳන් අන්තිම වෙනකන්ම කිසිම අඩුවක් නැතුව එක වගේ රස විඳින්න පුළුවන් ලසඤ්ඤා එකක් තමයි ජාවා ලෞන්ජ් එකේ මේ ලසඤ්ඤා එක.

පෙනුමෙන් සාමාන්‍ය පේස්ට්‍රි එකක් වගේ පෙනුනට, ජාවා ලෞන්ජ් එකේ ස්පයිසි චිකන් පෆ් කියන්නේ අනිවාර්යෙන්ම කාලා බලන්න ඕනේ කෑමක්. ගාණ නම් ටිකක් වැඩියි කියලා අපට නොහිතුනාම නෙවෙයි; රුපියල් 380ක්. ඒත් රස නම් අසමසමයි. ගාණ කෙසේ වෙතත්, ලෝබ නැතුව ස්පයිසි රසට චිකන් පුරවපු මේ චිකන් පෆ් එකට චිලී සෝස් ටිකක් එකතු වුණාම එන්නේ දිව පිනවන රසක්.

ජාවා ලෞන්ජ් එකට ගිහින් බ්ලූබෙරි චීස් කේක් (රු.460) කෑවේ නැත්තම්, ඇත්තමයි ඔයාගේ ඒ ගමනත් අසම්පූර්ණයි. මේ චීස් කේක් එකේ එක කෑල්ලක් හරි කාලා තියෙන අය දන්නවා අපි මේ කියන කතාව ඇත්ත වග. ඒ තරම් සුපිරි රසක් තමයි මේකේ තියෙන්නේ. ගෑරුප්පුවෙන් කටට ගන්න චීස් කේක් කෑල්ල බඩට යනවා නොතේරෙන තරමට මෘදුයි මේ බ්ලූබෙරි චීස් කේක් එක. මතුපිටින් දාලා තියෙන නැවුම් බ්ලූබෙරි පේස්ට් එක නිසා මේකේ රස තවත් වැඩිවෙනවා කියලා කියන්න පුළුවන්.

අපි බීම විදියට තෝරාගත්තේ චොකලට් ක්‍රීම් ෆ්‍රැපේ (රු.630) එක. ලොකුවට චොකලට් රසක් නොදැනුණත්, බොහොම තද කැරමල් රසක් මේ බීම එකේ තිබුණා.  අනිත් දේ තමයි බොහොම උකු ගතියක් මේකේ තිබුණා. හැබැයි මොළේ කැටි ගැහෙන තරමට කූල් කරලා තිබුණු නිසා එක දිගට බීගෙන යන්න නම් අමාරුයි.

සර්විස් එක

ජාවා ලෞන්ජ් එකේ සර්විස් එක ගොඩක් හොඳයි. අපි මෙතැනට පය ගහපු වෙලේ පටන්, කාලා බීලා අහවර වෙලා දොරින් පිටවෙන තුරුම ඒ සර්විස් එකේ මිත්‍රශීලී බව, ආචාරශීලී බව කිසිම අඩුවක් නැතුව අපට දැකගන්න ලැබුණා.

අවසාන වශයෙන්

ජාවා ලෞන්ජ් කියන්නේ විඩාවෙන් පිරුණු දවසක් කෙළවර කරන්න පුළුවන් හොඳ තැනක්. ගෙදර යන්න කලින් පොඩ්ඩක් මේ පැත්තට ගොඩවෙලා පොඩි කෑම වේලක් කාලා යන්න පුළුවන් නම්, හිතේ වගේම ගතේ මහන්සියත් අමතක කරලා දාන්න ඔයාලට පුළුවන් වෙයි.

 

Address

No 302, Galle Road, Colombo 04

Directions

Coming down Galle Road past the Bambalapitya Flats, Lava Lounge shares the premises with the Kapruka store.

Contacts

Website Facebook

Report Inaccuracy

Open 8:00 am - 11:30 pm

Price Range

Between Rs. 500 - Rs. 1000

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 6 Comments