Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

5/5

Jay's Kitchen (Online)

  • Closed right now


Jay's Kitchen is an online food delivery service. They deliver delicious meals to your doorstep at a reasonable price.



ලංකාවේ ගොඩක් අයට ගෙදර හදන කෑම තරම් දෙයක් නෑ. “ගෙදර හදන කෑම පට්ට”, “අම්මා හදන කෑම තරම් මොන කෑමවත් රස නෑ” වගේ කතා කට්ටිය කටට එනවට කීවට මොකද හැම ගෙදර ම හදන කෑම පට්ට නෑ; හැම අම්ම ම එකවගේ රසට කෑම උයන්න දන්නෙත් නෑ. දැන් ළගක දි ඉඳන් කොළම හැමතැන ම වැහි වැහැලා ඉන්න හෝම් බේකර්ස්ලා සහ හෝම්චෙෆ්ලාත් මෙහෙමම තමයි. සමහර අය පට්ට. ඒත් සමහර අය එච්චරම පට්ට නෑ.

ජේ’ස් කිචන් කියන්නෙත් මේ වගේ ගෙදර හදල කැම ඩිලිවර් කරන සර්විස් එකක්. දැන් මේක පටන්අරන් ටිකක් කල්. ඉතිං අපිත් ඕඩර් එකක් දාලා බැලුවා.

ඕඩර් කරන විදිය

අපි ඕඩර් කරන දවස්වල තිබුණේ පොඩි මෙනු එකක් වුණාට දැන්නම් ටිකක් ලොකු මෙනු එකක් තියෙනවා. ‍0773980433ට කෝල් කරලා වගේ ම එයාලගේ ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දාලත් ඕඩර් කරන්න පුළුවන්. අපි ඕඩර් එක දාලා වැඩි වෙලාවක් ගියේ නෑ; පහුවෙනිදා දවස් 12.30-1.00 වෙද්දි ඕඩරේ එවන්නම් කියලා රිප්ලයි එකක් එවලා තිබුණා. කිව්ව වගේ ම පහුවදා හරියට ම දවල් 1.00 වෙද්දි බඩු අපේ ඔෆිස් එකේ.

කෑම

අපි ඕඩර් කරපු ස්ලොපි චිකන් ඇන්ඩ් මෑෂ් (රු. 700) එකේ චිකන් එකට එන්නෙ තඩි චිකන් කෑල්ලකුයි මෑෂ්ඩ් පොටෙටෝයි. හොඳට මැරිනේට් කරල තිබුණු චිකන් කෑල්ල ඇතුලෙ රෝස පාට ගතිය ඉතිරිවෙන්න ගානට බේක් කරලා තිබුණා. මේකේ පොඩි ඔරිගානෝ රසක් තියෙනවා. මෑෂ් පොටෙටෝ එකත් සෑහෙන බටර් එහෙම දාලා රසට හදලා තිබුණා. ලුණු, ගම්මිරිස් එහෙමත් ගානට.

ස්ටිකි පෝක් රිබ් (රු. 900) එක නම් පට්ට! බාබක්‍යු සෝස් ගොඩක නෑවිලා එන මේ රිබ්ස්වල මස් නිකම්ම ගැලවිලා එන ගානට නැතත් වැඩි අමාරුවක් නැතුව කට්ටෙන් ගැලවිලා එනවා. අනිත් එක මේ රිබ්ස්වල සෑහෙන්න මස් තියෙනවා. මේකත් එක්ක එන ගාලික් බ්‍රෙඩ් කෑලි ටික නම් ටිකක් පොඟලා තිබුණේ. ඒත් රසයි.

අවසාන වශයෙන්

ගෙදර/ ඔෆිස් එකේ දෙතුන් දෙනෙක් එකතුවෙලා පොඩි පාටියක් වගේ දාන්න හිතුනොත් මේක ඒ වැඩේට මරු. හැබැයි ඉතිං  දවසකට කලින් වගේ ඕඩර් කරන්න ඕන. කොළඹ අවට ඩිලිවරිත් ෆ්‍රී! ඩෙසර්ට් ගන්නව නම් කෑලි 6ක් වත් ගන්න ඕන නිසා අපට මේ පාර ඩෙසර්ට් මුකුත් ගන්න බැරිවුණා. හැබැයි ඊළග පාර නම් සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව මෙයාලගේ චොකලට් ගිනස් කේක් එක ට්‍රයි කරලා බලන්න ඕන. ඩාක් ස්ටවුටුයි චොකලටුයි එකතු වෙලා එද්දි කොහොම ඇද්ද, ම්ම්ම්…


TIP

Call them up 12 hours prior.

Closed right now

Cuisine

Western

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Beef Pork Chicken

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
4
Service Rating
5

Similar Places

User Reviews
P
2

5/5

0

pebbles001

Love love love the food from here! Ordered the Ribs and the chicken with mash and it was amazing !
Keep up the great work !

P
2

5/5

0

pebbles001

Love love love the food from here! Ordered the Ribs and the chicken with mash and it was amazing !
Keep up the great work !

See 6 Comments