Artwork for New PickMe Flash banner 15 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee

3/5

Java Lounge (Nugegoda)

High Level Rd, Nugegoda


The Nugegoda branch of the popular local cafe - the Java Lounge.



යන්තමට අටේ කණිසම වැදුණා විතරයි. කැපුවනේ ලයිට්! CEB එකට කෝල් කළා ම කියනවා එන්නේ හවස 5ටලු. ලැප්ටොප් එක ඕෆ් වෙන්න ඔන්න මෙන්න. ෆෝන් එක එතකොටත් ඕෆ් වෙලා. මේ වගක් දන්නවනම් ඊයේ රෑ ඔය සේරම චාර්ජ් කරලා තියෙනවනේ. 

අන්තිමට ගෙදර උන්දැයි මායි කල්පනා කළේ කොහෙහරි කැෆේ එකකටවත් ගිහින් ඔෆිස් එකේ වැඩ කරන්න. මොකද අපි තවම වර්කින් ෆ්‍රොම් හෝම්නේ. ඕකට තැනක් හොයද්දි තමයි මට නුගේගොඩ ජාවා ලෞන්ජ් එක මතක් වුණේ.

ලෝකල් කැෆේ චේන් සීන් එකේ බර කාලෙක ඉඳන් ඉන්න කෙනෙක් තමයි ජාවා ලෞන්ජ්. කොළඹ වටේ බ්‍රාන්ච් කීපයක් ම තියෙනවා. කෑම බීමටත් වඩා, කට්ටිය ජාවා ලෞන්ජ් යන්නේ ඒකෙ තියෙන නිස්කලංක වාතාවරණය නිසා කියලයි අපේ අදහස. මොකද ඔෆිස් එකේ වැඩක් පාඩුවේ කරගන්න වගේ ම, කොෆී ඩේට් එකකට, කැෂුවල් බිස්නස් චැට් එකකට, කට්ටියත් එක්ක ඕපදූපයක් කියවන ගමන් කෝපි කෝප්පයක් තොල ගාන්න මේක හොඳම තැනක්. 

තැන 

දැනට තියෙන ජාවා ලෞන්ජ් අතරින් පොඩි ම බ්‍රාන්ච් එක තමයි මේක. හැබැයි 10කට විතර එක සැරේ වාඩිවෙන්න පුළුවන් විදියට සීටින් ස්පේස් එක හදලා තියෙනවා. හැම මේසයක් ළඟ ම වගේ පවර් අවුට්ලට් තියෙනවා. WiFi නම් ටිකක් ස්ලෝ. හැබැයි අවුලක් නෑ ගෙදරින් ගෙනියන රවුටරේ වුණත් ගහගන්න පුළුවන්නේ. 

කෑම බීම 

අනිත් ජාවා ලෞන්ජ්වල වගේ මෙතන කෑම ෆ්‍රෙෂ් පිට හදන්නේ නැහැ. වීදුරු ෂෝකේස් එකක් පිරෙන්න පේස්ට්‍රි ජාති, සැන්විචස්, රැප්ස්, කේක් සහ ඩෙසර්ට්ස් වර්ග අපට දැකගන්න ලැබුණා.

මේ තියෙන්නේ Ham & Cheese Croissant (රු. 480) එක. මේකේ පේස්ට්‍රි එක හරි ම පෆී. ක්‍රිස්පි ගතියත් අඩුවක් නැතුවම තිබුණා. හැබැයි බටරි ගතිය මදි. ඒ නිසා පොඩි ඩ්‍රයි ටෙක්ස්චර් එකක් දැකගන්න ලැබුණා. හැබැයි ගෙවපු ගාණට වරදක් නැහැ. මොකද චීස් සහ චිකන් හැම් හොඳින් දාලා තිබුණනේ. 

Kochchi Chicken Sandwich with Cheese (රු. 650) එකත් සිරා. ඇස් දෙකෙන් සටපට ගාලා කඳුළු වැක්කෙරෙන තරමට මේකේ කොච්චි. ඒ වගේ ම චිකනුත් යහමින් දාලා. චීස් එකත් එක්ක ගැළපිලා එද්දී සැර ගතිය බාල කරගන්න පුළුවන්. එක ම අවුල වුණේ බ්‍රෙඩ් එක තමයි. ඒක හරි ම ඩ්‍රයිනේ. 

ඩෙසර්ට් එකට ගත්ත Blueberry Cheesecake (රු. 490) කෑල්ලත් රහට තිබුණා. ගොඩක් චීස් රස නම් නැහැ, ඒත් බොහොම ක්‍රීමි. 

බීමට අපි ගත්තේ Hot Chocolate (රු. 580) එකයි, Java Chip Coffee Frap (රු. 750) එකයි. Hot Chocolate එකේ කොකෝ රස උතුරන්න තිබුණත්, කිරිවල උකු ගතියෙ මදිකමක් අපට තේරුණා. ඔය Java Chip Coffee Frap කියන්නේ මම ජාවා ලෞන්ජ් එකට වැස්සකට ගොඩ වුණත් ගන්න බීමක්. ඒ තරම් රසයි මේක. කෝපි, කිරි, චොකලට් චිප්ස් සහ විපින්ග් ක්‍රීම් දාලා තමයි මේක හදන්නේ. මහන්සියට, තිබහට වගේ ම බඩගින්නට වුණත් බොන්න මරු බීම එක.

සර්විස් එක 

කවුන්ටරේට ඕනේ ජාති ටික කියලා බිලක් දාගත්ත ම ස්ටාෆ් එකේ කට්ටිය කෑම බීම ටික මේසෙට ගෙනල්ලා දෙනවා. ඕක තමයි ඕනේ ම ජාවා ලෞන්ජ් එකක නෝමල් ප්‍රොසෙස් එක. අනික මීට කලින් අපි ගිහින් තියෙන හැම ජාවා ලෞන්ජ් එකක ම වගේ තිබුණු වෙල්කමින් වයිබ් එක මෙතනත් තියෙනවා. ස්ටාෆ් එකේ කට්ටිය ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි.

අවසාන වශයෙන් 

ඇත්ත ම කිව්වොත් මේ  ජාවා ලෞන්ජ් එක්පීරියන්ස් එක ගොඩක් හොඳයි. යම් යම් අඩුපාඩු තිබුණත්, කෑම බීමවල තත්ත්වයත් වෙනදට වැඩිය ඉහළ තැනක තිබුණා. අනික වර්ක්-ෆ්‍රෙන්ඩ්ලි වයිබ් එකත් සෑහෙන්න හොඳයිනේ.


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment